සීතා දේවිය
(සීතා වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
සීතා | |
---|---|
![]() සීතා දේවිය දැක්වෙන සිතුවමක් | |
දේවනාගරී | सीता |
අනුබැඳිය | ලක්ෂ්මී දෙවියගේ අවතාරය දේවි |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | රාම |
දෙමාපියන් | භූ දේවීය (ආත්මීය මව) ජනක (හදාගත් පියා) සුනයනා (හදාගත් මව) |
සොයුරු/සොයුරියන් | සහෝදරිය (ජනක රජුගේ දියණිය වූ බැවින් සීතා දේවියගේ සොහොයුරියක් ලෙස සැලකේ.) මන්ධවී (ඥාති සහෝදරියන්) ශ්රුතකීර්ති (ඥාති සහෝදරියන්) |
දරුවන් | ලාවා කුෂා |
පාඨ ග්රන්ථ | රාමායණය සීතා උපනිෂද්(රාමායණයේ අනුවාදයකි) |
උත්සව | සීතා නවාමි ජානකී ජයන්ති විවාහ පංචමි |
උපත ලැබූයේ | වර්තමාන ජනක්පූර් ,නේපාලය |
නිරුක්තිය[සංස්කරණය]
සීතා දේවිය යනු රාමායණ නම් වීර කාව්‍ය එන රාම කුමරුන්ගේ ගේ බිරිඳයි. වාල්මිකි රාමායණය තුළ දැක්වෙන පරිදි ඇය භූ දේවියගේ දියණිය වන අතර ජනක රජුගේ නාමික දියණියයි. සීතා දේවියගෙන් පතිවෘතාව, ධෛර්යය පිළිඹිබු කරන බව හින්දු විශ්වාසයයි.ඇය ලක්ශ්මියගේ අවතාරයක් ලෙසින්ද, ඇතැම් මූලාශ්රවල ඇයගේ පෙර ජන්මය වේදවති ලෙසින්ද හැඳින්වේ.
තරුණ වියේ ඇගේ ස්වයම්වරයේදි රාම කුමරුන් පිනක නම් දුන්න බිඳ සීතා දේවිය තම පතිනිය කර අයෝධ්‍යාව වෙත රැගෙන යයි. එහෙත් රාම සමඟ වන වාසයට ගිය සීතා දේවියව ලංකාපුරයේ පාළකයා වූ රාවණ රජු පැහැර ගෙන යයි. වාමන සහ බ්‍රහ්ම වෛවර්ත පුරාණයට අනුව මායා සීතා නමින් ඇයගේ ඡායාව අර්ථ දක්වා ඇත. අග්නි දෙවියන්ට කන්නලව් කිරීමෙන් අනතුරුව සීතා දේවියගේ මායා ස්වරූපයක් නිර්මාණය වී රාවණ සමඟ ලංකාපුරයට පිටත් වී යයි.