පැරගුවේ
Jump to navigation
Jump to search
පැරගුවේ ජනරජය යන නිල නාමයෙන් හඳුන්වනු ලබන පැරගුවේ රාජ්‍යය, සිව් දෙසින්ම භූමියෙන් සපුරා වට වූ බටහිර අර්ධ ගෝලයෙහි පිහිටි රටවල් අතරින් එකකි. අනෙක් එවැනි ම රටක් වනුයේ බොලීවියාවයි. මේ දෙරට ම පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ ය. පැරගුවේ ගංගාවෙහි දෙවුරු පුරා පිහිටි පැරගුවේ රාජ්‍යයේ දේශ සීමා වනුයේ දකුණින් හා නිරිත දිගින් ආර්ජන්ටිනාව, නැගෙනහිරින් හා ඊසාන දිගින් බ්‍රසීලය සහ වයඹ දිගින් බොලීවියාව වශයෙනි. මෙම රට දකුණු ඇමෙරිකා මධ්‍ය ප්‍රදේශයෙහි පිහිටා තිබීම හේතු කොට ගෙන සමහර අවස්ථාවන්හි දී 'ඇමෙරිකාවේ හදවත' යනුවෙන් ද හඳුන්වනු ලබයි. 2009 වසර වන විට ඇස්තමේන්තු කළ ජනගහනය මිලියන හයකට අධික සංඛ්‍යාවක් විය.