ජිබුටි

විකිපීඩියා වෙතින්
ජිබුටි ජනරජය

ජිබුටි හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
ලාංඡනය
උද්යෝග පාඨය: "යුනිතේ, ඉගැලිටි, පෙ" (ප්‍රංශ)
"එකමුතුව, සමානාත්මතාවය, සාමය"
ජාතික ගීය: ජිබුටි
ජිබුටි හි පිහිටීම
අගනුවරජිබුටි නගරය
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)
පිළිගත් ජාතික භාෂාවන්
ආගම
ඉස්ලාම්
ජාති නාම(ය)ජිබුටියානු
රජයතනි-පක්ෂ අර්ධ-ජනාධිපතිමය ජනරජය
ඉස්මයිල් ඔමාර් ගුවෙලෙ
අබ්දුල්කාදර් කමිල් මොහාමඩ්
ව්‍යවස්ථාදායකයජාතික මන්ත්‍රණ සභාව
නිදහස
• ප්‍රංශය වෙතින්
ජූනි 27, 1977[1]
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
23,200 km2 (9,000 sq mi)[1] (150වන)
• ජලය (%)
0.09 (20 කිමී² / 7.7 සත සැත)
ජනගහණය
• 2014[1] ඇස්තමේන්තුව
810,179
• ඝණත්වය
37.2/km2 (96.3/sq mi) (168වන)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.700 බිලියන[2]
• ඒක පුද්ගල
$2,874[2]
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.583 බිලියන[3]
• ඒක පුද්ගල
$1,685[3]
ගිනි (2009)40.0
මධ්‍යම
මාසද (2013)0.467[4]
පහළ · 170වන
ව්‍යවහාර මුදලජිබුටියානු ෆ්‍රෑන්ක් (DJF)
වේලා කලාපයUTC+3 (EAT)
• ගිම්හාන (DST)
UTC+3 (පවත්වනු නොලැබේ)
රිය ධාවන මං තීරුවදකුණින්
ඇමතුම් කේතය+253
අන්තර්ජාල TLD.dj


ජිබුටි (අරාබි: جيبوتيJībūtī, ප්‍රංශ: Djibouti, සෝමාලි: [Jabuuti] Error: {{Lang}}: text has italic markup (help), අෆාර්: [Gabuuti] Error: {{Lang}}: text has italic markup (help)), නිල වශයෙන් ජිබුටි ජනරජය යනු, අප්‍රිකාවේ අඟෙහි පිහිටි රටකි. උතුරෙන් එරිට්‍රියාවෙන්ද, බටහිරෙන් සහ දකුණෙන් ඉතියෝපියාවෙන්ද සහ, ගිනිකොණ දෙසින් සෝමාලියාවෙන්ද එය මායිම්වී ඇත. දේශසීමාවෙහි ඉතිරි කොටස තැනී ඇත්තේ, නැගෙනහිර දිශාවෙන් රතු මුහුදෙන් සහ ඒඩ්න් සමුද්‍රවංකයෙනි. ජිබුටි විසින් ආවරණය කෙරෙන සම්පූර්ණ භූමි ප්‍රමාණය වන්නේ 23,200 කිමී2 (8,958 සත සැත) වෙයි.

පුරාතන යුගයෙහි, මෙම බලප්‍රදේශය, පන්ට් භූමියෙහි කොටසක්ව පැවතුනි. අසබඩ බවතින සීලා (වර්තමානයෙහි සෝමාලියාවෙහි) , මධ්‍යතන ආඩල් සහ අයිෆැට් සුල්තාන් රාජ්‍යයන් පිහිටි ස්ථානය විය. 19වන සියවස අග-භාගයෙහි, ප්‍රංශ සෝමාලිලන්ත යටත්විජිත බලප්‍රදේශය පිහිටවුයේ, පාලක සෝමාලි සහ අෆාර් සුල්තාන් රාජ්‍යයන් විසින් ප්‍රංශ ජාතිකයන් හා සමගින් ඇති කරගත් ගිවිසුම ප්‍රකාර වූ අතර [5][6][7] ඩීර් ඩාවා වෙත (සහ පසුව අඩිස් අබාබා වෙත) වූ එහි දුම්රිය මාර්ගය වෙතින්, දකුණු දිග ඉතියෝපියාව සහ ඔගාඩෙන් සඳහා වරාය ලෙසින් සීලා අභිබවා යෑමට එයට අවකාශ සැලසීය. [8] පසු කලෙක, 1967 වසරෙහිදී, අෆාර් සහ අයිසාස් ප්‍රංශ බලප්‍රදේශය ලෙසින් එය යළි-නම් කෙරිණි. ධශකයකට පසුව, ජිබුටියානු ජනතාව, නිදහස සඳහා ඡන්දය ප්‍රනාශ කළහ. අගනුවර නම අනුව යමින්, ජිබුටි ජනරජය පිහිටුවීම නිල වශයෙන් මෙම අවස්ථාවෙහිදී සිදු විය. එම වසරෙහිදීම, 1977, සැප්තැම්බර් 20 දී ජිබුටි රාජ්‍යය, එක්සත් ජාතීන් හා එක් විය. [9][10] 1990 ගණන් වල මුල් භාගයෙහිදී, රජය නියෝජනය කිරීම පිළිබඳ ඇතිවූ කලබල නිසා සන්නද්ධ ගැටුමක් ඇතිවූ අතර, 2000 වසරෙහිදී, පාලක පක්ෂය සහ විපක්ෂය අතර ඇති කරගත් බලය බෙදා ගැනීමේ ගිවිසුමක් මගින් එය නිම වූයේය.[1]

ජිබුටි යනු, වැසියන් 810,000 ප්‍රමාණයකට වඩා ජනගහණයක් සහිත බහු-වාර්ගික දේශයකි. විශාලතම වාර්ගික කණ්ඩායම් දෙක වන්නේ සෝමාලි සහ අෆාර් වෙති. මොවුන් දෙවර්ගයම, අප්‍රිකාආසියාතික භාෂා කතා කරන අතර, ඒවා පිළිගත් ජාතික භාෂා වෙති. අරාබි සහ ප්‍රංශ යන භාෂා, රටෙහි නිල භාෂා දෙක වෙති. වැසියන්ගෙන් 94% ඉස්ලාම් ආගම අදහන අතර, මෙම ආගම වසර 1,000 කට වැඩි කාලයක සිට ප්‍රදේශයෙහි අතිප්‍රමුඛ ලෙස පැවැත ඇත.[1]

රතු මුහුදට සහ ඉන්දියානු සාගරයට පිවිසුම පාලනය කරමින්, ලොව කාර්යබහුලතම නාවික මාර්ග අසබඩ, උපාය මාර්ගික ලෙසින් ජිබුටි පිහිටා ඇත. ප්‍රධාන යළි-ඉන්ධන සපයන සහ නැවෙන් නැවට භාණ්ඩ හුවමාරු කෙරෙන කේන්ද්‍රයක් ලෙසින් එය ක්‍රියාත්මක වන අතර, අසබඩ ඉතියෝපියාව වෙත ආනයනය සහ එය වෙතින් අපනයනය කෙරෙන ප්‍රධාන සාමුද්‍රිය වරායක් ලෙසින් එය පවතියි. විගසින් දියුණු වෙමින් පවතින වාණිජ වරායක් වන මෙම දේශයෙහි, ලෙමනියර් කඳවුර ඇතුළු බොහෝ විදේශ හමුදාමය කඳවුරු පවතියි. සංවර්ධනය පිළිබඳ අන්තර්-රාජ්‍ය අධිකාරිය (IGAD) ප්‍රාදේශීය මණ්ඩලයද එහි මූලස්ථානය ජිබුටි නගරයෙහි පවත්වා ගෙන යයි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 "ජිබුටි". ද වර්ල්ඩ් ෆැක්ට්බුක්. සීඅයිඒ. පෙබරවාරි 5, 2013. සම්ප්‍රවේශය පෙබරවාරි 26, 2013.
  2. 2.0 2.1 "ජිබුටි". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2014-10-01.
  3. 3.0 3.1 "ජිබුටි". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2014-10-01.
  4. "2014 හියුමන් ඩිවෙලප්මන්ට් රිපෝට් සමරි" (PDF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 ජූලි 2014.
  5. රේප් යුවෙහියු, ඇෆ්රිකා ඉයර් බුක් ඇන්ඩ් හූස් හූ, (ඇෆ්රිකා ජර්නල් ලිමිටඩ්.: 1977), p.209.
  6. හියු චිසම් (සංස්.), දි එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා: අ ඩික්ෂනරි ඔෆ් ආට්ස්, සයන්සර්ස්, ලිට්‍රිචර් ඇන්ඩ් ජෙනරල් ඉන්ෆර්මේෂන්, වෙළුම 25, (විශ්වවිද්‍යාලීය මුද්‍රණාලයෙහිදී: 1911), පි.383.
  7. අ පොලිටිකල් ක්‍රොනොලොජි ඔෆ් ඇෆ්රිකා, (ටේලර් ඇන්ඩ් ෆ්‍රැන්සිස්), පි.132.
  8. "s:1911 එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා /සයිලා සයිලා" එක්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා 11වන සංස්. 1911 තුල.
  9. "ටුඩේ ඉන් ජිබුටි හිස්ට්‍රි". Historyorb.com. සම්ප්‍රවේශය අප්‍රේල් 27, 2011.
  10. "යුනයිටඩ් නේෂන්ස් මෙම්බර් ස්ටේට්ස්". Un.org. සම්ප්‍රවේශය 2011-04-27.
අප්‍රිකාවේ ස්වෛරී රාජ්‍ය සහ යැපෙන භූමි ප්‍රදේශ ලැයිස්තුව
"https://si.wikipedia.org/w/index.php?title=ජිබුටි&oldid=587801" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි