Jump to content

මහාදේවි

විකිපීඩියා වෙතින්
(ආදි පරාශක්ති වෙතින් යළි-යොමු කරන ලදි)

මහාදේවි
සර්වබලධාරි දෙවඟන
මාතෘ දෙවඟන, පර බ්‍රහ්මන්, මහාදේවී
18 වන සියවසට අයත් මහාදේවිගේ සිතුවමක්
සංස්කෘත පරිවර්තනයmahādevī
අනුබැඳිය
වාසභවනයමණිද්වීපය චින්තාමණී ගෘහ[1]
මන්ත්‍රයඕම් ඓම් හ්‍රීම් ශ්‍රීම් ක්ලීම්
ආයුධයපාෂ, අංකුශය, චක්‍ර, ශංඛය, ත්‍රිශූලය සහ වෙනත්
සංකේත
  • ඕම්
  • ශ්‍රී යන්ත්‍රය
වාහනයසිංහයා හෝ ව්‍යාඝ්‍රයා (ස්වරූප අනුව වෙනස් වේ)
පාඨ ග්‍රන්ථදේවී භාගවත පුරාණ, දේවී මාහාත්ම්‍ය, කාලිකා පුරාණ, ලලිතා මාහාත්ම්‍ය, ත්‍රිපුරා රහස්‍ය, සෞන්දර්ය ලහරී, ශිව පුරාණ, ශක්ත උපනිෂද්
උත්සවනවරාත්‍රී, වසන්ත පංචමී, දුර්ගා පූජා, ලක්ෂ්මී පූජා, ලලිතා ජයන්ති, ආඩි පුරම්

මහාදේවි (සංස්කෘත: महादेवी), ආදි පරාශක්ති, ආදි ශක්ති යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ ශක්ත නිකායට අනුව සර්වබලධාරි දෙවඟන හෝ දිව්‍යමය මවයි. මෙම සම්ප්‍රදායට අනුව, සියලුම දේව ස්වරූප විෂ්ණු සහ ශිව දෙවිවරුන් හා සැසඳිය හැකි මෙම එකම මහා දේවීයගේ ප්‍රකාශනයන් ලෙස සැලකේ.[2] ශෛවනයන් ඇයව දුර්ගා සහ පාර්වතී ලෙසින් සලකන අතර ශක්ත බැතිමතුන් දුර්ගා, භුවනේශ්වරී සහ ත්‍රිපුර සුන්දරී යන ස්වරූප ලෙසින් සලකයි.

මේ වීඩියෝ එකේ ගංගොඩවිල සෝම හිමියන් සරස්වතී කියන්නෙ බ්‍රහ්මගේ භාර්‍යාව.බ්‍රහ්ම බෞද්ධ ද කියලා.

මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදිය.හින්දූන්ගේ බ්‍රහ්ම නිර්මාණවාදය බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා වුනාට  හින්දූන්ගේ බ්‍රහ්ම නිර්මාණවාදය ඇති වන්නේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයකුගේ දෘෂ්ටිය නිසා.ඒ විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝකේ කාන්තාවන් බුදුන්වහන්සේගේ ධර්මයට අනුව නෑ වගේම බුදුන්වහන්සේගේ කාලේ බ්‍රහ්මයාගේ බිරිඳ සරස්වතී බව පිලිගැනීම නොතිබු බවට දීඝනිකායේ තේවිජ්ජ සූත්‍රය සාක්ෂි දරනවා. සෝමහිමියන් බෞද්ධ සිද්ධාන්ත වලටත් නොගැලපෙන තර්කයක් තමයි දාන්නෙ

සරස්වතිය හින්දුය කියලා ඇයට ගරු කිරීම හින්දු ආගම ඇදහීමක් කියන්න

බ්‍රහ්මජාල සූත්‍රයෙ මහාබ්‍රහ්මයා ගැන සදහන් වෙලා තියනවා

"මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.

41

“ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් හා කලකිරීමක් ඇතිවෙයි. ‘වෙනත් සත්වයෝ ද මේ භවයට එත්නම් ඉතා හොඳය’යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවිය. ඉන් පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් වෙනත් සත්වයෝ ද ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත් ඔව්හුද එහි සිත හට ගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතුව ශුභ විමානයෙහි සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.

42

“මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. එකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලොක කර්තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම්වෙමි ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද, ලෝකයාගේ පියා වෙමි. මේ සත්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ’යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය, එබැවින් ඒ මගේ හිතේ ප්‍රර්ථනාවෙන් මේ සත්වයෝ මේ භවයට පැමිණියෝය’යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි- ‘මේ පින්වත් අය බ්‍රහ්මය, මහාබ්‍රහ්මය, සෙස්සන් මැඩපවත්වන්නෙකි, අනුන් විසින් මැඩනොපවත්වන්නෙකි, ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලොක කර්තෘය, ලෝකය මැවුම්කාරයෙක, උත්තමයෙකි, ලොව බෙදන්නෙකි, වසඟකර ගන්නෙකි, උපන් ලෝකයාගේ පියෙකි, මේ පින්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු’ යනුයි.

43

තෙවිජ්ජ සූත්‍රයෙ එකල බමුණන් ඇදහූ බ්‍රහ්මයා ස්ත්‍රීන් සමග වාසය නොකරන බව පැහැදිලිව කියනවා වගේම බුද්ධ කාලීන බ්‍රාහ්මණ ආගමට අනුව  බ්‍රහ්මයාගෙ බිරිද සරස්වතිය බව පිලිගත්තෙත් නැහැ

550

වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද? වැඩි සිටියාවූ මහලුවූ ආචාර්‍ය්‍ය ප්‍රචාර්‍ය්‍යවූ බමුණන් විසින් බ්‍රහ්මතෙම ස්ත්‍රීන් සමග වාසය ඇත්තේ හෝ ස්ත්‍රීන් සමග වාසය නැත්තේදැයි කියන ලද කථාවක් අසා ඇත්තේද?”

“භවද් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීන් සමග වාසය නැත්තේයි.

551 වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, කාම ආසා ඇති හෙයින් ස්ත්‍රීන් සමග වාසය කරන්නාවූ ඒ තුන්වේදය දත් බමුණෝ මරණින් මතු කාම ආසා නැති හෙයින්, ස්ත්‍රීන් සමග වාසයක් නැත්තාවූ බ්‍රහ්මයා සමග එක්වීමට පැමිණෙන්නාහුය යන මේ කාරණය ඇත්ත නොවේ.

මහා බ්‍රහ්මයා කියන දෘෂ්ටිය තුල ඉන්න කෙනා බෞද්ධ උපාසකයෙක් ඒ බව සනාථ වෙනවා බක බ්‍රහ්ම ජාතකය සහ බ්‍රහ්ම නිම්මත්තනික සූත්‍රය අධ්‍යනය කරාම

භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නගරය අසල සුභග වනයෙහි සල් රුක මුලැ වසන සේක. එ සමයෙහි බක නම් බ්‍රහ්මයා හට “මේ බඹලෝ නිත්‍යය, ධ්‍රැවය, ශාශ්වතය, කෛවල්‍යය, නොනැසෙන සුලුය. මෙය නො සෑදේ, නො දිරයි. නො මැරේ, නූපදී, මෙයින් අන්‍ය නිඃශරණයෙක් (මෙයින් මිදී යන තැනෙක්) නැතැ යි මිථ්‍යාදෘෂ්ටියෙක් උපන. භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහු ගේ අදහස දැන, උන් තැනින් අතුරුදහන් ව ක්ෂණයෙකින් බඹ ලොවැ පහළ වූ සේක. බඹා භග්‍යවතුන් වහන්සේ දැක,

නිදුකාණනි, වඩිනු මැනැව. ඔබගේ මෙහි ඊම ස්වාගත ය. ඔබ මෙහි වැඩියේ කලෙකිනි. නිදුකාණෙනි, බඹ ලොව වනාහි නිත්‍ය ය, ධ්‍රැව ය. ශාශ්වත ය, කෛවල්‍යය, නො නැසෙන සුලුය, මෙය නො සෑදේ. නො දිරයි, නො මියෙයි, නො සැවේ, නූපදී, මින් ච්‍යුත ව යෑමෙක් නැතැ” යි කී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු ගේ ප්‍රකාශය වරද බව, ඔහු අවිද්‍යායෙන් අන්ධ ව මෙසේ සිතන බව වදාළ සේක. එ කල මාර තෙම එක්තරා බඹක් හු සිරුරැ ආවිෂ්ට ව “මොහුට ගර්හා නො කරව. මහණ, මේ බ්‍රහ්මයා ය, මහා බ්‍රහ්මය, සියල්ල මැඩැ ගෙන ඉන්නේ ය. කිසිවක් හු විසිනුත් අනභිභූත ය, සියල්ල ඒකාන්තයෙන් දන්නේ ය. වශවර්ත්තී ය. ඊශ්වර ය, කාරක ය, නිර්මාපක ය, ශ්‍රෂ්ටා (සියල්ල සාදන්නා) ජේතෘ ය, සියලු උපනුන් උපදනාවුන්ගේ පීතෘ ය. මහණ, තට පූර්වයෙහිත් පෘථිව්‍යාදියට ගැරැහුවෝ, පිළිකුල් කළ මහණ බමුණෝ වූහ. එහෙත් පෘථිවි, අප්, තේජස්, වායු, භූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම යන මොවුනට ගරහා මරණින් පසු අපාය භාග් වූහු. එහෙත් ඒ පෘථිව්‍යාදීන් නො ගැරැහූ මහණ බමුණෝ මරණින් පසු බඹ ලොව්හි උපන්හ. එ බැවින් මම් තට කාරණයක් කියමි. එය කරව, පින්වත, මේ බඹහු කියන්නක් කරව. මොහු ගේ වචන නහමක් ඉක්මව. ඉදින් තෝ එය ඉක්මවන්නෙහි නම්, වෙත එන ශ්‍රීය දැක මොහොලක් ගෙන පලවා හරින්නා වැන්න. මහණ ප්‍රපාතයක වැටෙන්නේ, අතින් ගන්නට හෝ පය රඳවන්නට කිසිත් නොලදොත්, එහි වැටෙන්නේ මය. එසේ ම තා බඹහු කියන්නක් ඉක්මුවහොත් තට වනසෙක් වන්නේ ය. එබැවින් මෙම බඹහු කියන්නක් කරව. මොහු බස නො ඉක්මව. මේ බඹහු පුදා යශසින් හා ශ්‍රීයෙන් බැබළෙව” යි කී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ ඔහු දැන, “පාපීය, තා අඳුනමි, මා තා නො දනිතැ යි නො සිතව. මේ බඹාත් සෙසු බඹ පිරිසත් තා අත් අඩංගුයෙහි ය. තා වශයෙහි ය. ඒ තෝ මා තගේ අතට හසු වූයෙකැ යි නො සිතව. මම් වූ කලී, පාපීය, තා අතට නො හසු වූයෙකිමි. තා වශයට නො ගියෙකිමි” වදාළ සේක.

මෙ සේ වදාළ කළ බක බ්‍රහ්ම තෙම,

“නිදුකාණෙනි, මම් වනාහි නිත්‍යයක් ම නිත්‍ය යැ යි, ධ්‍රැවයක් ම, ධ්‍රැවයැ යි, ශාශ්වතයක් ම ශාශ්වත යැ යි, කෛවල්‍යයක් ම කෛවල්‍ය යැ යි, නො මැරෙන සුල්ලක් ම නො මැරෙන සුලු යැයි, දැනුම් දිරුම් මැරුම් සැවුම් නැත්තක් ම ඒ නැතැ යි, මින් අන්‍ය වූ මත්තෙහි නො මැති නිඃශරණයක් නො මැතැ” යි කියමි. යුෂ්මත් ද මින් අන්‍ය නිඃශරණයක් නො ම දක්නෙහි ය. එය සොයන්නට යෑමෙන් තොර වැ යුෂ්මත් පෘථිවි අප් තේජස් වායු භූත දේව ප්‍රජාපතී බ්‍රහ්ම යන මොවුන් දැඩි කොට ගෙන සිතින් එහි ලග්නෙහි නම්, මට ළංව අරක් ගෙන සිටින්නෙහි ය. මම් ද යුෂ්මත්හු කැමැතියක් කරන්නෙමි. සෙස්සන් හැර යුෂ්මත්හු ඇතුළත් කර ගන්නෙමි” යි කී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ “මොහු ගේ මානය බිඳිමි” යි සිතා, “බ්‍රහ්මය, පෘථිවි අප් තේජස් වායු භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම යන මොවුන් දැඩි කොට සිතින් ගෙන මොවුන් කෙරෙහි සිත ලග්වම් නම් මා තට ළංව ඉන්නකු බව, තට අරක් ගත්තකු වන බව, තා සිය කැමැත්තක් මට කැර ලන බව, සෙස්සන් පිටත් කොට මා ඇතුළත් කැරැ ගන්නා බව දනිමි. එහෙත්, බ්‍රහ්මය. බක බ්‍රහ්ම මේ තරම් තෙදැත්තෙකැයි නො සිතමි. මම තාගේ ගතිය ද ච්‍යුතිය ද දනිමි” යි වදාළ සේක.

“නිදුකාණෙනි, යුෂ්මත් කෙසේ මගේ ගතිය ච්‍යුතිය දන්නෙහි දැ?”යි බක බ්‍රහ්ම ඇසී.

එ බස් අසා භාග්‍යවතුන් වහන්සේ “රිවි සඳු දෙදෙනා දිශාවන් බබුළුවමින් ඇවිදිනා තාක් වැනි දහසක් ලෝක ධාතුව තාගේ වශයෙහි පවතී. තෝ මෙතෙක් තන්හි හීන ප්‍රණීත සත්ත්වයන් දනිහි. සරාග විරාග ද සතුන් දනිහි. උපදනවුන් මැරෙනවුන් දනිහි. අත් බවට ඊමත් ඉන් යෑමත් දනිහි. තා දන්නේ මෙතෙක් ය බ්‍රහ්මය, මෙසේ තගේ ගති ච්‍යුති සෘද්ධ්‍යානුභාව ප්‍රමාණයෙන් මම දනිමි. බ්‍රහ්මය, තා නොදන්නා නොදක්නා කාය තුනෙක් ඇත. එය මම් දනිමි. බ්‍රහ්මය, තා සිට ආ තැන වූ, බොහෝ කල් ගත වූ බැවින් තට සිහි නැති ආභස්සර නම් බ්‍රහ්මකායයෙක් ඇති. මම් වනාහි එය දනිම්, දකිම්, මෙ සේ ඒ දැනීමෙන් තෝ මට නො සමය. එසේ කලැ එයින් මගේ තට මිටි බවෙක් කොයින් වන්නේ ද? බ්‍රහ්මය. සුභකිණ්හ නම් බ්‍රහ්ම කායයෙක් ඇත. ඒ ද තෝ නො දනිහි. නො දකිහි. මම් වූ කලි එය දනිමි, දකිමි. වේහප්ඵල නම් බ්‍රහ්ම කායයෙක් ඇත. එය තෝ නො දනිහි, නො දකිහි. එය මම් දනිමි. දකිමි. මෙසේ බ්‍රහ්මය, තෝ මට නොසම ය. මගේ තට මිටි බවෙක් කොයින් ලැබේ ද? මේ හැම දෙයින් මම් තට වැඩි ම යැ” යි වදාළ සේක. වදාරා, පෘථිවි අප් ආදීන්ගේ තත්ත්වය තමන් වහන්සේ අවබෝධ කැර ඇති බවත්, බඹහු එය නොදත් බවත්, ඒ බඹහු තමන් වහන්සේට එයිනුත් පහත් බවත් වදාළ සේක.

බඹා කිසිත් කැරැ ගත නො හී “එසේ නම් මම තට අතුරුදන් වෙමි” යි කීය.

“හැකි නම් අතුරුදන් වව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

බඹ තෙම “අතුරුදන් වෙමි” යි තැත් කළේ ද, නො හැකි විය. කෙසේ සැඟවුණත් භාග්‍යවතුන් වහන්සේ ඔහු දක්නා සේක.

භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් වහන්සේ අතුරුදන් වන බව වදාරා සිය කථාව ඔවුනට ඇසෙන්නටත් රූපය නො පෙනෙන්ටත් සැලැස්වූ සේක.

බක බ්‍රහ්මයා ආදී සියලු බඹ පිරිස භාග්‍යවතුන් වහන්සේ ගේ මහර්ධිකතාව ගැන පුදුමයට හා විස්මයට පැමිණියහ.

ඉක්බිති මාර තෙම එක් බඹකුට ආවිෂ්ට ව “ඉදින් නිදුකාණෙනි, තෙපි මෙසේ දන්නහු නම්, තෙපි සම්‍යක්සම්බුද්ධ නම්, ශ්‍රාවකයන් ඇති නො කරවු. පැවිද්දන් ඇති නොකරවු. ඔවුනට දම් නො දෙසවු. ඔවුන් කෙරෙහි ඇල්ම නො කරවු. යුෂ්මත්නට පෙරත් “සම්‍යක්සම්බුද්ධය” යැ ප්‍රතිඥා කළ මහණ බමුණෝ වූහු . ඔහු සව්වන් ඇති කොට ඔවුනට දහම් දෙසා ඔවුන් කෙරෙහි ඇල්ම ඇතිකොට මැරී පහත් අත් බව්හි උපන්හ. එහෙත් යුෂ්මත්නට පෙර පහළ වූ සම්‍යක්සම්බුද්ධ යැ යි ප්‍රතිඥා කළ සව්වන් ඇති නො කළ මහණ බමුණෝ වූ කලි උසස් අත්බව්හි පිහිටියහ. එ බැවින් මම්, මහණ, තොපට කියම්, මන්දෝත්සාහ වවු. දෘෂ්ට ධර්ම සුඛවිහාරී ව වසවු. අන් හට බණ නො කීම යහපති. අන්හට ඔවා නො දෙවු”යි කී ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ “පාපිය, තා මම් දනිමි. නො දනිතැයි නො සිතව, තෝ පාපීය, මාරයෙහි ය. තෝ වැඩ කැමැති ව දයායෙන් මෙසේ නො කියහි ය” යන ආදීන් මාරයා ගරහා පලවා හැර. ඒ බඹ පිරිසට චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. දහසක් බඹුහු රහත් වූහ.

මේ කරුණු දැක්කාම පේනෙවා සම්පූර්ණයෙන් වැරදි කියලා සෝම හාමුදුරුවන් මතය.

ඍග්වේදයේ සරස්වතී ගැන ඇති නමුත් ඇය බ්‍රහ්මගේ භාර්‍යාව ලෙස කිසිතැනක දක්වා නැත.

මෙම ස්වාමීන් වහන්සේ හින්දු ආගමේ නිත්‍ය සුඛයි ආත්මයි ලෙස උගන්වන නිසා බුදුන්වහන්සේගේ ධර්මය අනුව සංස්කාර අනිත්‍ය නිසා හින්දු දෙවියන් මනංකල්පිත දෙවියන් ලෙස උගන්වයි.මෙයද වැරදිය.හින්දු ආගමට අනුව ඔවුන්ගේ සර්වබලධාරි ලෙස සලකන දෙවියන් මිසක් අනික් කිසිවක් නිත්‍ය සුඛ ලෙස සලකන්නෙ නැත.

බුදුන්වහන්සේගේ සමය වන ක්‍රි.පු පස්වන සියවස හෙවත් ජේසු ඉපදීමට පන්සිය වසරකට පෙර කාලයේ බ්‍රහ්ම විසින් ලොව මැවීම සංකල්පය සහ බ්‍රහ්මයා නිත්‍ය සංකල්පය තිබුන නමුත් විෂ්ණු දෙවියන් ගැන සහ ශිව දෙවියන් ගැන ඍග්වේදයේ ඇත්තේ සුලු වශයෙන් පමණි.විෂ්ණු ලොව රකින බවත් ශිව ලොව විනාශ කරන බවත් නොතිබුන අතර එම සංකල්ප ඇතිවුනේ ජේසු ඉපිද වසර හාරසිය පන්සිය ගාණකට පසු හෙවත් ක්‍රි.ව.4 වන 5 වන සියවසෙහිය. හින්දු ආගමේ වෛෛෂ්ණව ශෛව ශක්ති විවිධ නිකායන් පසුකාලීනව ඇතිවූ නිකායන් වේ.වෛෂ්ණවයන් විෂ්ණු දෙවියන් සර්වබලධාරි ලෙසත් විෂ්ණු හැර අනෙක් දෙවියන් නිත්‍ය නොවන බවත් ශිව සර්වබලධාරි ලෙසත් ශිව හැර අනෙක් දෙවියන් නිත්‍ය නොවන බවත් ශක්ති නිකාය අදහන්නන් ශක්ති දේවිය සර්වබලධාරි ලෙසත් අනෙක් දෙවියන් නිත්‍ය නොවන බවත් සලකති.

රසායන විද්‍යාවේ ශක්ති සංස්ථිති නියමයේ ශක්තිය මැවීමක් හෝ විනාශ කළ නොහැකි බව උගන්වයි.බුදුන්වහන්සේගේ ධර්මයට අනුව සියලුම සංස්කාර විනාශ වෙන නිසා ඉහත විද්‍යා සංකල්පය වැරදි නමුත් එදිනෙදා ජීවිතයේ භාවිතා කරන ශක්තීන් බොරුවක් වන්නෙ නැත.

හින්දු ආගමේ විෂ්ණු ශිව දෙවියන් සර්වබලධාරි කිරීම පසුකාලීනව පැමිණි මතයක් නිසා මෙන්ම බුදුන්වහන්සේගේ සමයේ සර්වබලධාරි සහ නිත්‍ය ලෙස සැලකුණේ බක බ්‍රහ්මයා විසින් තමා ගැන ඇතිකරගත් වැරදි දෘෂ්ටියක අනෙක් අය සමාදන් කිරීම නිසා ගංගොඩවිල සෝම හිමි හින්දු දෙවියන් මනංකල්පිත යැයි කීමට ගන්නා තර්කය වැරදි බව පෙනීයයි.

දෙවියන් වැදිම බුදුරජාණන්වහන්සේගේ ප්‍රතික්ෂේප කලේද?

දෙවියන් පිදීම මිත්‍යාවක්ද එසේ කිරිමෙන් මිත්‍යාදෘෂ්ඨික වෙනවද?

බොහෝ අය දරන මතයක් තමා දෙවියන් පිදීම නිසා මිත්‍යාදෘෂ්ටික වෙනවා හා තිසරණය කිලිටි වෙනවා මෙය කොතෙක් බුදු වදනට එකගඳ එසේ කවුරු හෝ කියන විට ඔබ ඒ ආකාරයෙන්ම පිලිගන්නට එපා මොකඳ සමහර අය සුත්‍ර පිටකයේ තථාගතයාණන් විසින් එසේ දෙසුවේදැයි නොසොයාම පිලිගන්නවා  එයින් වෙන්නෙ ඔබ බුදු හාමුදුරුවෝ නොකියු දෙයක් පිලිගන්නවා හා සමාන වෙනවා එම නිසා නිතරම මොනම හාමුදුරුවෝ කිවත් අහවල් පුද්ගලයා කිවත් එය තථාගත දේශනා දැයි හොඳින් විමසන්න. දෙයක් කියු පමණින් පිලිගන්නට එපා අපි බලමු බුදුහාමුදුරුවෝ කොහොමඳ කියා තියෙන්නෙ.

මහාපරිනිර්වාණ සූත්‍රය දික් සඟියමහා වර්ගය

“යාවකීවඤ‍්ච ආනන්‍ද, වජ‍්ජී යා තා කුලිත්‍ථියො කුලකුමාරියො, තා න ඔක‍්කස‍්ස පසය‍්හ වාසෙස‍්සන‍්ති, වුද‍්ධියෙව ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා, නො පරිහානි. (5)

“කින‍්ති තෙ ආනන්‍ද, සුතං: වජ‍්ජී යානි තානි වජ‍්ජීනං වජ‍්ජිචෙතියානි අබ‍්භන‍්තරානි චෙව බාහිරානි ච, තානි සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තෙසඤ‍්ච දින‍්නපුබ‍්බං කතපුබ‍්බං ධම‍්මිකං බලිං නො පරිහාපෙන‍්තීති?”

“සුතම‍්මෙතං භන‍්තෙ, වජ‍්ජී යානි තානි වජ‍්ජීනං වජ‍්ජිචෙතියානි අබ‍්භන‍්තරානි චෙව බාහිරානි ච, තානි සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තෙසඤ‍්ච දින‍්නපුබ‍්බං කතපුබ‍්බං ධම‍්මිකං බලිං නො පරිහාපෙන‍්තී”ති.

අනඳයෙනි, නුවර ඇතුළත ද පිටත ද වැදැ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑහු එයට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, එයට දුන් විරූ, කළ විරූ දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”

“වහන්ස, නුවර ඇතුළත ද බැහැර ද වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු එයට සත්කාර ගුරුකාර බුහුමාන පූජා කෙරෙත්, එයට දුන් විරූ කළ විරූ, දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය මා විසින් අසන ලදි.”

“අනඳයෙනි, නුවර ඇතුළතත් බැහැරත් වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, එයට වැදෑ රජුහු යම් තාක් සත්කාර බහුමාන පූජා කරන්නාහු නම්, එයට දුන් විරූ දැහැමි බලි නො පිරිහෙලන්නාහු නම්, ඒ තාක් ම වැදෑවනට වැඩිම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ඇවෙක්සිය යුතු” (6)

දෙවියන් පිදිම දෙවියන්ට ද්‍රව්‍ය පූජා කිරිම තථාගතයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කර නොමැති බව මේ ආනන්ඳ හිමියන් ඉදිරිපට වෑදැ රජුන්ට හිත පිණිස වන ඉති වජ‍්ජීනං සත‍්ත අපරිහානියා ධම‍්මා /රාජ්‍ය අපහානි නොවන ධර්මයන්ට ඇතුලත්ව දේශනා කර ඇත.

තවත් සුත්‍රයක් සලකා බලමු.

ලිච්ඡවිකුමාර සූත්‍රය අඞ්ගුත්තර සඟිය5. පඤ්චකනිපාතය2. දෙවැනි පණ්ණාසකය1. නීවරණ වර්ගය

පුන චපරං මහානාම, කුලපුත‍්තො උට‍්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක‍්ඛිත‍්තෙහි ධම‍්මිකෙහි ධම‍්මලද‍්ධෙහි යාවතා බලිපටිග‍්ගාහිකා දෙවතා සක‍්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති. තමෙනං බලිපටිග‍්ගාහිකා දෙවතා සක‍්කතා ගරුකතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම‍්පන‍්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. දෙවතානුකම‍්පිතස‍්ස මහානාම කුලපුත‍්තස‍්ස වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා, නො පරිහානි.

තේරුම

තවද මහානාමය, කුලපුත් උත්ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භොගයෙන් යම් පමණ පුද පිළිගන්නා දෙවියෝ ඇත් නම්, ඔවුනට (අග්‍ර යාගුභක්තාදීන්) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනා කෙරෙයි. පූජා කෙරෙයි සත්කාර ලත් ගුරුකාර ලත් මානනා ලත් පූජා ලත් පුද පිළිගන්නා දෙවියෝ “සැරදෙ, දිගා පල්නේ යැ”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, දෙවතාවන් විසින් අනුකම්පිත කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.

දෙවියන් පිදිම කොතනකවත් බුදුරදුන් ප්‍රතික්ෂේප කර නැති බව මෙහි සඳහන් සුත්‍ර පාඪ අනුව ඔබට හොඳින් පැහැදිලි වනවා ඇත. සියල්ල දන්නා තථාගතයාවහන්සේ යම් දෙයක් දැන නුවණින් ප්‍රකාශ කෙරේද එය උතුම්ය. මෙය මේ ආකාරව දත යුතුය.

අප දන්නා ආකාරය මෙය යමක් බුදුරදුන්  පවසන  ලද යැයි පැවසීමද භාග්‍යවතුන් වහන්සේ​ට කරන දෝෂාරෝපනයකි. මැනවින් සිහිනුවනින් විමසා බලත්වා. බුදුවරු කටට එන හිතළු නොපවසන බැවිනී.

👉දෙවියන්ගේ පිහිට සෙවීම.👈

-රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයෙන් -

බොහෝ බෞද්ධයෝ විෂ්ණු, කතරගම ආදි දෙවිවරුන්ට ද වැඳුම් පිදුම් කරති. ඔවුන්ගේ පිහිට සොයති. එයින් ඒ බෞද්ධයන්ගේ සරණ ගමනය කිලිටි වේ ය යි ද, බිඳේ යයි ද, ඇතැමුන් කියතත් එය එසේ ම ය යි නො පිළිගත හැකිය. ස්වශක්තියෙන් සිදු කර ගත නො හෙන දෙයක් එය සිදු කිරීම සමතකු ලවා කරවා ගැනීමේදී ඒ ඒ තැනැත්තාගේ තත්ත්වයේ සැටියට හා සිදු කරවා ගත යුතු කාරණයේ හැටියට ද ගරු බුහුමන් කරන්නට හා පුද පඬුරු ඔප්පු කරන්නට ද සිදුවේ. බොහෝ බෞද්ධයෝ ද දෙවියන්ගෙන් යමක් කරවා ගන්නට ලබා ගන්නට වුවමනා වූ විට එය කරවා ගනු සඳහා ලබා ගනු සඳහා දෙවියන්ට වැඳුම් පිදුම් කරති. එය රාජාදීන්ට වැඳුම් පිදුම් කිරීම වැනි ක්‍රියාවෙකි. දෙවියන්ට එසේ කිරීමෙන් සරණගමනය කිලිටි වෙතොත් බිඳෙතොත් රජුන්ට ඇමතියන්ට වැඳීමෙන් හා පඬුරු ඔප්පු කිරීමෙන් ද සරණ ගමනය කිලිටි විය යුතුය. බිඳිය යුතුය. නො බිඳෙන නො කිලිටි වන ලෝකෝත්තර සරණ ගමනය ඇත්තා වූ ආර්‍ය්‍යශ්‍රාවකයන් ද රජුන්ට වැඳීම, පුද පඬුරු දීම කරන බැවින් එයින් සරණ ගමනයට හානියක් නො විය හැකි ය. යම් කිසිවක් ඉටු කර ගැනීම පිණිස රාජාදීන්ට වැඳීමෙන් පුද පඬුරු දීමෙන් සරණගමනයට හානියක් නො වන කල්හි එබඳුම කරුණකට දෙවියන්ට වැඳීමෙන් පිදීමෙන් දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමෙන් ද සරණ ගමනයට හානියක් නො විය හැකිය. සරණ ගමනයට හානියක් වනුයේ අබෞද්ධයන් දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන්, රත්නත්‍ර‍යට වඩා දෙවියන් උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි.

එමෙන්ම මෙම වීඩියො එකේ තියෙන ගණ දෙවියන්ගේ ඇත් මුහුණේ කතාව සිංහල ජනප්‍රවාදය තුල පසුකාලීනව ඇතිවූ කතාවක් මිස හින්දු ආගමේ කතාවක් නොවේ.හින්දු ආගමේ විවිධ පුරාණ වල ගණ දෙවියන්ගේ ඇත් මුහුණ පිලිබදව විවිධ කතා ඇත.

හින්දු පුරාණයකට අනුව ශිව දෙවියන්ට කාශ්‍යප ඍෂි විසින් ඔබගේ ත්‍රිශූලයෙන් ඔබගේ පුතුගේ හිස වෙන්වීමට කළ ශාපයේ බලපෑම නිසා ශිව දෙවියන් නොමැති අවස්ථාවක දරුවකු ලෙස පාර්වති නිර්මාණය ගණේෂ අහංකාරයෙන් මත්ව ශිව යනු පියා බව නොදැන ඔහු සමග සටන් කිරීමට පැමිණි අවස්ථාවක ශිව දෙවියන් තම ත්‍රිශූලයෙන් පහර දී හිස වෙන්කළ පසු පසුව ඇත් හිසක් බද්ධ කර ගණදෙවිට ප්‍රාණය දුන් බව සදහන් වේ.

හින්දු ආගමට අනුව ශිවට දාව විෂ්ණුගේ ස්ත්‍රී ස්වරූපයට ලැබෙන දරුවා අයියප්පන් වේ.එමෙන්ම ස්කන්ධ කුමරුගේ මුහුණු හයක් සහ අත් දොළසක් ඇත්තේ ඔහුගේ ෂන්මුඛ ස්වරූපයේ පමණි.ස්කන්ධ කුමරුට ස්වරූප රැසක් ඇත.ඔහුගේ ඇතැම් ස්වරූප වල ඇත්තේ ඇස් දෙකකි.එමෙන්ම ගණ දෙවියන්ගේ ඇත් දළක් කැඩෙන්නෙ ඇතිවූ ඇත් මුහුණ ඇතිවීමෙන් අනතුරුව සිදූවූ පොරයක් නිසා නොව පරශුරාම ඍෂි විසින් කෛලාසය තුලට යෑමට ඔහුට ඉඩ නොදීමේ ප්‍රථිඵ්ලයක් ලෙස ඔහුගේ දළක් බිදීමෙනි.එමෙන්ම ඉහත දැක්වූ කතාවෙන් ගණ දෙවියන් මෝඩයකු බව පෙනී නොයන අතර දෙවියන්ට පවා අත්වැරැදීම් විය හැකි බව පෙන්වයි.ගණ දෙවියන් යනු ශිව පාර්වති යුවළ ස්කන්ධ සහ ගණේෂ හට කරදිය වළල්ල වටේ යෑමට කියනා විට ස්කන්ධ මුහුද වටේ යන විට ලුණු පොල්කට්ට වටේ ගිය කෙනෙකි.

එමෙන්ම ස්කන්ධ කුමරු වල්ලිව සොයා යන්නේ තේවානි අම්මා එපාවීමෙන් නොව වල්ලිගේ භක්තිය නිසා පෙළඹවීමෙනි.තේවානි සහ වල්ලි යනු ස්කන්ධ කුමරුව පතාගෙන ආ අම්‍රිතවල්ලි සහ සුන්දරවල්ලි දෙවඟනන් වේ.බෞද්ධ මූලාශ්‍ර අනුව ශක්‍රයාට බොහෝ භාර්‍යාවන් ඇත.

හින්දු ධර්මය

[සංස්කරණය]

ශිව පුරාණ පවසන්නේ ආදි පරාශක්තිය භෞතික ස්වරූපයෙන් පරමා ප්‍රකෘතිය ලෙස ශිව දෙවියන්ගේ වම් භාගයෙන් ප්‍රකට වූ බවයි. ආදි ශක්තිය සෑම විශ්වයකම සෑම පාර්වතී හා ශිව එක්වීමක් තුළින් සෑම විශ්වයකම ජීවයේ පරිණාමය ගෙන එන බව ලිංග පුරාණය පවසයි. ස්කන්ධ පුරාණය සහ මාර්කණ්ඩේය පුරාණය පවසන්නේ පාර්වතී දේවිය යනු ආදි ශක්තියේ බෞතික ස්වරූපය මෙන්ම නිර්මාණයේ දිව්‍යමය මාතාව බවයි.[3][4]

ශක්තයන් දේවිය අරුත් ගන්වන්නේ උත්තරීතර අවසාන සදාකාලික යථාර්ථය වන බ්‍රහ්මන් ලෙසයි. ඇය සියලු නිර්මාණයේ ප්‍රභවය වන අතර එය පවත්වාගෙන යන ශක්තිය සේම සියල්ල විනාශයට පත් කරන ශක්තිය යි. ඇය පුරුෂ ස්වරූපයෙන් ශිව ලෙස ප්‍රකට වූ අතර ශිව ඇයගේ අර්ධ භාගය යි.[5] ඇය ධර්මය ආරක්ෂා කිරීම සඳහා යම් යම් කාලයන් තුළ විවිධ ස්වරූප ප්‍රකට කරයි. ඉහළම අනුපිළිවෙලෙහි යෝගීන්ට අනුව, ඇය ජිවීන්ගේ ශරීරය තුල කුණ්ඩලිනියේ ස්වරූපයෙන් වාසය කරන ශක්තියයි.

වැදගත්කම

[සංස්කරණය]

පාර්වතී ලෙස පෙනී සිටීමට පෙර පරාශක්ති භුවනේශ්වරීය හිමාලය රජු ඉදිරියේ පෙනී සිටිමින් දිව්‍යමය, සදාකාලික ඥානය ඔහුට හෙළි කළ බව දේවි ගීතාව තුළ සඳහන් වේ. තමා ආරම්භයක් හෝ අවසානයක් නොමැති පරම, සදාකාලික සත්‍යය බව ඇය පැහැදිලි කළාය. සමස්ථ විශ්වයම ඇගේ නිර්මාණයකි. ඇය එකම ජයග්‍රාහිකාව වන අතර ජයග්‍රහණයේ ප්‍රකාශනයම වේ. ඇය ප්‍රකාශිත, ප්‍රකාශ නොවූ හා එය ඉක්මවා ගිය දිව්‍යමය තාවයකි. ඇය රජුට තම විශ්ව ස්වරූපය දර්ශන කළ අතර; සත්‍යලෝකය ඇගේ නළලෙහි පිහිටා තිබුණි; නිර්මාණය කෙරූ විශ්වය ඇගේ හිසකෙස් විය; සූර්‍යයා හා චන්ද්‍රයා ඇගේ නේත්‍රාය; ඇගේ කන්වල සතර දිශාවන් විය; වේද යනු ඇගේ වචන ය; මරණය, සෙනෙහස සහ හැඟීම් ඇගේ දසන් විය; මායාව ඇයගේ සිනහවෙන් ප්‍රකට විය.

ශක්ත පුරාණ තුළ

[සංස්කරණය]

දේවී භාගවත පුරාණය සඳහන් කරන්නේ ශිව දෙවියන් ඇයගේ “හ්‍රීම්" යන බීජ මන්ත්‍රය භාවිතා කරමින් වසර දහස් ගණනක් පුරා ඇය උදෙසා ධ්‍යාන වැඩූ බවයි. ආදි පරාශක්තිය ස්වරූපයක් රහිත (පරමාත්මය) සහ ස්වරූපයක් සහිත උත්තරීතර විඥානය ලෙසින් සැළකේ. ඇයගේ සහකාර තත්වයේදී (ස්වරූප සහිත) ඇය විශ්වයේ මෑණියන් ලෙස සියලුම ලෝකයන් ඉක්මවන සර්වලෝක මණිද්වීපය තුළ විරාජමානව සිටින බව පැහැදිලි වේ. ඇය මහාදේවිය වන අතර, අනෙක් සියලුම දෙවි දේවතාවුන් ඇයගේ විවිධ ස්වරූපයන් වේ.

गायन्ती दोलयन्ती च बालभावान्मयि स्थिते ।
सेयं सुनिश्चितं ज्ञातं जातं मे दर्शनादिव ।।
कामं नो जननी सैषा शृणु तं प्रवदाम्यहम् ।
अनुभूतं मया पूर्व प्रत्यभिज्ञा समत्थिता ॥

"මාගේ පෙර මතකයන් සියල්ල නැවත ලබාගනිමින් එතුමිය භගවතී බව හඳුනාගනිමි. මා මේ පවසන දේට අවධානයෙන් සවන් දෙන්න, මේ ආර්‍යාව අපගේ මෑණියන් ය."

— දේවී භාගවත පුරාණය සර්ග 03, පරිච්ඡේද 03, ශ්ලෝක 66:67
  • මාර්කණ්ඩේය පුරාණයේ දේවී මාහාත්ම්‍යම් තුළ ත්‍රීමූර්තිය ඇතුළු දේවතාවුන් ඇයව මෙලෙස ප්‍රශංසා කරයි.[6]

ඍෂ්ටි ස්ථිති විනාශානාම්
ශක්තිභූතේ සනාතනි ।
ගුණාශ්‍රයේ ගුණමයේ
නාරායනී නමෝස්තුතේ ॥

සියල්ල නිර්මාණය කරන, සංරක්ෂණ සහ විනාශ කරන, සමස්ථ ගුණයන්ගේ මූලය මෙන්ම ප්‍රතිමූර්තිය වන්නා වූ නාරායනියට අපගේ නමස්කාරය වේවා!

නිර්මාණයේ කාර්යභාරය

[සංස්කරණය]
  • දේවී භාගවත පුරාණය තෙවන සර්ගය තුළ දේවිය මෙසේ ත්‍රීමූර්තිය අමතයි.[7]

මා සහ දෙවියන් වහන්සේ (පුරුෂ) අතර සැම විටම ඒකීය භාවයක් පවති. කිසිම අවස්ථාවක මා සහ දෙවියන් වහන්සේ අතර වෙනසක් නොමැත. මා කවුද, ඒ පුරුෂ ය; පුරුෂ කවුද එ මා වන්නේය. ශක්තිය සහ ශක්තිය දරා සිටින්නා අතර වෙනසක් හට ගන්නේ මායාව හේතුවෙනි. අප අතර ඇති සියුම් වෙනස දන්නා පුද්ගලයා නිසැකයෙන්ම ප්‍රඥාවන්ත ය; ඔහු සංසාර බන්ධනයන්ගෙන් මුක්ත වන්නේය. සදාකාලික වෙනස් නොවන එකම දෙවියන් වහන්සේ (බ්‍රහ්මන්) නිර්මාණ අවස්ථාවේදි ද්විත්ව වන්නේය.

— දේවී භාගවත පුරාණය සර්ග 03, පරිච්ඡේද 06, ශ්ලෝක 02:03
  • ත්‍රිපුරා රහස්‍යට අනුව විශ්වයේ ආරම්භයට පෙර සිටියේ දේවිය පමණි. ඇය ත්‍රිදේවයන් නිර්මාණය කොට විශ්වය නිර්මාණය කිරීම ආරම්භ කළාය.

පූර්ව කාලයේ, නිර්මාණ අවධියේදී, ත්‍රිපුරා නම් විශ්ව විඥානය පමණක් පැවතියහ. ඇය හැර අන් කිසිවක් නොවීය. ස්වයං ස්වාධීන ශක්තියේ ප්‍රතිමූර්තිය වන ඇයට නිර්මාණය කිරීමට අවශ්‍ය විය; එවිට ඉච්චාව වර්ධනය විය. තෘෂ්ණාවෙන් ඥානය ඉපදී ක්‍රියාව ඇති විය. ඇයගේ ක්ෂණික බැල්මෙන් ත්‍රිත්වය ජන්මය ලැබීය. පශුපති ඉච්චාව නියෝජනය කරන අතර හරි ඥානය සහ බ්‍රහ්මා ක්‍රියාව නියෝජනය කරයි. ශංකරිය ඔවුන් දෙස බැලූ අතර ඔවුන් ස්වාභාවිකම ශක්තිමත් සහ සත්‍යවාදි විය.

— ශ්‍රී ත්‍රිපුරා රහස්‍ය (මාහාත්ම්‍ය ඛණ්ඩ), පරිච්ඡේද 10, ශ්ලෝක 18 to 22

වෛෂ්ණව

[සංස්කරණය]

සෞභාග්‍ය ​​දානය කරන්නිය, පද්මයන් හා සමාන නෙත් ඇති, සර්වඥ වූ, පරම යථාර්තය මෙනෙහි කරන්නිය, වැනි දහසක් නම් සහ ගුණ ඇති බවට ප්‍රශංසා කරනු ලබන ලක්ෂ්මී දෙවඟන ​​වෛෂ්ණව සම්ප්‍රදායේ මහාදේවිය ලෙසින් ගෞරවයට පාත්‍ර වේ.[8] ගරුඩ පුරාණය, භාගවත පුරාණය සහ ලක්ෂ්මී තන්ත්‍රය වැනි ග්‍රන්ථවල ලක්ෂ්මී දේවිය හඳුන්වන්නේ මහාදේවී ලෙසයි.

ආදි පරාශක්තියේ ස්වරූප

[සංස්කරණය]

ආදි පරශක්ති සාමාන්‍යයෙන් දැකිය හැක්කේ වියුක්ත දෙවඟනක් ලෙස ය. නමුත් ඇයගේ ස්වරූප පිළිබඳව දේවී භාගවත පුරාණ, කාලිකා පුරාණ, බ්‍රහ්මාණ්ඩ පුරාණ, දේවී මාහාත්ම්‍ය සහ ත්‍රිපුරා රහස්‍ය ආදියෙහි සඳහන් කොට ඇත. පාර්වති දේවිය යනු පරාශක්තියේ පූර්ණ භෞතික ස්වරූපයයි. එනම් පරාශක්තියෙ මනුශ්‍ය රුවයි.[9] පාර්වතිය තම පෙර ජන්මයේදි සතී දේවියයි. පාර්වතීය කරුණාවන්ත හා ආදරණීය මාතෘ දෙවඟනලෙස පෙන්වනු ලැබේ.

ශක්ති සම්ප්‍රදායන්ට අනුව දේවිය යනු සර්වබලධාරි දෙවියන් වේ. විශ්වයන් තුල සිටින බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන ත්‍රිමූර්තීන් ඇය යටතේ පවතින අතර ඔවුනට ඇයගේ ශක්තිය නොමැතිව ක්‍රියා කළ නොහැක. මේ අනුව, ඇය ආදි පරාශක්තිය වන බැවින් ඇය ශක්තිවාදයේ උත්තරීතර දේවිය හා ප්‍රාථමික දේවිය ලෙස සැලකේ. අද්වෛත වේදාන්ත ශක්තී වන්දනය අනුව කුමන දිව්‍යමය ස්වරූපයකට වන්දනා කරත් වන්දනා කරනු ලබන්නේ ආදි පරාශක්තියටයි. ඇගේ වතෙහි තාරකා මිලියන ගණනක දීප්තිය අඩංගු වන අතර ඇගේ අලංකාරය එතරම්ම විශිෂ්ට ය.

දේවී භාගවත පුරාණයේ ඇයව විස්තර කරනු ලබන්නේ භුවනේශ්වරී දේවියගේ ස්වරූපයෙනි. භුවනේශ්වරි යන්නෙහි අරුත වන්නේ අවකාශයට ඊශ්වරිය යන්නයි. ඇය පාශයක්, අංකුසයක් මෙන්ම අභය සහ වරද මුද්‍රාවන් පෙන්වමින් සිටි. ඇය බ්‍රහ්ම, විෂ්ණු, රුද්‍ර සහ ඊශ්වර පාද සතර වන කොට්ටය සදාශිව වන ආසනයක විරාජමානව සිටි.

කාලි කුල සම්ප්‍රදාය තුළ ආධ්‍යා කාලි දේවිය පරාශක්තියේ පරම ස්වරූපයයි. ඇය ශුණ්‍යතාව මෙන්ම ආරම්භයද පෙන්නුම් කරයි. ඇයගේ රෞද්‍ර ස්වරූපය ජිවින්ට සංසාරයේ යථාර්ථය පෙන්නුම් කරන අතර භක්තිකයන්ට පරම මුක්තියද දායාද කරන බව මහාභාගවත පුරාණය තුල දැක්වේ. ඇය විෂ්ණු දෙවියන්ට මධු-කෛතභ සංහාරය කිරීමටත් දුර්ගා දේවියට ශුම්භ-නිෂුම්භ සංහාරය කිරීමටත් උපකාරි වුවාය.

ශ්‍රී කුල සම්ප්‍රදායට අනුව ඇය ත්‍රිපුර සුන්දරී ස්වරූපයෙන් වර්ණනා කරයි. බ්‍රහ්මාණ්ඩ පුරාණයේ ලලිතා මාහාත්ම්‍යට අනුව මහාදේවියගේ පූර්ණ ස්වරූපය ලෙස ත්‍රිපුර සුන්දරී දෙවඟන දක්වා ඇත.

යෝගමායා

[සංස්කරණය]

මහාදේවිය යනු ඇත්ත වශයෙන්ම දෙවිවරුන් සඳහා මායාව නිර්මාණය කරන අතර ඔවුන්ට බ්‍රහ්මන් සමඟ සම්බන්ධ වීමට හැකි වන පරිදි කළ යුතු දේ සහ නොකළ යුතු දේ උගන්වයි. ලෝකය බේරා ගැනීම සඳහා යක්ෂයන් මධු සහ කෛටභ මරා දැමීමට ඇය විෂ්ණු දෙවියන්ට උපකාර කළාය. එපමණක් නොව, විෂ්ණු දෙවියන් ගුප්ත නින්දට රැගෙන යන්නේ ද ඇය වන බැවින් නාරායන දෙවියන්ගේ යෝගනිද්‍රාව ලෙසද හැඳින්වේ.

මහාමායා

[සංස්කරණය]

ඇය මායාවේ උපාදානය නැති කරන දෙවඟනයි. මායාව ඇතිකරන්නෙත් නැතිකරන්නෙත් ඇයමයි. ඇය යෝගමායාව විසින් පාලනය කරනු ලබන අතර එබැවින් යෝගමායාට යටත් වන අතර මායාවට උසස් වේ.

