සීෂෙල්ස්
Republic of Seychelles
| |
---|---|
![]() Location of සීෂෙල්ස් (dark blue) – in Africa (light blue & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | Victoria |
නිල භාෂා(ව) | |
Vernacular languages | Seychellois Creole |
ජනවාර්ගික කණ්ඩායම් (2000) |
|
ජාති නාම(ය) |
|
රජය | Presidential republic |
James Michel | |
Danny Faure | |
ව්‍යවස්ථාදායකය | National Assembly |
Independence | |
• from the United Kingdom | 29 June 1976 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 459 km2 (177 sq mi) (198th) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2012 ඇස්තමේන්තුව | 92,000 (195th) |
• 2006 ජන සංගණනය | 84,000 |
• ඝණත්වය | 186.2/km2 (482.3/sq mi) (60th) |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.304 billion[1] |
• ඒක පුද්ගල | $24,522[1] |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.473 billion[1] |
• ඒක පුද්ගල | $15,673[1] |
ගිනි (2007) | 65.8[2] ඉතා ඉහළ |
මාසද (2013) | ▼ 0.756[3] ඉහළ · 71st |
ව්‍යවහාර මුදල | Seychellois rupee (SCR) |
වේලා කලාපය | UTC+4 (SCT) |
• ගිම්හාන (DST) | UTC+4 (not observed) |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +248 |
ISO 3166 code | SC |
අන්තර්ජාල TLD | .sc |
සීෂෙල්ස් යනු ඉන්දියන් සාගරයේ මධ්‍ය-නිරිත දෙසට වන්නට, මැඩගස්කරය දූපතට සමීපව පිහිටා ඇති දූපත් සමූහයකින් සැදුණු රටකි. අප්‍රිකා මහාද්වීප කලාපයට අයත් මෙම රට 100,000කට අඩු ජනසංඛ්‍යාවක් සහිත වූවකි. පැරණි සාගරික ගිනි කඳු ශේෂ වීමෙන් සහ නොගැඹුරු මුහුදින් ඉහළට වැඩුණු කොරල් පර ශේෂයන්ගෙන් මෙම දූපත් සමූහය සැදී ඇත. අප්‍රිකාවෙන් විටින් විට පැමිණියවුන්ගෙන් මුලින්ම ජනාවාස වූ මෙම දූපත් පසුව මුහුදු මංකොල්ලකරුවන් සඳහා පාරාදීසයක්ව පැවතුනි. පසුව ප්‍රංශයේත්, බ්‍රිතාන්‍යයේත් යටත් විජිතයක්ව පැවති මෙම දූපත් 1976 වසරේදී ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. මේ වන විට මෙම රාජ්‍යය සර්වජන ඡන්දයෙන්න් පත් වූ විධායක ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවකින් පාලනය වේ. මෙහි අගනවර හා විශාලතම නුවර වන්නේත් වික්ටෝරියා නුවරයි. රටේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළද මෙම නුවර පිහිටා ඇත. සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය තුළින් ක්‍රමික සංවර්ධනයක් ළඟා කරගෙන ඈති මෙම රට අප්‍රිකානු කලාපයේ ඉහළම සංවර්ධනයක් සහිත රටකි. කෙසේ වෙතත් මෙහි මානව ජීවන තත්ව සංවර්ධනය තවමත් පහළ මට්ටමක පවතී. දිවයින් රැසකින් සමන්විත මෙහි දිවයින් එකිනෙක සම්බන්ධ කෙරෙනුයේ කුඩා ගුවන් යානා සහ බෝට්ටු සේවා මඟිනි.
- ↑ 1.0 1.1 1.2 1.3 "Seychelles". International Monetary Fund. සම්ප්‍රවේශය 18 April 2013.
- ↑ "GINI index". World Bank. සම්ප්‍රවේශය 26 July 2013.
- ↑ "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.