ස්තූපය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

තුඹ - ථූප - චේතිය - චෙෙත්‍ය - දාගැබ - වෙහේර යන නම් විලින් ස්තූපය හදුන්වනු ලැබේ. ''ස්තූපය'' සංස්කෘතික වචනයකි. ස්තූප (සොහොන්) සංකල්පය බුදු රජාණන් වහන්සේට පෙරසිට පැවත එන්නකි. මියගියාවූ සක්විති මහරජවරුන් හෝ විවිද ශාස්තෘවරුන් ගේ ශාරීරින ධාතුන් තැන්පත් කොට එම ස්තූප තනන්නට ඇත.

එමෙන්ම බුදුරජාණන් වහන්සේට සමකාලීන ජෙෙන ආගමිකයෝ ද ස්තූප තැනූ අතර ඔවුන් ස්තූප වන්දනාවේ නිරත විය.

බෞද්ද ස්තූපය දඹදිව (ඉන්දියාවේ) ධර්මාශෝක රාජ්‍ය සමයේ සිට පැවත එන්නකි. මහා පරිණිර්වාන සුත්‍රයේ සදහන් පරිදි බුද්ධ - ප්‍රත්‍යක බුද්ධ අරහත්ත - චක්‍රවර්ති - මහාරාජ වැනි උත්තම පුද්ගලයන්ගේ ධාතුන් තැන්පත් කොට ස්තූප තැනීම වැදගත් බව බුදුන් වහන්සේ පෙන්නා දී ඇත. මේ අනුව බෞද්ද ස්තූපවල ධාතු ගර්භය මධ්‍යයේ බුදුන් වහන්සේ සර්වඥ ධාතුන් තැන්පත් කෙරිණි.

ලක්දිව පළමු ස්තූපය තනවන ලද්දේ දේවානම් පියතිස්ස රජතුමා විසින් මිහිදු හිමියන්ගෙන් කරන ලද සුහද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. මෙහිදී මිහිදු හිමියන්ගේ මග පෙන්වීම වැදගත් විය. ඉන්දියාවේ විදිශා හි උපත ලද මිහිදු හිමි එම ප්‍රදේශයේ ගොඩනගා තිබූ බෞද්ධ ස්තූපයන්ගේ අනුකරණයක් ලෙස සලකා අනුරාධපුර ථූපාරාමය ඉදිකරන්නට යෙදුන බව මහාවංශයේ සදහන් වී ඇත.

ස්තූපයක අංග
සිතූපයක බිම් සැලැස්ම

මේ අනුව ක්‍රි.පූ. 3 වන සියවසේ දී ස්තූප ධාන්‍යාකාර (ධාන්‍ය ගොඩක) හැඩයෙන් යුක්තව ඉද කෙරිණි. තවද මෙහි ධාතු ගර්භය තුළ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කළ අයුරුද මහාවංශයේ ඉතා වර්ණනාත්මක කතාවකින් පෙන්නා දී ඇත. මෙසේ මුල්වර්ට තනන ලද ''ස්තුපයට'' නාමයක් නොවුයෙන් එම ස්තුපය අසල පිහිටි ආරාමය ද අනුව යම්න් ස්තූපය ථූපාරාමය නම්න් ජනතාව අතර ව්‍යවහාරයට පත්විය.

ස්තූප වර්ග[සංස්කරණය]

  1. ඝණ්ඨාකාරය - සිනුවක හැඩය
  2. ඝටාකාරය - මුනින් අතට නැමූ කළයක හැඩය
  3. බුම්බුලාකාරය - දිය බුබුලක හැඩය
  4. ධාන්‍යාකාරය - ධාන්‍ය ගොඩක හැඩය
  5. පද්මාකාරය - පද්මයක ස්වභාවය ගත් හැඩය
  6. අම්ලාකාරය - නෙල්ලි ගෙඩියක හැඩය

ඉහත සදහන් හැඩ අතරින් ලංකාවේ දක්නට ලැබෙන්නේ බුම්බුලාකාර - ධාන්‍යාකාර - ඝණ්ටාකාර යන ස්තූප වර්ග තුනකි. අන් ස්තුප වර්ග ඉති කුඩාවට කරන ලද ධාතු කරඩු වැනි ස්තූප වේ. තවද විදේශීය රටවල පහත සදහන් ස්තූප වර්ගද පිහිටා ඇත.

  1. පාත්‍රාකාරය - පාත්‍රයක හැඩය ගත්
  2. ස්ථම්භාකාරය - කණුවක හැඩය ගත්
  3. පලණ්ඩ්ඩාකාරය - ළූණු ගෙඩියක හැඩය ගත්
  4. මන්දිරාකාරය - ගොඩනැගිල්ක හැඩය ගත්

ස්තූප අතර පොළොන්නරු යුගයට අයත් සුවිශේෂිත ස්තූපයකි සත්මහල් ප්‍රාසාදය මෙය දේශීය ස්තූප අතර අසාමාන්‍ය ගොඩ නැගිල්ලකි. මෙය සියම් රටේ (තායිලන්තය) පිහිටි ලම්ෆුන්හිවාත් කුකුත් විහාරයේ නෂ්ටාවශේෂ අතර පිහිටි සන් මහාෆෝන් නම් චෙෙත්‍ය චෙෙත්‍යට බොහෝ සෙයින් සමාන බව සෙනරත් පරණවිතාන මහතා විසින් පෙන්වා දි ඇත.

චෙෙත්‍යක අංග වලින් නිරූපණය වන දෑ[සංස්කරණය]

ස්තුප වර්ග සහ එවායේ හැඩයන්
  1. පදනම - ශ්‍රද්ධාව
  2. පේසා වළලු - ත්‍රිවිද රත්නය ( බුද්ද - ධම්ම - සංඝ )
  3. ධාතු ගර්භය - සත්තිස් බෝධි පාස්සික ධර්මය
  4. සතරැස් කොටුව - චතුරාර්ය සත්‍ය
  5. දේවතා කොටුව - සදෙව් ලොව
  6. කොත් කැරැල්ල - නව ලොව්තුරා දහම
  7. කොත - නිර්වානය
  8. වාහල්කඩ, වටදාගෙය - ( චෙෙත්‍යට එකතු වූ බාහිර කලා අංග දෙකකි )

♦ ඉන්දියානු ස්තූපයේ සතරැස් කොටුව ''භර්මිකාව'' නමින් ද, පේසා වළලු ''මේධිය නමින් ද, කොත් කැරැල්ල වෙනුවට ගලින් නිර්මිත සේසත ''ඡත්‍රය'' යන නමින් ද හැදින්වේ.

විශේෂිත කරුණු[සංස්කරණය]

  • අනුරාධපුර ථූපාරාමය ක්‍රි.ව. 1842 දී ඝණ්ඨාකාර හැඩයට අනුව ප්‍රතිසංස්කරණය කරන ලදී.
  • ථූපාරාමයේ ගල්කණු ක්‍රි.ව. 126-170 අතර කාලයේ දී වසභ රජතුමා විසින් ස්තූපයේ ආරක්ෂාව සදහා තනන ලද වටදාගෙය (ථූපඝරය) ක් තනන ලදී. පසු කලේක ලජ්ජිතිස්ස රජු විසින්ද වටදාගෙය ප්‍රතිසංස්කරණය කළ බව මහා වංශයේ සදහන් වේ.
  • රුවන්වැලි සෑයේ බටහිර පැත්තේ මුල් යුගයට අයත් වාහල්කඩ සහ ඇත් පවුරේ කොටස් පිහිටා ඇත.
  • අනුරාධපුර යුගයට අයත්, ඉපැරණි හා ප්‍රතිසංස්කරණයට භාජනය නොවූ වාහල්කඩ පිහිටියේ මිහින්තලේ කණ්ඨක චෙෙත්‍යයේය. ඒ නැගෙනහිර වාහල්කඩය. එහි කැටයම් තුළ මෞර්ය කලා ලක්ෂන ගැබ් වී ඇති බව පරණවිතාන මහතා පෙන්නා දී ඇත.
  • පැරණි ස්තූපයන්ගේ ධාතු ගර්භය තුළ සිතුවම් ඇද තිබුණි. මහියංගන සෑයේ ධාතු ගර්භයේ අදින ලද ක්‍රි.ව. 8 දි අදින ලද චිත්‍ර කොටස් කිහිපයක් අනුරාධපුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මිහින්තලේ කුඩා ස්ථූප තුලින්ද චිත්‍ර හමු වී ඇත.
  • ඉපැරණි ස්තූපයන්ගේ සතරැස් කොටුව මත ඡත්‍ර පිහිටි බවට, අභයගිරි සෑ මළුවේ පිහිටි විශාල ඡත්‍ සාක්ෂිය කී.
"https://si.wikipedia.org/w/index.php?title=ස්තූපය&oldid=428846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි