ඝානාව
Republic of Ghana | |
---|---|
ජාතික ගීය: God Bless Our Homeland Ghana[1] | |
![]() Location of ඝානාව (dark red) in Western Africa (light yellow) | |
අගනුවර සහ විශාලතම නගරය | Accra |
නිල භාෂා(ව) | English |
Government-sponsored languages | Akan, specifically Ashanti Twi, Fanti, Akuapem Twi, Akyem, Kwahu, Nzema; Dagaare/Wale, Dagbani, Dangme, Ewe, Ga, Gonja and Kasem |
ජාති නාම(ය) | Ghanaian |
රජය | Constitutional presidential republic |
John Atta Mills | |
John Dramani Mahama | |
Joyce Bamford-Addo | |
Georgina Theodora Wood | |
Independence from the United Kingdom | |
• Declared | 6 March 1957 |
• Republic | 1 July 1960 |
• Current Constitution | 28 April 1992 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 238,535 km2 (92,099 sq mi) (81st) |
• ජලය (%) | 3.5 |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 24, 233, 431[2] |
• ඝණත්වය | 101.5/km2 (262.9/sq mi) (103rd) |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $38.143 billion[3] |
• ඒක පුද්ගල | $1,600[3] |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $31.2 billion[4] |
• ඒක පුද්ගල | $1,318.36[4] |
ව්‍යවහාර මුදල | ඝානියානු සෙඩි (GHS) |
වේලා කලාපය | UTC0 (GMT) |
• ගිම්හාන (DST) | UTC0 (GMT) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 233 |
ISO 3166 code | GH |
අන්තර්ජාල TLD | .gh |
ඝානාව ( ඉංග්‍රීසි: Ghana ) ජනරජය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේය. මෙරටෙහි දේශසීමාවන් වනුයේ, බටහිර අයිවරි කෝස්ට්, උතුරට බුර්කිනා ෆාසෝ, නැගෙනහිරට ටෝගෝ සහ දකුණට ගිනියා බොක්ක යනු වශයෙනි. ඝානා යන වචනයේ අර්ථය නම් 'රණශූර රජතුමා' යන්නයි. මෙහි පුභවය ඝානා අධිරාජ්‍යයයි.
යටත් විජිත සමයට පෙර කාලයේ දී පුරාතන, ප්‍රබල 'ආකන්' රාජධානි බොහෝමයක් ඝානාවේ ස්ථාපිතව සිට ඇත. ඉන් කිහිපයක් නම් නැගෙනහිර වෙරළ තීරයේ 'අක්වමු' (Akwamu) රට තුළ අෂාන්ති අධිරාජ්‍යය හා ෆපාන්ටේ (Fante) සහ 'ගා' (Ga) සහ 'එවේ' (Ewe) වැනි වෙරළබඩ සහ රට මැද ප්‍රදේශයන්හි තිබුනු නොයෙකුත් 'අකාන්' නොවන රාජ්‍ය යනාදියයි. 15 වන සිය වසේ දී පෘතුගීසීන් හා තිබූ සම්බන්ධතාවය හේතුකොටගෙන යුරෝපීය රාජ්‍යයන් හා සමග වූ වෙළදාම් සාර්ථකව දියුණු විය. බ්‍රිතාන්‍යය විසින් 'ගෝල්ඩ් කෝස්ට්' (gold coast) යටත් විජිතය 1874 දී පිහිටුවනු ලැබීය.
1957 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලැබීමත් සමග නිදහස ලැබූ ප්‍රථම උප සහරා (Sub Saharan) අප්‍රිකානු අට බවට ඝානාව පත්විය.
එක්තරා කාලයක බටහිර අප්‍රිකාවේ බහුතර ප්‍රදේශයක් පුරා විහිදී තිබූ පුරාතන ඝානා අධිරාජ්‍යය පිළිබිඹු වනු පිණිස, ඝානා යන නාමය නව ජාතිය සඳහා තෝරා ගැනිනි. ඝානා රාජ්‍යය පොදු රාජ්‍ය මණ්ඩලය, බටහිර අප්‍රිකානු රාජ්‍යයේ ආර්ථික හවුල, අප්‍රිකානු සංගමය, ප්‍රංශ බස කථා කරන ජාතීන්ගේ සංගමය Franco Phonie (හවුල් සාමාජික) වැනි බොහෝ ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වය දරන්නීය. ඝානාව ලෝකයේ දෙවන විශාලතම කොකෝවා නිෂ්පාදකයා වෙයි. එසේම, ලොව පිහිටි විශාලම කෘත්‍රීම විල වශයෙන් සැලකෙන 'වොල්ටා' විල ඇත්තේ ද ඝානා රටෙහිය.
- ↑ "Emefa.myserver.org". සම්ප්‍රවේශය 2010-12-21.
- ↑ "2010 Provisional Census Results Out". 04 February 2011. Ghana Government. 2010. 2011-06-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-02-07.
{{cite journal}}
: Cite journal requires|journal=
(help); Text "Source: ISD (Antoinette I. Mintah) Population Division" ignored (help); Text "format" ignored (help) - ↑ 3.0 3.1 "PPP GDP". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-12-14.
- ↑ 4.0 4.1 "Ghana's Economy 75% Bigger Than Previously Estimated". BusinessWeek. 2010-11-05. සම්ප්‍රවේශය 2010-12-21.