මායාව

විකිපීඩියා වෙතින්

මායා (සංස්කෘත:माया, IAST: māyā) වචනාර්ථයෙන් මායාව හෝ ඇස්බැන්දුම ලෙසින් හඳුන්වන අතර එහි සන්දර්භය අනුව ඉන්දියානු දර්ශනයන්හි විවිධ අර්ථයන් ඇත. පසුකාලීන වෛදික ග්‍රන්ථවල මායාව ලෙස අදහස් කරන්නේ දේවල් පවතින බවක් පෙනෙන්නට තිබුණත් නමුත් ඒවායේ සත්‍යය පෙනෙන දේ නොවේ යන්නයි. මායාව යනු අධ්‍යාත්මික සංකල්පයක් වන අතර එමගින් අදහස් කරන්නේ එය නිරන්තරයෙන් වෙනස් වන අතර අධ්‍යාත්මිකව යථාර්ථවාදී නොවේ යන්නයි.

අද්වෛත වේදාන්ත දර්ශනයට අනුව මායාව යනු එමඟින් ප්‍රපංචයන්ගෙන් නිර්මිත ලෝකය යථාර්ථවාදීය යන විශ්වීය මුළාව නිර්මාණය කරන බලවත් ශක්තියකි. හින්දු ධර්මයේහි සෞභාග්‍යයට අධිපති ලක්‍ෂ්මී දේවියටද මායා ලෙසින් ආමන්ත්‍රණය කරයි.

නිරුක්තිය සහ නාමකරණය[සංස්කරණය]

මායා යනු අපැහැදිලි ව්‍යුත්පන්නය සහිත වචනයකි, බොහෝ විට පැමිණ ඇත්තේ මා යන මූලයෙන් වන අතර[1][2][3][4] එහි අරුත "මැනීම" යන්නයි.[5][6]

මොනියර් විලියම්ස් පවසන පරිදි, ඉපැරැණි භාෂාවන්ට අනුව මායා යන්නෙහි අර්ථය “ප්‍රඥාව සහ අසාමාන්‍ය බලය” යන්නයි. නමුත් වෛදික යුගයේ සිට මෙම වචනයේ තේරුම “මායාව, මෝහය, රැවටීම, වංචාව, උපක්‍රමය, මන්ත්‍ර ගුරුකම්, මායා කර්මය සහ ඇස් බැන්දුම යන අර්ථයෙන් හැඳින්විය. කෙසේ වෙතත්, පී. ඩී. ශාස්ත්‍රි පවසන්නේ මොනියර් විලියම්ස්ගේ ලැයිස්තුව “ලිහිල් අර්ථ දැක්වීමක්, නොමඟ යවන සාමාන්‍යකරණයක්” බවයි, පුරාණ වෛදික හා මධ්‍යතන යුගයේ සංස්කෘත ග්‍රන්ථ අර්ථ නිරූපණය කිරීමේදී නිවැරදි නොවේ යන්නයි. ඒ වෙනුවට, ඔහු යෝජනා කරන්නේ මායා යන්නෙහි වඩාත් නිවැරදි අර්ථය ආකාරය මිස මායාවක් නොවේ.

සනාතන ධර්මය[සංස්කරණය]

සාහිත්‍ය[සංස්කරණය]

වේදයන්[සංස්කරණය]

මායාවා වැනි මායාවට අදාළ සහ අඩංගු වචන බොහෝ විට වේද වල දක්නට ලැබේ. මෙම වචනවලට විවිධ අර්ථයන් ඇත, අර්ථ නිරූපණයන් සමඟ තරඟ කර ඇති අතර සමහර ඒවා ක්‍රි.පූ. 1 වන සහස්‍රයේ සහ පසුව ලියැවුණු දේවතාවන්ගේ නම් වේ. "ඇස්බැන්දුම, මායාව, බලය" යන පසුකාලීන යුගයේ සන්දර්භය තුළ ඍග් වේදයේ මායා යන වචනය භාවිතා කිරීම බොහෝ ගීතිකා වල දක්නට ලැබේ

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Jan Gonda, Four studies in the language of the Veda, Disputationes Rheno-Traiectinae (1959), pages 119-188
  2. [a] Tracy Pintchman (1994), The Rise of the Goddess in the Hindu Tradition, State University of New York Press, ISBN 978-0791421123, pages 3-4;
    [b] Donald Braue (2006), Maya in Radhakrishnan's Thought: Six Meanings other than Illusion, Motilal Banarsidass, ISBN 978-8120822979, page 101, Quote: "Etymologically, the term māyā is derived from the Sanskrit verbal root mā (...) Whitney says the primary meaning of √mā is 'to measure'. L Thomas O'Neil agrees in his helpful exposition of the ways and contexts in which māyā is used in the Rigvedic tradition."
  3. Adrian Snodgrass (1992). The Symbolism of the Stupa. Motilal Banarsidass. p. 29. ISBN 978-81-208-0781-5. The word māyā comes from the same root , "to measure", as does mātra, "measure", which in turn is etymologically linked to the Latin materia, from which our word "matter" derives. Materia not only relates to mater, "mother" and to matrix, but also to metiri, "to measure, to lay out (a place)", (...)
  4. Bangala Bhasar Abhidhaan (Dictionary of the Bengali Language) Shishu Sahitya Samsad Pvt Ltd. 32A, APC Road, Kolakata – 700009, Volume 2, p.1757 (ed. 1994)
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; wmahonytau32 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. Wilhelm Halbfass (1992), On Being and What There Is: Classical Vaisesika and the History of Indian Ontology, State University of New York Press, ISBN 978-0791411780, page 42 footnote 40
"https://si.wikipedia.org/w/index.php?title=මායාව&oldid=486793" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි