Jump to content

බොස්නියා සහ හර්සගෝවිනා

විකිපීඩියා වෙතින්
කොඩිය
ජාතික ගීය Državna himna Bosne i Hercegovine
සිතියම
අගනුවර සහ විශාලම නගරය සරාජිවෝ
උතුරු අක්ෂාංශ 43°52′ බටහිර දේෂාංශ 18°25′
රාජ්‍ය භාෂාව බොස්නියන්, ක්‍රෝටියන්, සර්බියන්
ජාතීන් 48% බොස්නියන්, 37% සර්බ්, 14% ක්‍රෝට්
නිදහස
සැකැස්ම අගෝස්තු 29, 1189
නිදහස අහිමිවීම 1527 (ඔටමන් රාජධානියට)
ඇස්ට්‍රොහන්ගේරියන් රාජධානියට බොස්නියා රාජධානිය සම්බන්ධ කිරීම 1908
ජාතික නිදහස නොවැම්බර් 25, 1943
නිදහස් දිනය (SFR යුගොස්ලාවියා සිට) මාර්තු 1, 1992
නිරීක්ෂණ අප්‍රේල් 6, 1992
වර්ග ප්‍රමාණය
එකතුව 51,129 වර්ග කිලෝමීටර (127), 19,767 වර්ග සැතපුම්
ජලය (%) 1.7%
ජනගහනය
2009 තක්සේරුව 4,613,414
1991 ජන සංඛ්‍යාකය 4,377,053
ඝනත්වය 90 වර්ග කිලෝමීටර (126), 230 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 30.441
සාමාන්‍ය ඩොලර් 7,623
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 18.469
සාමාන්‍ය ඩොලර් 4,625
ගිනි (2007) 30.15 (පහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2008) 0.812 (ඉහළ)
මුදල් කන්වෙරිටබ්ල් මාර්ක් (BAM))
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .ba
දුරකථන සංකේත 387

‍බොස්නියා හා හර්සගොවිනා යනු යුරෝපයේ ගිනිකොන දිග බෝල්කන් මහද්විපයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින්, බටහිරින් හා දකුණින් ක්‍රොඒෂියාවටත්, නැගෙනහිරින් සර්බියාවටත් හා ගිනිකොණින් මොන්ටනෙග්රෝවලටය. නියම් නගර මධ්‍යයේ කි.මි. 26 (සැතැප්ම 16) වන ඇඩ්රියටින් මුහුදු තීරය හැරැණු කොට බොස්නියා හා හර්සගොවිනා ගොඩබිමෙන් වැසී ඇත. රට අභ්‍යන්තරය කඳු සහිත වන අතර එම කඳු මධ්‍යම හා දකුණු දිශාවට පැතිර ඇත. වයඹ උස් මුදුන් සහිත කඳු පිහිටා ඇති අතර, ඊසාන දිගට වන්නට සමතලා භූමියන් ඇත්තේය. අභ්‍යන්තරය භූගෝලීය වශයෙන් විශාල වන අතර එහි මහද්වීපික දේශගුණය දක්නට තිබේ. මෙහි ග්‍රීෂ්ම හා ශීත කාලගුණයක් පවතී. රටෙහි දකුණු කොටසේ මධ්‍යධරණී දේශගුණයක් ඇත. රට ජන වර්ග තුනකට සීමා වේ. මොවුන් බොස්නියැක්ස් (විශාලතම කොටස), බෝස්නියන් සර්බ්ස් (දෙවනුව) හා බොස්නියන් ක්‍රොඇට්ස් (තුන්වන) නම් වේ. ජනවර්ගයා ලෙස නොව බොස්නියා හා හර්සගොවිනා වැසියන් ඉංග්‍රීසියෙන් පොදුවේ බොස්නියන් යන්න හඳුන්වයි. හර්සගොවිනියන් යන්නෙන් ප්‍රාදේශිය නියෝජනයක් වන අතර හර්සගොවිනියාවට සම්මත මායිම් නොමැත. එය දේශපාලන වශයෙන් මධ්‍යස්ථ වන අතර, එය රාජ්‍ය දෙකක් වන බොස්නියා හා හර්සගෝවිනා සංවිධානය සහ ස්පර්සිනා සමුහාණ්ඩුව නම්වේ.