ඉතාලිය
Italian Republic [Repubblica italiana] error: {{lang}}: text has italic markup (help) (ඉතාලි)
| |
---|---|
ජාතික ගීය: [Il Canto degli Italiani] error: {{lang}}: text has italic markup (help) (ඉතාලි) "The Song of the Italians" | |
![]() Location of ඉතාලිය (dark green) – in Europe (light green & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | Rome |
නිල භාෂාව(න්) | Italiana |
ජාති නාම(ය) | Italian |
රජය | Unitary parliamentary constitutional republic |
Sergio Mattarella | |
Matteo Renzi | |
ව්‍යවස්ථාදායකය | Parliament |
Senate | |
Chamber of Deputies | |
Formation | |
17 March 1861 | |
• Republic | 2 June 1946 |
• Founded the EEC (now the European Union) | 1 January 1958 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 301,338 km2 (116,347 sq mi) (72nd) |
• ජලය (%) | 2.4 |
ජනගහණය | |
• 2014 ඇස්තමේන්තුව | 60,795,612[1] (23rd) |
• 2011 ජන සංගණනය | 59,433,744[2] (23rd) |
• ඝණත්වය | 201.7/km2 (522.4/sq mi) (63rd) |
දදේනි (ක්‍රශසා) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.174 trillion[3] (12th) |
• ඒක පුද්ගල | $35,665[3] (32nd) |
දදේනි (නාමික) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.819 trillion[3] (8th) |
• ඒක පුද්ගල | $29,847[3] (27th) |
ගිනි (2011) | 31.9[4] මධ්‍යම |
මාසද (2013) | ![]() ඉතා ඉහළ · 26th |
ව්‍යවහාර මුදල | Euro (€)b (EUR) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 39c |
ISO 3166 code | IT |
අන්තර්ජාල TLD | .itd |
|
ඉතාලියේ නිල නාමය ඉතාලි ජනරජය යන්නය. ඉතාලිය කොටසක් යුරෝපා මහාද්වීපයේ ද, කොටසක් දකුණු දිග යුරෝපයේ ඉතාලියානු අර්ධද්වීපයේ ද, මධ්‍යධරණී මුහුදේ 'සිසිලිය' සහ 'සාඩීනියාව' යන විශාලතම දූපත් දෙකෙහිද ව්‍යාප්තව තිබේ. ඉතාලිය එහි උතුරු දිග 'ඇල්පයින්' මායිම, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව සහ ස්ලෝවේනියාව යන රටවල් සමඟ පොදුවේ පරිහරණය කරයි. ස්වාධීන රාජ්‍යයන් වන සැන් මැරිනෝ සහ වතිකානු පුරවරය, ඉතාලියානු අර්ධද්වීපය තුළ ඉන් වට වී පිහිටා තිබේ. කැම්පියොන් සී ඉටාලියා' (Campione d' Italia) යන ස්වාධින රාජ්‍යය, ස්විට්සර්ලන්තයේ පිහිටියකි. ඉතාලි රාජ්‍යයයෙන්, වර්‍ග කි.මී. 301338 ක භූමි ප්‍රමාණයක් ආවරණය කෙරේ. එහි සෘතුමය සමශීතෝෂ්ණ දේශගුණයක් බලපැවැත්වේ. මිලියන 60.2 ක ජනතාවකට වාසභූමිය වන ඉතාලිය, යුරෝපයේ වැඩිම ජනගහනයක් වෙසෙන හයවන රටද , ලෝකයේ ම විසිතුන් වැනි රට ද වන්නේ ය. වත්මනෙහි ඉතාලිය නමින් දන්නා භූමි ප්‍රදේශය යුරෝපීය සභ්‍යත්වයේ සහ එට්‍රස්කන්ස් (Etruscans) හා රෝමවරුන් වැනි ජනතාවකගේ සමාරම්භක ස්ථානය වුයේය. ඉතාලියේ අගනුවර වන රෝමය, ශතවර්ෂ ගණනාවක් තිස්සේ රෝම අධිරාජ්‍යයේ අගනගරය වශයෙන්, බටහිර සභ්‍යත්වයේ දේශපාලන මධ්‍යස්ථානය වුයේය. එහි ඇද වැටීමෙන් පසු අනේකවිධ විදේශිය ආක්‍රමණිකයන්, ලොම්බාර්ඩ්ස්, (Lombards) සහ 'ඔස්ට්‍රොගෝත්ස්' (Ostrogoths) වැනි ජර්මානු ගෝත්‍රිකයින්ගේ සිට නෝමන්වරු දක්වා ද වූ අතර, පසුව පැමිණි අනෙකුත් ආක්‍රමණිකයින් අතර 'බයිසන්තින් ' (Byzantines) වරුද වුහ. යුරෝපීය චින්තනය හැඩගස්වන, පසු කාලීන ක්‍රියාවලියෙහි දී පරිපූර්ණ බවට ඔප්පුවන, අතිශයින් ඵලදායී බුද්ධිමය ව්‍යාපාරයක් වූ යුරෝපීය කලා ශිල්ප පුනරුදය (Renaissance) ඇරඹෙන ජන්ම භූමිය බවට සියවස් ගණනාවකට පසුව ඉතාලිය පත්වෙයි. පශ්චාත් රෝමන් ඉතිහාසයේ වැඩි කාලයක් පුරාවට ඉතාලිය, සාඩිනියා හා සිසිලි දූපත් ද්වයේ රාජධානිය සහ මිලාන් වසම වැනි වූ විවිධ රාජධානි හා නාගරික ප්‍රාන්ත වශයෙන් කැබලි වලට වෙන් වී ගියේ ය.
'රිසෝගිමෙන්ටෝ' (Risorgimento) නමින් දන්නා, ඉතිහාසයෙහි කැළඹිලි සහිත උද්ඝෝෂණාකාර කාලපරිච්ඡේදයක් වූ 1861 වසරේ දී ඉතාලිය ඒකාබද්ධ විය. 19 වන සියවස අග භාගයේ දී පළමුවන ලෝක යුද්ධ සමය පුරා සහ දෙවන ලෝක යුද්ධය දක්වා ඉතාලියද යටත් විජිත අධිරාජ්‍යයක්ව සිටියේය. එහි පාලනය ලිබියාව, එරිත්‍රියාව, ඉතාලි සෝමලිලන්තය, ඉතියෝපියාව, ඇල්බේනියාව, රොඩේස් , ඩොඩකනීස් (The Dodecanese) සහ, දෙරටේ කැමැත්තෙන් වෙන්කරගත් චීනයේ 'ටියාන්ජින්' (Tianjin) යන, රටවල් හා ප්‍රදේශයන් දක්වා විහිද පැවතියේ ය.
නූතන ඉතාලිය, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වන අතර, ලෝකයේ අධිසංවර්ධිත රටවල් අතුරින් 18 වන ස්ථානය ගනී. ලෝකයේ ජීවන යහගුණ දර්ශක අගය අනුව (Quality of life Index rating) ඊට හිමිවන්නේ ඉතා ඉහළ ස්ථානයකි. ඉතාලි වැසියන් ඉතා ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විදින අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ ඉහල නාමික අගයක්ද පවත්වාගෙන යයි..
වර්තමානයේ හඳුන්වනු ලබන ආකාරයට යුරෝපා සංගමයේ ද, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ ද, ඉතාලිය ආරම්භක සාමාජිකයෙක් වන්නේය. 8 කණ්ඩායමටද (G8) සහ 20 කණ්ඩායමට ද (G20), ඉතාලිය සාමජික රටක් ලෙස ඇතුලත් වෙයි. ලෝකයේ සත්වන විශාලතම නාමික දළ දේශීය නිෂ්පාදිතය, දසවන ඉහලම මිලදීගැනීමේ හැකියාවේ අගය ද සහ ලොව වාර්තාවන පස්වන ඉහලම අයවැයද දක්නට ලැබෙන්නේ ඉතාලියෙහි මය. ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානයේ, ලෝක වෙළඳ සංවිධානයේ, යුරෝපා සංගමයේ සහ බටහිර යුරෝපා සංගමයේ ද සාමාජික රටක් වන්නේය. ඊට වැඩිමනක් වශයෙන් ආරක්ෂාව සඳහා වෙන්කරන මුදල් ප්‍රමාණය අනුව බැලු විට ඉතාලිය ලෝකයේ අටවන ස්ථානය ගන්නා අතර, නේටෝ සංවිධානයේ න්‍යෂ්ටික අවි, හවුලේ අයිතිව සිටී.
යුරෝපීය සහ ගෝලීය හමුදාමය, සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී කැපී පෙනෙන කාර්ය භාරයක් ඉතාලිය ඉටුකරයි. ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ලෝක ආහාර වැඩ සටහන, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල, ගෝලීය සංසඳය හා නේටෝ ආරක්ෂක විද්‍යාලය යන මුලස්ථාන රෝමයේ පිහිටුවා ඇති සංවිධාන හා ඉතාලිය අනුබද්ධිතව සිටී. මෙරටෙහි යුරොපීය දේශපාලනමය සමාජමය හා ආර්ථිකමය බලපැම් හේතු කොට ගෙන ඉතාලිය එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව, හැරුනු කොට කලාපයෙහි මහබලවතෙකු බවට පත්ව සිටී.
හමුදාමය හා ආර්ථික බලය (Hard Power) පිළිබඳව කරන ලද අධ්‍යයනයකට අනුව ඉතාලිය එකොළොස් වන ලෝක ව්‍යාප්ත ජාතික බලවතා බවට වාර්ත කර තිබේ. ඉහල අධ්‍යාපන මට්ටමක් ද, ඉහල ශ්‍රම බලකායක් ද ඉතාලිය සතුවෙයි. ගෝලීයකරණය වූ ජාතියක් වන ඉතාලිය, 2009 වසරේ හය වන ජාත්‍යන්තර හොඳම කීර්තිමත් රට වශයෙන් තේරිනි. ලෝකයේ ඉහලම ජිව්‍ය කාලය වාර්තා වන රටවලින් 19 වන ස්ථානයද, දෙවන හොඳම සෞඛ්‍ය සේවය පිරිනමන රට ලෙසද, ඉතාලිය පත් ව තිබේ. මිලියන 43.7 ක විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව සලකා බැලූ කළ ඉතාලිය ලෝකයේ සංචාරකයින්ගේ පැමිණීම අතින් පස්වන තැන ගනී. මේ දක්වා වැඩිම යුනෙස්කෝ ලෝක උරුම අඩවි දක්නට ලැබෙන රටවල් අතරින් සත්වන ස්ථානය ගන්නා ඉතාලිය, කලා ශිල්ප, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව, චිරාගත සම්ප්‍රදායන් පිළිබඳව සාඩම්බර වෙයි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "National demographic balance, year 2014". ISTAT. Retrieved 16 June 2015.
- ↑ "Census 2011 – final results" (PDF). ISTAT. Retrieved 19 December 2012.
- ↑ 3.0 3.1 3.2 3.3 "Italy". International Monetary Fund. Retrieved October 2015. Check date values in:
|accessdate=
(help) - ↑ "Gini coefficient of equivalised disposable income (source: SILC)". Eurostat Data Explorer. Retrieved 13 August 2013.
- ↑ "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. Retrieved 27 July 2014.
- ↑ "Comune di Campione d'Italia". Comune.campione-d-italia.co.it. 14 July 2010. Retrieved 30 October 2010.