වන්දනය

[සංස්කරණය]

ශ්‍රී යන්ත්‍රය එහි අන්තර් සම්බන්ධිත ත්‍රිකෝණ නවය කුඩා ත්‍රිකෝණ 43ක් සාදන ආකාරය පෙන්වයි.

වක්‍රව හෝ සෘජුව සෑම කෙනෙකුම ඇයට නමස්කාර කරන බව ශක්ත බැතිමතුන් ප්‍රකාශ කරයි. යමෙක් ජීවිතයේ ධනාත්මක අංශ සඳහා තම ශක්තිය භාවිතා කරන විට, ඔවුන් ඇයට නමස්කාර කරයි. ශක්තයන් උපකල්පනය කරන්නේ, ඇය පරම ශක්තිය ලෙසයි, එබැවින් යමෙකු තම අභ්‍යන්තර ශක්තිය ඉහළ නංවා ගන්නේ කෙසේදැයි දන්නා විට සහ එදිනෙදා වැඩ සඳහා එම ශක්තිය සමතුලිත කරන්නේ කෙසේදැයි දන්නා විට අවසානයේ ඔවුන් ඇයට නමස්කාර කරයි. ස්වාමි විවේකානන්ද වැනි බොහෝ විද්වතුන් මානසික අපිරිසිදුකම නැවැත්වීම සඳහා භාවනාව හොඳම කරමය ලෙසින් ප්‍රිය කරයි, ඔවුන් ශුද්ධ භාවනාව සියලු මානසික කෙලෙස් දහනය කිරීමට උපකාරී වන බවත්, තමාගේ ශක්තිය දැන ගැනීමට සර්වබලධාරි මාතාවට නමස්කාර කිරීමට හොඳම ක්‍රමය බවත් ප්‍රකාශ කරයි.

විශේෂණ

[සංස්කරණය]

මහාදේවිය බොහෝ නම් වලින් හඳුන්වයි. ඇය පොදුවේ හඳුන්වනු ලබන්නේ මූල ප්‍රකෘති ('ප්‍රාථමික පදාර්ථය') සහ මහාමායා ('මහා මායාව') ලෙසිනි.[10] දේවි භාගවත පුරාණයේ සහ ලලිතා සහස්‍රනාමයේ මහාදේවිගේ නොයෙක් විරුදාවලියන් විස්තර කෙරේ. මෙම නම්වලට ඇගේ දිව්‍යමය හා විනාශකාරී ලක්ෂණ ඇතුළත් වේ.[11]

වෙනත් දෙවිවරුන් සමඟ සම්බන්ධය

[සංස්කරණය]

ශක්ති ධර්මයට අනුව සමස්ථ දෙවියන් බ්‍රහ්මයන් ආදි පරාශක්තියේ ස්වරූපයි. ඒ අතරින් නව ග්‍රහ මණ්ඩලය සහ විෂ්ණු දස අවතාර වලට පරාශක්තියේ ඇති සම්බන්ධතාව විශේෂ කොට දැක්වේ.

දුර්ගා දේවියගේ නවදුර්ගා ස්වරූප නව ග්‍රහ මණ්ඩලයට ශක්තිය ලබා දේ.

  • කුෂ්මාණ්ඩා දේවිය හිරුට ශක්තිය ලබා දේ.
  • මහාගෞරි දේවිය රාහුට ශක්තිය ලබා දේ.
  • කාලරාත්‍රී දේවිය සෙනසුරු පාලනය කරනු ලබයි.
  • සිද්ධිදාත්‍රී දේවියට කේතුට ශක්තිය ලබා දේ.
  • කාත්‍යායනී දේවිය ගුරු ග්‍රහයාට ශක්තිය ලබා දේ.
  • බ්‍රහ්මචාරිනී දේවිය කුජට ශක්තිය ලබා දේ.
  • චන්ද්‍ර ග්‍රහයාගේ ශක්තිය දරා සිටින්නේ ශෛලපුත්‍රී (පාර්වතී) ස්වරූපයයි.
  • ස්කන්ධ මාතාව බුධ ග්‍රහයා පාළනය කරනු ලබයි.
  • සිකුරු ග්‍රහයා පාලනය කරනු ලබන්නේ චන්ද්‍රඝණ්ටා දේවියයි.

මෙලෙස නවදුර්ගා ස්වරූප වලින් නව ග්‍රහයන් පාලනය කරත් ග්‍රහ දෝෂ සඳහා පොදුවේ දුර්ගා දේවිය වන්දනා කරනු ලබයි.

දස අවතාර සමඟ

[සංස්කරණය]

පරාශක්තියේ දස මහාවිද්‍යාවන් විෂ්ණු දස අවතාර වල ශක්තිය වේ.

දස මහාවිද්‍යා
මහාවිද්‍යා සමග අනුරූප අවතාර දහය
අංකය දේවියගේ නම අවතාරයේ නම
1. කාලී කෘෂ්ණ
2. තාරා (දේවී) රාම
3. ත්‍රිපුර සුන්දරී වාමන
4. භෛරවී වරාහ
5. භුවනේශ්වරී කල්කී
6. චින්නමස්තා නරසිම්හ
7. මාතංගී පර්ශුරාම
8. බගලාමුඛී කුර්ම
9. කමලාත්මිකා බලරාම
10 ධූමාවතී මත්ස්‍ය

සටහන්

[සංස්කරණය]
  1. ^ Sitaramiah,, Pavani (1993). Sri Kalahasti Easwara Mahima. Pavani Sitaramiah. p. 90.{{cite book}}: CS1 maint: extra punctuation (link)
  2. ^ Hay, Jeff (6 මාර්තු 2009). World Religions (ඉංග්‍රීසි බසින්). Greenhaven Publishing LLC. p. 284. ISBN 978-0-7377-4627-3.
  3. ^ Shastri, J. L. (1970). English translation by J. L. Shastri (ed.). The Shiva Purāṇa (includes glossary) – via Wisdom Library.
  4. ^ Shiva Mahapurana | Gitapress Gorakhpur
  5. ^ Dikshitar 1999.
  6. ^ "Matri - Dhyan - Anandamayi Ma". www.anandamayi.org. London 1998: Shree Shree Ma Anandamayee Devotees.{{cite web}}: CS1 maint: location (link)
  7. ^ "Cosmology". Integral Yoga of Sri Aurobindo & The Mother (ඉංග්‍රීසි බසින්). 9 මැයි 2009. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2021.
  8. ^ "Lakshmi Sahasranama Stotram - Hindupedia, the Hindu Encyclopedia". www.hindupedia.com. සම්ප්‍රවේශය 8 මැයි 2022.
  9. ^ Kinsley, David (1998). HinduGoddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition (ඉංග්‍රීසි බසින්). Motilal Banarsidass Publ. ISBN 978-81-208-0394-7.
  10. ^ Kinsley, David (1998). HinduGoddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition (ඉංග්‍රීසි බසින්). Motilal Banarsidass Publ. ISBN 978-81-208-0394-7.
  11. ^ Kinsley, David (1998). HinduGoddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition (ඉංග්‍රීසි බසින්). Motilal Banarsidass Publ. ISBN 978-81-208-0394-7.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මහාදේවි&oldid=721287" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි