බොට්ස්වානා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බොස්ටිබානා සමුහාණ්ඩුව
උද්යෝග පාඨය: Pula (Rain)
ජාතික ගීය: Fatshe leno la rona (This Land of Ours)
අගනුවර ගැබොරොන්
25°40′S 25°55′E / 25.667°S 25.917°E / -25.667; 25.917
විශාලතම නගරය capital
නිල භාෂාව(න්) ඉංග්‍රීසි, Setswana
ජාති නාමය Batswana
රජය Parliamentary republic
 -  President Ian Khama
Independence from the United Kingdom 
 -  Date 30 September 1966 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 581,730 කිමී2 (47th)
224,610 සතරැස් සැත 
 -  ජලය (%) 2.6
ජනගහණය
 -  2009 ඇස්තමේන්තුව 1,990,876[1] (146th)
 -  2001 ජන සංගණනය 1,680,863 
 -  ඝණත්වය 3.4/කිමී2 (229th)
8.9/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $13.41 billion[2] 
 -  ඒක පුද්ගල $11,400[2] 
දදේනි (නාමික) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $11.630 billion[2] 
 -  ඒක පුද්ගල $6,406[2] 
Gini (2007/08) 60.5
ඉතා ඉහළ
මාසද (2009) 0.694
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 125th
ව්‍යවහාර මුදල Pula (BWP)
වේලා කලාපය Central Africa Time (UTC+02)
 -  ගිම්හාන (DST) not observed (UTC)
රිය පදවන්නේ left
අන්තර්ජාල TLD .bw
ඇමතුම් කේතය +267


බොට්ස්වානා සමුහාණ්ඩුව දකුණු අප්‍රිකාවේ පිහිටි රටකි. එහි රටවැසියන් බැට්ස්වානාවරු ලෙස හඳුන්වයි. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ පැවැති බෙචුආනලන්ඩ් බොට්ස්වානා 1966 සැප්තැම්බර් 30 වැනිදා පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නිදහස ලැබීමෙන් පසු තම නව නාමය භාවිතයට ගනු ලැබීය. එහි නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ කිහිපයක් නිදහසෙන් පසුව පවත්වා ඇත. භූ‍ගෝලාත්මකව එරට‍ සමතලා වන අතර 70% ක් කලහාරි කාන්තාරයෙන් වැසි ඇත. එය මායිම් වන්නේ දකුණින් දකුණු අප්‍රිකාවට හා ගිනිකොණින් නැම්බියාවේ ඊසාන දිශාවටය. එයට සැම්බියාව එක් තැනකදි හමුවේ. බොට්ස්වානා ආර්ථික නිදහසේ ප්‍රාදේශිය නායකයෙකි. තරඟකාරි බව හා නම්‍යශීලිත්වය බුද්ධිමත් ව්‍යාපාර පසුබිමක තිබෙන අතර, විදේශීය ආයෝජනයට හා වෙළෙඳාමට ඇති විවෘත බව සහ රැකියා පිළිබඳ ඇති නම්‍යශීලි නීතිරීති වලින් සමන්විත වේ. ආර්ථික කලාපය සංසන්ධනාත්මකව සංවර්ධනය වී ඇති අතර, නිදහස් මධ්‍යම බැංකුවක් රාජ්‍ය මැදිහත්වීම අවමයෙන් පවත්වාගෙන යයි. නිදහස් අධිකරණය, ශක්තිමත් ආරක්ෂාවක්, දේපළ අයිතිය පිළිබඳව තිබේ. බොට්ස්වානා 1966 නිදහස ලබන විට අප්‍රිකාවේ පිහිටි දිළිඳුතම රටවලින් එකක් විය. වර්තමානයේ එය ස්ථාවර දේශපාලන යාන්ත්‍රණයකින් හා නිරන්තරයෙන් ගොඩ නැගෙන ආර්ථිකයන්ගෙන් යුක්තය. දකුණු අප්‍රිකාව හා නිරන්තරයෙන් බැඳුණු ආර්ථිකයන්හි හා අප්‍රිකාව තුළ සාර්ථකම ආර්ථිකයකින් හා වේගයෙන් වර්ධනය වන සේවා පද්ධතියක් වන ලෝක ප්‍රචලිත මැණික් ව්‍යාපාරය, සංචාරක ව්‍යාපාරය සහ නිෂ්පාදන සඳහන් කළ හැකිය. බොට්ස්වානා හි ආර්ථික වර්ධන වේගය වර්තමානයේ ආසියාව හා ලෝක බැංකු නගර ද අභිබවා ගොස් ඇති අතර, එය ලෝකයේ සාර්ථකම රාජ්‍ය ගොඩනැඟීමක් ලෙස සඳහන් කල හැක.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Central Intelligence Agency (2009). "Botswana". The World Factbook. සම්ප්‍රවේශය February 3, 2010. 
  2. 2.0 2.1 2.2 2.3 "Botswana". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21. 
"https://si.wikipedia.org/w/index.php?title=බොට්ස්වානා&oldid=182108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි