ස්මෘති

විකිපීඩියා වෙතින්

ස්මෘති හෙවත් ‘මතකයෙහි පවත්නා දේ’ යනුවෙන් හදුන්වනු ලබනුයේ සුවිශේෂ හින්දු ආගමික ග‍්‍රන්ථ සමූහයකි. ස්මෘති යන්නෙන් සාමාන්‍යයෙන් ශ‍්‍රැතියට අයත් නොවන ග‍්‍රන්ථ හදුන්වන බැවින් ඒවා අධිකාරීත්වයෙන් ශ‍්‍රැතියට වඩා ද්විතීයික ලෙස සළකනු ලැබේ.


වර්ගීකරණය

ස්මෘති ග‍්‍රන්ථ වර්ගීකරණය කිරීම විවාදාත්මක කරුණක් වන අතර දැනට යෝජිත වර්ගීකරණ සම්බන්ධයෙන් පවා ගැටලූ පවතී. එයින් එක් වර්ගීකරණයක් පහත දැක්වෙයි.


1. ධර්මශාස්ත‍්‍ර හෙවත් නිති : මෙය ග‍්‍රන්ථ 18 කින් සමන්විත වන අතර එක් එක් ග‍්‍රන්ථය ඒ ඒ යුග හා සම්බන්ධ වේ.


2. ඉතිහාස : මෙහි ග‍්‍රන්ථ 4 කි. මහා කාව්‍ය හෝ මහාභාරත වීරකාව්‍ය සහ රාමායණය එයට අයත් වෙයි.


3. පුරාණ : ග‍්‍රන්ථ 18 ක් මගින් මෙය නියෝජනය වෙයි. මේවා ද්විතීයික ආගමික ග‍්‍රන්ථ සේ සැළකෙන අතර විෂ්ණු හෝ ශිව දෙවියන් වෙත විශේෂ අවධානය යොමු කරමින් සම්පාදනය වී ඇත.


4. වේදාංග : මෙය ශික්ෂා, ව්‍යාකරණ, චන්දස්, නිරුක්ත, ජ්‍යොතිෂ සහ කල්ප යන සය වර්ගයක ලේඛණවලින් සමන්විත ය.


5. ආගම හෙවත් ධර්ම : මෙය වෛෂ්ණව, ශෛව සහ සක්ත යන ප‍්‍රධාන අංශවලින් යුක්ත ය. තව ද මෙය මන්ත‍්‍ර, තන්ත‍්‍ර සහ යන්ත‍්‍ර යනුවෙන් ද වර්ග කළ හැකි ය.


6. දර්ශන : මෙය දාර්ශනික චින්තන නිකාය සයක් මගින් නියෝජනය කෙරේ. එනම් න්‍යාය, වෛශෙෂික, සාංඛ්‍ය, යෝග, පුර්ව මීමාංසා සහ උත්තර මීමාංසා යනුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=ස්මෘති&oldid=463613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි