ඍග් වේද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඍග් වේදය යනු දෙවියන් උදෙසා කැප කළ වේද සංස්කෘත ගීතිකා අඩංගු පුරාණ ඉන්දීය පුණ්‍ය ග්‍රන්ථයකි.එය හින්දු ආගමේ වේද ලෙස හැඳින්වෙන ආගමික කෘති සතර අතරින් එක් කෘතියක් ලෙස සැලකේ. ඊට ලොව පුරා හින්දු බැතිමතුන් ඉතා ගරු කොට සලකති. එහි අඩංගු පද්‍ය කන්නලව් , ආගමික අවස්ථා සහ වෙනත් සුබ අවස්ථාවලදී ගායනා කරනු ලැබේ. මෙය දැනට ලොව පැරණිම ආගමික ග්‍රන්ථ අතර වේ.


තවද එය , ඉන්දු - යුරෝපියානු භාෂාවලින් ලියවුණු පැරණි ග්‍රන්ථ අතුරින් එකකි. වාග් විද්‍යාත්මක සාක්ෂිවලට අනුව ඍග්වේදය නිර්මාණය වී තිබෙන්නේ මහා ගංගාවන් සතක් ගලා බසින සප්ත සින්දු ප්‍රදේශයේ (වර්තමානයේ පංජාබ් දේශය) ය. අදාල කාල වකවානුව ක්‍රි.ව 1500 – 1000 (පූර්ව වේද යුගය ) ය. එහි පූර්ව ඉරාන අවෙස්ටා සමග ශක්තිමත් වාග් විද්‍යාත්මක හා සංස්කෘතික සමානකම් දක්නට ලැබේ. පුර්ව ඉරාන අවෙස්ටා ආරම්භ වූයේ ප්‍රාග් - ඉන්දු - ඉරාන කාල වලදී වන අතර ඇන්ඩ්‍රොනෝවෝ සංස්කෘතිය සමග බද්ධ වී ඇත.


ඓතිහාසික සන්දර්භය හා කාල නිර්ණය[සංස්කරණය]

කාල නිර්ණය සහ ඓතිහාසික සන්දර්භය ඍග්වේදයේ භූගෝලීය පසුබිම, ගංගාවල නම් සමග ස්වාට් සහ සෙමෙටරි එච්. සංස්කෘතීන්ද පෙන්නුම් කර ඇත.

ඍග්වේදය වෙනත් ඕනෑම ඉන්දු ආර්ය ග්‍රන්ථයකට වඩා බොහෝ පැරණිය . මේ හේතුව නිසා මැක්ස් මුලර් හා රඩොල්ෆ් රෝත්ගේ කාලවලදී මෙම ග්‍රන්ථය වැඩි අවධානයට ලක් විය. ඍග් වේදයේ වේද ආගමේ මුල් කාලය ගැන සඳහන් වේ. එහි පූර්ව ඉරාන අවෙස්ටා සමග ශක්තිමත් වාග් විද්‍යාත්මක හා සංස්කෘතික සමානකම් දක්නට ලැබේ. පූර්ව ඉරාන අවෙස්ටා ආරම්භ වූයේ ප්‍රාග් - ඉන්දු - ඉරාන කාලවලදී වන අතර ඇන්ඩ්‍රොනෝවෝ සංස්කෘතිය සමග බද්ධ වී ඇත. ඍග් වේදය පසු ලෝකඩ යුගයට අයත් ලෙස සැලකේ. ඊට හේතුව එහි ලෝකඩ යුගයේ සාහිත්‍යය ගැන සඳහන් වීමයි. (ඊළඟ ස්ථානය හිමිවන්නේ ග්‍රීක හා චීන ග්‍රන්ථ වලටයි) . එය නිර්මාණය වීම සිදුව ඇත්තේ ක්‍රි.පූ 1700 – 1100 අතරදී බව කියවේ. පසු ශතවර්ෂයන්හි දී ග්‍රන්ථයේ උච්චාරණ ශුද්දීන් සහ ප්‍රමිතිකරණ සිදුකරන ලදී. (සම්හිතපත, පදපත) . මෙම සංස්කරණය ක්‍රි.පූ 6 වැනි සියවස කාලයේදී සිදු කරන්නට ඇත. නිෂ්චිත ලෙස දින වකවානු ප්‍රසිද්ධ නොමැති වුවද එම දිනයන් ප්‍රාග් බෞද්ධ කාලයේ සිදු වූ බව පැහැදිලිය. (500 හෝ 400 BCE ට වැඩි)

ඉන්දියාවේ ලේඛන කලාව දක්නට ලැබෙන්නේ ක්‍රි.පූ 3 වැනි සියවස අවට බ්‍රාහ්මීය අක්ෂර ලෙසිනි. නමුත් ඍග්වේදයේ දීර්ඝ බව සමග සලකා බලන විට එය එතරම් පසු කලෙක ලියවුණු බවක් නොපෙනේ. එහි මුල්ම අත් පිටපත 11 වැනි ශතවර්ෂයට අයත් බව කියවේ. ඍග්වේද විවරණය පළමු සහස්‍රයේ දෙවන භාගයේදී ලියවුණා විය හැකිය. මධ්‍යකාලීන යුගයේ ඉගැන්වීම් කටයුතු සඳහා මෙම මුල් පිටපත් යොදාගත් අතරතුර ඒවා ලියා තැබුණේ, උෂ්ණාධික කාලගුණයේදී පොත්ත කුණුවීම සෙමින් සිදුවන බර්ච් පොත්තක හෝ පාම් අතුවලය. ඒ 16 වැනි ශතවර්ෂයේදී මුද්‍රණ යන්ත්‍රය සොයා ගන්නා තෙක් පමණි. මේ නිසා මෙම ස්ත්‍රෝත්‍ර ගීතිකා මුඛ පරම්පරා ගතව ගෙන යන ලද අතර ඍග් වේදයේ සංස්කරණය සහ පිටපත් කිරීම කළ හැකි වූ පසු එය තවත් වසර 2500 ක් පුරාවට ආරක්ෂා වී ඇත.

පසුව ගල් යුගයේ වේද ශිෂ්ටාචාරයේ දර්ශනය රැගත් වේද පූජකවරයෙක් විසින් මෙම ග්‍රන්ථ නීති සම්පාදනය කොට ආරක්ෂා කරන ලදී. බ්‍රාහ්ම පුරාණය සහ වායු පුරාණය කියා සිටින පරිදි පදපතාහි කර්තෘවරයාගේ නම විදග්ධය. RK - ප්‍රතිෂාක්‍යය කියා සිටින්නේ ඓතරීය ආරණ්‍යයක කර්තෘ වන්නේ ස්ථවිර ෂාකල්‍ය බවයි.

අශ්වයන් සහිත රථ, ගවයන් සහිත වැගන් රථ සහ ලෝහ (ලෝකඩ) ආයුධ සහිත සංචාරයේ නිරත අර්ධ - අහිගුණ්ඨික සංස්කෘතියක් ඍග්වේදයේ විස්තර කෙරේ. එමෙන්ම එහි මහා පංජාබයේ භූගෝලීය පිහිටීම විස්තර කර ඇත. උතුරේ සිට දකුණට ගංගා ගලා බසියි, කඳු එකිනෙකට දුරින් පිහිටා ඇති වුවද තවම දෘශ්‍යමානයි. එමෙන්ම ඊට ළඟාවිය හැකිය. (සෝමා යනු උස් කඳුවල වැවෙන පැලෑටියක් වන අතර එය ගෝත්‍රික ජනතාවගෙන් මිල දී ගත හැකිය. ) නමුත් ගීතිකා ඇත්තෙන්ම නිර්මාණය වූයේ දිගු කාලයකට පෙරය. ඒ පැරණිතම අක්ෂරවලින් ප්‍රාග් - ඉන්දු - ඉරාන යුගය ක්‍රි.පූ 2000 දෙදරීමට ආසන්න කාලයේදීය. මේ නිසා වේද ආර්යයන් හා විශේෂයෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැවති අවධියේ ඉන්දියානුවන් තැනූ ගල් කොටු පවුරු විනාශ කිරීම ගැන ආත්ම වර්ණනා කරමින් සිටිනවාද, නැතහොත් ඉන්දු ආර්යයන් හා බී. එම්. ඒ. සී වරුන් අතර උතුරු ඇෆ්ගනිස්ථානයේදී හා දකුණු ටර්ක්මෙනිස්ථාන් හිදී නුවත සටන්වලට යොමුවනවාද කියා ප්‍රශ්නයක් ඇති විය. (ටර්ක් මෙනිස්ථානය පිහිටා ඇත්තේ හින්දු කුෂ් කඳුවැටියෙන් පසෙකින් ඉන්දු නිම්නයේ ඉහළ කොටසේ 400 km දුරින්ය. )

ඍග්වේද ගීතිකා වැඩි ප්‍රමාණයක් පන්ජාබයේදී ලියවුණු සේ පෙනෙන අතරතුර එහි සහල් සහ කොටි ගැන කිසිදු සඳහනක් නොමැති බවද කිව යුතුය. එහි යකඩ ගැනද සඳහනක් නැත. “ කළු ලෝහය” (ක්‍රිෂ්ණ අයස්) ගැන පසුව ලියවුණු ඍග්වේද ග්‍රන්ථ (අථර්ව වේද ආදිය) වල සඳහන්ය.උතුරු ඉන්දියාවේ යකඩ යුගය 10 වැනි ශතවර්ෂයේදී මහා පන්ජාබයෙන් ඇරඹුණු අතර එය ක්‍රි.පූ 12 වැනි ශතවර්ෂවලදී “බ්ලැක් ඇන්ඩ් රෙඩ් වෙයාර්” සංස්කෘතිය සමග ඇරඹුණි. ඍග්වේදයේ නීති සම්පාදනය ආරම්භ කළ දින වකවානු වඩා පිළිගත හැකි තත්ත්වයක ඇත. එය සිදු කර ඇත්තේ පශ්චාත් ඍග්වේද කාලයේ මුල හෝ ඍග්වේද යුගයේ අවසානයේය. එහි තනි ගීතිකා පොත් දහයක් සකස් කොට ඇත. වේද සංස්කෘතියේ මධ්‍යස්ථානය පෙරදිග සිට (පන්ජාබයේ සිට ) උත්තර ප්‍රදේශයට මාරුවීම සම්බන්ධ කාලය සමග මෙම කාලය සමගාමී වේ. එම මාරු කිරීම සිදු කරන ලද්දේ කුරු රාජධානිය විසිනි. සම්හිතපත ( සන්ධි තැබීමෙන් ) සහ පඩාපත (මුල් ඡන්දසෙන් සන්ධි ඉවත් කිරීමෙන්) සකස් කිරීම සිදුවූයේ පශ්චාත් බ්‍රාහ්මණ යුගයේදීය.

ඍග් වේදයේ හමුවන සමහර දෙවි දේවතාවුන්ගේ නම් ප්‍රාග් - ඉන්දු යුරෝපීය ආගම මුල් කරගත් ඇදහිලි අතරදීද හමුවේ. මුඛ්‍ය ධාරාවෙන් එපිට ලේඛකයෙකුවන N. කසානාස් ආර්ය ආක්‍රමණය සිද්ධාන්තය පිළිබඳ ප්‍රකාශකර සිටින්නේ ක්‍රි.පූ 1300 තරම් ඈත අතීතයක් ඊට හිමි බවයි. ඒ ඍග්වේදයේ හමුවන සරස්වතී නදිය, සගාර් හක්‍රා ලෙස හා භාෂා කාලානු ක්‍රමවේද හරහා කරන ලද හඳුනා ගැනීම් ද තුළිනි. එවිට ප්‍රාග් - ඉන්දු - යුරෝපයේ කාල නිර්ණය ක්‍රි.පූ 3000 තරම් ඈතකට විහිදෙන නිසා මෙම කරුණ මත භේදයට තුඩු දෙන්නක් බවට පත්ව ඇත. ජ්‍යෝතිෂ්‍යය ගණනය කිරීම් මත එල්බ සිටින සමහර ලේඛකයන්ද මේ සඳහා ක්‍රි.පූ 4000 වැනි ඈත අතීත කාල නිර්ණයක් ඉදිරිපත් කර ඇත.

අශුවයා (අශ්ව) , ගවයා , බැටළුවා හා එළුවා ඍග් වේදයේ ප්‍රධාන චරිත නිරූපණය කරති. තවද, අලියා (හස්තීන් , වරන) , ඔටුවා (උස්ට්‍රා, විශේෂයෙන් 8 වන මණ්ඩලයේ), බූරුවා (ඛාරා,රසාභා) , මී හරකා (මහීෂා), වෘකයා, කරමානා වලසා, සිංහයා (සිම්හ), කළු එළුවා (සරභා) ගැනද ඍග් වේදයේ සඳහන් වේ, මොණරා (මයුර) , පාත්තයා (හම්සා) සහ චක්‍රවක (ඇනස් කසර්කා) යනු ඍග්වේදයේ සඳහන්වන සමහර පක්ෂීන්වේ.


සටහන්[සංස්කරණය]

Rigveda
"https://si.wikipedia.org/w/index.php?title=ඍග්_වේද&oldid=175497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි