නෝර්වේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගොනුව:125px-Flag of Norway.svg
             කොඩිය
ආදර්ශ පාඨය හැමදේම ‍නෝර්වේ වෙතය"
             සිතියම
ගොනුව:250px-Europe-Norway.svg.png
අගනුවර සහ විශාලම නගරය ඔස්ලෝ
උතුරු අක්ෂාංශ 59°56′ නැගෙනහිර දේෂාංශ 10°41′
රාජ්‍ය භාෂාව නෝර්වේජියානු (බොක්මල් සහ නයිනෝස්ක්)
ජන වර්ගය 89.4% නෝර්වේජියානු සහ සාම්, 10.6% වෙනත්(2009)
රාජ්‍යය පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රය සහ ව්‍යවස්ථාමය රාජාණ්ඩුව
රජු පස් වන හැරල්ඩ්
අගමැති ජෙන්ස් ස්ටොල්ටෙන්වර්ග්
භාණ්ඩාගාරික, සභාපති ඩැග් ටර්ජි ඇන්ඩර්සන්
අග විනිසුරු ටෝ ස්චෙයි
වර්තමාන සන්ධානය රතු - කොළ සන්ධානය
නීති සම්පාදනය භාණ්ඩාගාරය
      ස්ථාපිත කිරීම
එක්සත් කිරීම 872
ව්‍යවස්ථාව 17 මැයි 1814
         වර්ග ප්‍රමාණය
එකතුව 385,170 වර්ග කිලෝමීටර, 148,746 වර්ග සැතපුම්
ජලය (%) 6.0
            ජනගහනය
2014 තක්සේරුව ජනගහනය 5,109,056
2011 ජන සංඛ්‍යාකය 4,503,436
ඝනත්වය 13.26 වර්ග කිලෝමීටර, 34.35 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2010 තක්සේරුව එකතුව 255,285 ඩොලර් බිලියන
ඒක පුද්ගල අදායම ඩොලර් 52,012
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව 414,162 ඩොලර් බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 84,443
ගිනි (2000) 25.8 (පහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2013) 0.955 (ඉතා ඉහළ)
මුදල් නෝර්වේජියානු ක්‍රොන් (Nok)
අන්තර්ජාල TLD .no
දුරකථන සංකේත 47

උතුරු යුරෝපයට අයත් රටකි. ඊට බටහිර ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය, ජෑන් මහේන් සහ ආක්ටික් කොදෙවි දුපත් අයත්වේ. වර්ග කිලෝමීටර 385, 252 (වර්ග සැතපුම් 148,747) විශාලත්වයකින් යුක්තයි. ජනගහනය මිලියන 4.8 කි. මෙරටට උතුරු දිශාවෙන් දකුණු ග්‍රීන්ලන්තයත්, නැගෙනහිරින් රුසියාවත්, දකුණින් ඩෙන්මාර්කය පටු මුහුදු තීරයත් ‍මායිම් වී ඇත. එහි අගනුවර ඔස්ලෝය. 02 වන ලෝක යුද්ධයෙන් පසු මෙම රට ආර්ථික අතින් වර්ධනය වූ අතර, පළමු දශක දෙක තුළදී අපනයනය සහ වෙළෙඳ හා ගෘහස්ථ කර්මාන්තකරණයට යොමු වීම මෙරට ආර්ථික වර්ධනයට හේතුවිය. 1970 තෙල් සහ ස්වභාවික වායු නිධි උතුරු මුහුදෙන් සහ නොර්වේජියානු මුහුදෙන් සොයාගත් පසු වර්තමානයේ මුල්‍ය වටිනාකමින් පොහොසත්ම රාජ්‍යය බවට නෝර්වේ රාජ්‍යය පත්විය. එය ලොව තෙල් අපනයනය කරන රටවල් අතරින් 07 වැනි තැන ගන්නා අතර, පෙට්‍රෝලියම් කර්මාන්තය ජි.ඩී.පී. අගයෙන් කාලයක් සිට උපයයි. 2007, 2010 ‍ලෝක ආර්ථික අවපාතයෙන් නෝර්වීජියන් ක්‍රොන්ටේ හට බලපෑමක් ඇති නොවුණි. එය ලෝකයේ ස්ථාවරම මුදලක් වේ. නෝර්වේ රාජ්‍යය තෙල් සම්පතට උරුම පෑමත්, එහි ස්වාභාවික වායු, හයිඩ්‍රොඉලෙක්ට්‍රික් බලය, වනාන්තර සහ ඛනිජ තිබීමත් නිසා එය ආර්ථික ස්ථාවරයට බලපෑ තිබේ. මෙය ලෝකයේ මුහුදු ආහාර සපයන රටවල් අතරද දෙවැනි තැනගනී. අනෙකුත් කර්මාන්ත වන්නේ නැව් ගත කිරීම්, ආහාර නිෂ්පාදනය, නැව් කර්මාන්ත, වානේ කර්මාන්තය, රසායනික ද්‍රව්‍ය නිපදවීම, පතල්, ධීවර කර්මාන්ත සහ කඩදාසි නිෂ්පාදනයයි. එහි සුබසාධන ආර්ථිකයක් පවතින අතර සෞඛ්‍ය, උසස් අධ්‍යාපනය සහ සමාජ ආර්ක්ෂණ පද්ධතියක්ද ක්‍රියාත්මක වෙයි. 2001 සිට 2007 දක්වාත් වර්ෂ 2009 මානව සංවර්ධනය අතින් ඉහළ යන රට ලෙස හඳුනාගෙන ඇත.

එය 2007 ගණනයට අනුව ලොව සමකාලීන රටයි. නෝර්වේ ව්‍යවස්ථාවට අනුව රාජධානියක් හා පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදයක් එහි පවතී. එහි රජු හෙරල්සි පස්ය. එය එක්සත් රාජ්‍යයක් වන අතර, පරිපාලන අනු ප්‍රදේශ 02 කි. තවද ප්‍රාන්ත සහ නගර සභා වලින් යුක්තය. මැතිවරණ දෙකකින් පසුවත් යුරෝපානු සංගමයේ සාමාජිකත්වය නොලැබුණු අතර එහි සාමාජිකයන් හා රටවල් අතර කිට්ටු සම්බන්ධතාවයක් පවත්වයි. ඇමරිකානු එක්සත් ජනපදය මෙයට ඇතුලත් වේ. මෙම රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශාලතම ආධාරකරුවන්ගෙන් කෙනෙකු වන අතර, එය මෙම සංගමය සමඟ අන්තර්ජාතික මෙහෙයුම් වලට සහභාගි වේ. මෙයින් ඇෆ්ගනිස්ථානය, කොසෝ සහ සුඩානය ප්‍රධාන වේ. නෝර්වේ නිර්මාතෘ සාමාජිකයෙකු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයි. යුරෝපානු කවුන්සලය, ‍නෝර්ඩින් කවුන්සලය හා යුරෝපානු ආර්ථිකය හා ලෝක වෙළඳ සංගමය සහ ඕ.ඊ.සී.ඩී.හී නෝර්වේ රාජ්‍යයද සාමාජිකයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=නෝර්වේ&oldid=302019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි