හමුදා සේවය

විකිපීඩියා වෙතින්
  හමුදා බලකායක් නොමැත
  බලහත්කාරයෙන් හේවායනය නොකරයි
  සක්‍රීය හේවායන ක්‍රමවේදයක් පවතින නමුදු, සමස්ත වයස් කාණ්ඩයෙන් 20% අඩු ප්‍රමාණයක් හේවායනය කෙරෙයි
  නුදුරු අනාගතයෙහි හේවායනය අහෝසි කිරීමට සැලසුම් කරයි
  හේවායනය සිදුකරයි
  තොරතුරු නොමැත

හමුදා සේවය යනු, පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෝ විසින් (ස්වෙච්ඡාවෙන්) වෘත්තියක් ලෙසින් තෝරාගැනීමෙන් හෝ කැමැත්තක් නොවිමසා තෝරාගැනීමකට ලක්වීමෙන් (හේවායනය) හෝ යුද්ධ හමුදාවකට හෝ වෙනත් හේවාපන්නයකට හෝ සේවාව සැපයීම වෙයි.

භෞතික හෝ මානසික ආබාධ හෝ ආගමික විශ්වාස වැනි විශේෂ තත්ත්වයන් හැරුණු විට, සියළු පුරවැසියන් විසින් කිසියම් නියමිත ප්‍රමාණයක හමුදා සේවයක යෙදීම සමහරක් දේශයන් (නිද., මෙක්සිකෝව) විසින් අවශ්‍යතාවයක් ලෙසින් සැලකෙයි. හේවායන ක්‍රමවේදයන් භාවිතා කරන බොහෝ රටවල් විසින් හේවායනයට ලක්කරනුයේ පිරිමින් පමණි; ස්වල්පයක් රටවල් විසින් ගැහැණුන්ද හේවායනයට ලක් කෙරෙයි. [1] නිදසුනක් ලෙසින් දක්වතොත්, නෝර්වේ, ස්වීඩනය, උතුරු කොරියාව, ඊශ්‍රායෙලය, සහ එරිත්‍රියාව විසින් පිරිමින් සහ ගැහැණුන් යන දෙවගයම හේවායනයට ලක් කරයි. කෙසේවෙතත්, පිරිමින් සහ ගැහැණුන් යන දෙවගයම හේවායනයට බඳුන් කරන අතර සමාන විධිමත් කොන්දේසි යටතේ සේවාව ලබාගන්නා ලිංග‌භේද-අපක්ෂග්‍රාහී හේවායන ක්‍රමවේදයක් භාවිතා කරන්නේ නෝර්වේ සහ ස්වීඩනය පමණි. [2] හේවායන ක්‍රමවේදයක් භාවිතා කරන සමහරක් රටවල් එය සඳහා බලනොකරති.

හමුදා සේවය සඳහා හේවායනය භාවිතා කරන දේශයන් සාමාන්‍යයෙන් එම ක්‍රමවේදය පවත්වාගෙන යෑම සඳහා, වෘත්තියක් ලෙසින් හමුදා බලකායයන්ට එක්වීමට රුචියක් දක්වන පුරවැසියන් මත යැපෙන බවද නිරික්ෂණය කල හැක. [3]

සන්නද්ධ බලකායන් පවත්වාගෙන යන්නාවූ සමහරක් දේශයන් එහි පුද්ගලයන් හේවායනය ඔස්සේ ලබා නොගනිති (නිද. බොහෝ නේටෝ සහ යුරෝපියානු සංගම් රාජ්‍යයන්). ඒ වෙනුවට, හමුදාමය වෘත්තීන් විසින් ඒවා සඳහා අළුතින් බඳවාගන්නන් යොමු කරවාගෙන ඔවුනතරින් සුදුසු අය තෝරාගනිති; හමුදාමය බඳවාගැනීම බලන්න.

සමහරක්, සාමාන්‍යයෙන් කුඩා, දේශයන් විසින් සන්නද්ධ හමුදා භාවිතා නොකරන අතර, සන්නද්ධ අභ්‍යන්තර ආරක්ෂක බලකායන් මත යැපෙති (නිද. පොලීසිය, වෙරළාරක්ෂක බලකාය).

ලොව වටා හමුදා සේවයෙහි සාරාංශය[සංස්කරණය]

මෙම සාරාංශයෙහි රටවල් 195 ක් අඩංගු වී ඇත.[4][5][6]

බලහත්කාරයෙන් හේවායනය සිදු නොකෙරෙයි[සංස්කරණය]

පහත දැක්වෙන රටවල් සහ බලප්‍රදේශ 109 විසින් බලහත්කාරයෙන් හේවායනය සිදුනොකෙරෙන බව හඳුනාගෙන ඇත:

නුදුරු අනාගතයෙහිදී හේවායනය අහෝසි කෙරෙනු ඇත[සංස්කරණය]

2019 වන විට පැවති තත්ත්වය අනුව, නුදුරු අනාගතයෙහිදී හේවායනය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බවට රටවල් හතරක් හඳුනාගෙන තිබුණි:

අනිවාර්ය සහ ස්වෙච්ඡා හමුදා සේවය යන දෙවගයම භාවිතා කෙරෙයි[සංස්කරණය]

අනිවාර්ය සහ ස්වෙච්ඡා හමුදා සේවය යන දෙවගයම භාවිතා කරන බවට පහත දැක්වෙන රටවල් සහ යටත්විජිත හඳුනාගෙන ඇත:

වරණාත්මක හේවායනය[සංස්කරණය]

වරණාත්මක හේවායනය පවතින බවට පහත දැක්වෙන රටවල් එකොළහ හඳුනාගෙන ඇත:

සිවිල්, අසන්නද්ධ හෝ සටන්-නොවැදෙන සේවා විකල්පය[සංස්කරණය]

පහත දැක්වෙන රටවල් පහලොවක් විසින් අනිවාර්ය හමුදා සේවයට වෛකල්පික වශයෙන් සිවිල්, අසන්නද්ධ හෝ සටන්-නොවැදෙන සේවා විකල්පයක් භාවිතා කරන බවට හඳුනාගෙන ඇත:

ස්ත්‍රී පුරුෂ දෙවගයම සඳහා අනිවාර්ය හමුදා සේවය[සංස්කරණය]

  •  කේප් වර්ඩ්[9] (වරණාත්මක වසර 2)
  •  චැඩ්[9] (පිරිමින් සඳහා වසර 3. ගැහැණුන් සඳහා වසර 1. වයස අවුරුදු 21 සඳහා සිවිල් සේවය)

ආශ්‍රිත[සංස්කරණය]

  1. "4 කන්ට්‍රීස් විත් මැන්ඩටරි මිලිටරි සර්විස් ෆො මෙන් ඇන්ඩ් විමෙන් පොලිටික්ස් - එන්ටිටි". එන්ටිටි. 2016-09-19. https://www.entitymag.com/4-countries-mandatory-military-service-men-women/. 
  2. පර්සන්, අල්මා; සන්ඩෙවාල්, ෆියා (2019-12-17). "කන්ස්ක්‍රිප්ටිං විමෙන්: ජෙන්ඩර්, සෝල්ඩියරිං, ඇන්ඩ් මිලිටරි සර්විස් ඉන් ස්වීඩ්න් 1965–2018". විමෙන්ස් හිස්ට්‍රි රිවිව්. 28 (7): 1039–1056. doi:10.1080/09612025.2019.1596542. ISSN 0961-2025.
  3. චයිල්ඩ් සෝල්ජර්ස් ඉන්ටර්නැෂනල් (2012). "ලවුඩර් දෑන් වර්ඩ්ස්: ඇන් ඇජෙන්ඩා ෆො ඇක්ෂන් ටු එන්ඩ් ස්ටේට් යූස් ඔෆ් චයිල්ඩ් සෝල්ජර්ස්". 6 දෙසැම්බර් 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-12-08.
  4. මානව අයිතිවාසිකම් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයය, ජිනීවා, ස්විට්සර්ලන්තය, 1997, නේෂන්මාස්ටර් ඔස්සේ: http://www.nationmaster.com/graph/mil_con-military-conscription
  5. ද සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට් බුක් – මිලිටර් සර්විස් ඒජ් ඇන්ඩ් ඔබ්ලිගේෂන්. https://www.cia.gov/library/publications/resources/the-world-factbook/fields/333.html සංරක්ෂණය කළ පිටපත 2019-03-08 at the Wayback Machine
  6. ජේ. ජිහ්. ඩුවල් නැෂනලිටි, කන්ස්ක්‍රිප්ෂන් , ඇන්ඩ් ඩෙත් පෙනල්ටි. https://web.archive.org/web/20091027100908/http://geocities.com/jusjih/dncdp.html
  7. "ඩිෆෙන්ස් මිනිස්ටර්: කම්පල්සරි මිලිටරි සර්විස් මයිට් බී ඇබොලිෂ්ඩ්". agenda.ge.
  8. එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්, සරණාගතයන් සඳහා. "රෙෆ්වර්ල්ඩ්- කොලොම්බියා: මිලිටරි සර්විස්, ඉන්ක්ලූඩිං රිකෲට්මන්ට් ඒජ්, ලෙන්ත් ඔෆ් සර්විස්, රීසන්ස් ෆො එක්සෙම්ප්ෂන් ඇන්ඩ් ද පොසිබිලිටි ඔෆ් පර්ෆොර්මිං අ රිප්ලේස්මන්ට් සර්විස් (2006-ජූලි 2012)".
  9. 9.0 9.1 "මිලිටරි සර්විස් ඒජ් ඇන්ඩ් ඔබ්ලිගේෂන්". වර්ල්ඩ් ෆැක්ට්බුක්.
"https://si.wikipedia.org/w/index.php?title=හමුදා_සේවය&oldid=593905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි