ස්වාසිලන්තය

විකිපීඩියා වෙතින්
tiny globe
ජාතික කොඩිය
ආදර්ශ පාඨය අප බලකොටුවකි, අප ප්‍රහේලිකාවකි, අප සැගවී සිටින්නෙමි
අගනුවර සහ විශාලම නගරය ‍ලොබැම්බා, මීබැබානේ
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි, සිස්වටි
රාජ්‍යය රාජාණ්ඩු‍ව
රජු එම් ස්වාට් III
අගමැති බාර්නබාස් සිබුසියෝ ඩිලැමිනි
නියෝජ්‍ය අගමැති තිම්බා එන්, මැසුකු
නිදහස එක්සත් රාජධානිය සිට - 6 සැප්තැම්බර් 1968
වර්‍ග ප්‍රමාණය 17.364 වර්ග කිලෝමීටර / 6,704 වර්ග සැතපුම්
ජලය (%) 1.9
ජනගහනය 2009 තක්සේරුව - 1,185,000
2007 ජන සංඛ්‍යාංකය 1,018,449
ඝනත්වය 68.2 වර්ග කිලෝමීටර /175.8 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් 5,878 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 5,749
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 2,840 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 2,778
ගිනි (1994) 60.9 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.547 (මධ්‍යය)
මුදල් ලිලැන්ගෙනි (SZL)
මං තීරුව වම
අන්තර්ජාලය TLD - 52
දුරකතන සංකේත 268

ඊස්වාටිනි (ස්වාසි: උම්බුසෝ වීස්වාටිනි; සමහරවිට කංග්වනේ ලෙසින් හැඳින්වෙන [1]), හෝ ස්වාසිලන්තය යනු දකුණු අප්‍රිකාවෙහි ස්වෛරී රාජ්‍යයකි. එය නිදහස ලැබීමේ 50වන සංවත්සරය සැමරීමට, රජ විසින් 2018 අප්‍රේල් 19 දිනදී එය නිල වශයෙන් ඊස්වාටිනි රාජධානිය (ස්වාසි භාෂාවෙන් “ස්වාසිවරුන්ගේ භූමිය”) ලෙසින් යළි-නම්කෙරුනු අතර එහි පූර්ව නාමය ස්වාසිලන්ත රාජධානිය විය. උතුරින් දකුණින් සහ බටහිරින් දකුණු අප්‍රිකාව හා නැගෙනහිරින් මොසැම්බික් මෙහි මායිම් වේ. 19 වන ශතවර්ෂයේ සිටි මස්වාටි දෙවන රජුගෙන් පසු මෙය රාජ්‍යයක් ලෙස නම් කරන ලදි. මෙහි කුඩා රටක් වන අතර උතුර හා දකුණට 200 km සහ නැගෙනහිර සහ බටහිර 130 km වේ. බටහිර කොටස කඳු වන අතර නැගෙනහිර අවපාතවේ. සෞම්‍ය කාලගුණයක් ඇති අතර ශ්‍රිෂ්ම සෘතුව 400 දක්වා ඉහළ යයි. වර්ෂාව ග්‍රීෂ්ම සෘතුවේ දී ඇඳ හැලෙන අතර බටහිරට 2m පමණ වේ. වර්තමානයේ ජනගහනය ස්වදේශි ස්වාසි ජාතිකයන් වන අතර භාෂාව ස්වාටි වේ.දෙවන බස ලෙස ඉංග්‍රිසි භාවිතා කරයි. 15 වන 16 වන සියවසේ බන්ටු සංක්‍රමිණිකයන්ගෙන් මොවුන් පැවත එයි. 1968 දී මෙම රට නිදහස ලැබීය. මෙම රට සාමාජිකත්වය දරන්නේ දකුණු අප්‍රිකා සංවර්ධන සංගමය,අප්‍රිකාකානු සංගමය සහ ‍පොදු රාජ්‍ය මණ්ඩලය වේ. රටේ රාජ්‍ය නායකයා රජ වන අතර ඔහු අගමැති සහ නියෝජිතයන් සහිත සුළු පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කරයි. මැතිවරණ පවත්වන්නේ අවුරුදු 5 කට වන අතර 2005 නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන ලදි. මෙහි ආර්ථිකය සේවා,කර්මාන්ත සහ නිෂ්පාදනය මත වේ. 75% ත් ජනගහනයෙන් ගොවිතැන් හා 60% ක් දිනකට ඇ. ඩො.2.25 ට අඩුවෙන් උපයයි. ප්‍රධාන වෙළද සහකරු වන්නේ දකුණු අප්‍රිකාවයි. මෙහි ආර්ථිකය සහ මානව ඒකාග්‍රතාවය HIV වසංගතය හේතුවෙන් අනතුර‍ට භාජනය ‍වි ඇත.

  1. එච්.එම්. ස්වටී III. ස්පීච් ෆ්‍රොම් ද ත්‍රෝන් 2014. ස්වාසිලන්ත රජය. http://www.gov.sz/images/speech%20from%20the%20throne%202014.pdf. 
"https://si.wikipedia.org/w/index.php?title=ස්වාසිලන්තය&oldid=428837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි