එස්ටෝනියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(එස්ටෝනියා වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
එස්ටෝනියා ජනරජය
Eesti Vabariik (එස්ටෝනියන්)
ජාතික ගීය: 
  එස්ටෝනියාව හි පිහිටීම  (තද කොළ)– යුරෝපියානු මහාද්වීපය තුල  (කොළ & තද අළු)– in යුරෝපා සංගමය  (කොළ)  —  [Legend]
 එස්ටෝනියාව හි පිහිටීම  (තද කොළ)

– යුරෝපියානු මහාද්වීපය තුල  (කොළ & තද අළු)
– in යුරෝපා සංගමය  (කොළ)  —  [Legend]

අගනුවර ටලින්a
59°25′N 24°45′E / 59.417°N 24.750°E / 59.417; 24.750
විශාලතම නගරය capital
නිල භාෂාව(න්) එස්ටෝනියන්b
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්
ජනවාර්ගික කණ්ඩායම් (2016[1])
ජාති නාමය Estonian
රජය පාර්ලිමේන්තුමය ජනරජය
 -  ජනාධිපති ටූමස් හෙන්ඩ්‍රික් අයිව්ස්d
 -  අගමැති ටාවි රෝයිවස්
ව්‍යවස්ථාදායකය Riigikogu
ස්වාධින
 -  ස්වයං පාලනයක් ප්‍රකාශයට පත් 12 අප්‍රේල් 1917 
 -  Independence declared
then recognised
24 පෙබරවාරි 1918
2 පෙබරවාරි 1920 
 -  විදෙස් අත්පත් කරගැනීම 1940–1991 
 -  නිදහස යළි ස්ථාපනය 20 අගෝස්තු 1991 
 -  යුරෝපා සංගමයට සම්බන්ධ වීම 1 මැයි 2004 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 45,339[2] කිමී2 (132nde)
17,505 සතරැස් සැත 
 -  ජලය (%) 4.45%
ජනගහණය
 -  2016 ඇස්තමේන්තුව 1,315,944[3] (154වැනි)
 -  2011 ජන සංගණනය 1,294,455[4] 
 -  ඝණත්වය 28/කිමී2 (188වැනි)
75/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2016 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $38.754 බිලියන[5] 
 -  ඒක පුද්ගල $29,543[5] (42වැනි)
දදේනි (නාමික) 2016 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $23.847 බිලියන[5] 
 -  ඒක පුද්ගල $18,180[5] (41වැනි)
Gini (2013) 32.9[6]
මධ්‍යම
මාසද (2014) 0.861[7]
ඉතා ඉහළ · 30වැනි
ව්‍යවහාර මුදල යුරෝ () (EUR)
වේලා කලාපය EET (UTC+2)
 -  ගිම්හාන (DST) EEST (UTC+3)
රිය පදවන්නේ දකුණ
අන්තර්ජාල TLD .eef
ඇමතුම් කේතය +372
a. මහාධිකරණය සහ එක් අමාත්‍යාංශයක් ටාටු වල පිහිටා ඇත.
b. ව්‍යවස්ථාව අනුව එකම නිළ භාෂාව එස්ටෝනියන් භාෂාවයි.[8]දකුණු ප්‍රාන්ත වල Võro සහ සෙටො භාෂා ද, Ida-Virumaa සහ ටලින් වල රුසියානු භාෂාව ද මේ සමඟ භාවිත වේ.
c. 5.4% Võros සහ 0.93% Setos.[9]
d. SDE member but nonpartisan while in office.
e. 47,549 km2 (18,359 sq mi) were defined according to the Treaty of Tartu in 1920 between Estonia and Russia. Today, the remaining 2,323 km2 (897 sq mi) are part of Russia. The ceded areas include most of the former Petseri County and areas behind the Narva river including Ivangorod (Jaanilinn).[10] Pechory remains under Russian administration.
f. Also .eu, shared with other member states of the European Union.

එස්ටෝනියාව (Listeni/ɛˈstniə/;[11][12] එස්ටෝනියානු: Eesti [ˈeːsti])නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ එස්ටෝනියා සමූහාණ්ඩුව (එස්ටෝනියානු: Eesti Vabariik)නමිනි. මෙය උතුරු යුරෝපයේ බෝල්ටික් කලාපයේ පිහිටි රටකි[13]. එහි දේශසීමා වන්නේඋතුරින් ෆින්ලන්ත මුහුදු බොක්ක (Gulf of Finland)ත්, බටහිරින් බෝල්ටික් මුහුදත්, දකුණින් ලැට්වියාවත්, නැගෙනහිරින් පීපස් විල (Lake Peipus) සහ රුසියාවත් වෙයි. එස්ටෝනියාව සහ ලැට්වියාව අතර දේශසීමාවෙහි දිග 343 km වන අතර එස්ටෝනියාව සහ රුසියාව අතර දේශසීමාව දිගින් 338.6 km ක් වේ[14]. බෝල්ටික් මුහුදට එපිටින්, ස්වීඩනය බටහිර දෙසින් ද, උතුරින් ෆින්ලන්තය ද පිහිටා ඇත. එස්ටෝනියානු භූමි ප්‍රදේශය, ප්‍රධාන භූමියට අමතරව බෝල්ටික් මුහුදේ පිහිටා ඇති දූපත් 2222කින් සමන්විත වෙයි[15]. එහි සමස්ථ වර්ගඵලය 45,339 km2 (17,505 sq mi) වෙයි. එස්ටෝනියාවේ තෙත් මහාද්වීපික දේශගුණයක් පවතී.

ක්‍රි.පූ. 6,500 ට පමණ පෙර සිටම එස්ටෝනියානු භූමියේ පදිංචිකරුවන් සිට ඇත. නූතන එස්ටෝනියානු භාෂාවේ ආදි නෑයින් වන ෆිනො-යූග්‍රික් (Finno-Ugric) බස කතා කල මිනිසුන් එස්ටෝනියාවට පැමිණියේ ක්‍රි.පූ. 1800 ට පමණ පෙරාතුවය.[16][17] අනුක්‍රමිකව ශතවර්ෂ ගණනාවක් තිස්සේ ටියුටෝනික, ඩෙන්මාර්ක, ස්වීඩන් සහ රුසියානු පාලනයට යටත්ව සිටි එස්ටෝනියානුවන් තුළ ජාතික පිබිදීමක් ඇතිවීම නිසා පළමු ලෝක යුද්ධය අවසාන වන විට රුසියානු අධිරාජ්‍යයෙන් නිදහස හිමි කර ගැනීමට එස්ටෝනියාව සමත් විය. දෙවන ලෝක යුධ සමයේ (1940) දී සෝවියට් සංගමය විසින් එස්ටෝනියාව අත්පත් කර ගන්නා ලදී. ඊට වසරකට පසු නාසි ජර්මනිය විසින් ද, නැවතත් 1944 දී සෝවියට්වරු විසින් ද එස්ටෝනියාව අත්පත් කර ගන්නා ලදී. එතැන් පටන් එය හැඳින්වුණේ එස්ටෝනියන් සෝවියට් සමාජවාදී ජනරජය (Estonian Soviet Socialist Republic) ලෙසටයි. 1988 ගායන විප්ලවය (Singing Revolution) සමයේ දී නීතිවිරෝධී සෝවියට් පාලනයට විරෝධය පළකරමින් එස්ටෝනියන් SSR විසින් එස්ටෝනියානු ස්වෛරීත්වය පිලිබඳ නිත්‍යානුකුල අයිතිය ඉල්ලා සිටින ලදී.[18] 1991 සෝවියට් කුමන්ත්‍රණ ප්‍රයත්නය මධ්‍යයේම, 1991 අගෝස්තු 20 දින රාත්‍රියේ දී එස්ටෝනියාවේ ස්වාධීනත්වය යළි ස්ථාපනය කරන ලදී.

නූතන එස්ටෝනියාව පාර්ලිමේන්තුමය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. එය ප්‍රාන්ත 15කින් සමන්විත වෙයි. එස්ටෝනියාවේ අගනුවර මෙන්ම විශාලම නගරය වන්නේ ටලින් (Tallinn) ය. මිලියන 1.3 ක ජනගහණයක් සහිත එස්ටෝනියාව, යුරෝපා සංගමයේ, Eurozone හි, NATO හි, OECD හි සහ Schengen ප්‍රදේශයේ අවම ජනගහණයක් රටවල් අතුරින් එකක් වෙයි.

එස්ටෝනියාව සංවර්ධිත රටකි. එහි ඉහළ දේශීය ආදායම් අගයක් පවතින අතර එය EU හි වැඩිම වේගයකින් වර්ධනය වන අගයන් අතර පවතී. එස්ටෝනියාවේ මානව සංවර්ධන දර්ශකය ඉතා ඉහළ අගයක් ගනී. ආර්ථික නිදහස, ප්‍රජා ස්වාධීනත්වය, අධ්‍යාපනය හා මාධ්‍ය නිදහස උදෙසා වාසිදායක ප්‍රතිපත්තීන් එස්ටෝනියාවේ ක්‍රියාත්මක වෙයි.[19] [20]

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. Rahvaarv rahvuse järgi, 1. jaanuar, aasta. Statistics Estonia. සම්ප්‍රවේශය 10 June 2016. 
  2. ESTONIA – Look and you will see! (PDF). සම්ප්‍රවේශය 27 July 2015. 
  3. Statistics Estonia. Stat.ee. 4 May 2016. සම්ප්‍රවේශය 4 May 2016.  (2016 මැයි 4 ඇස්තමේන්තුව)
  4. PHC 2011 RESULTS. Statistics Estonia. සම්ප්‍රවේශය 26 ජනවාරි 2016. 
  5. 5.0 5.1 5.2 5.3 Estonia. International Monetary Fund. සම්ප්‍රවේශය 25 අප්‍රේල් 2016. 
  6. Gini coefficient of equivalised disposable income (source: SILC). Eurostat Data Explorer. සම්ප්‍රවේශය 5 January 2014. 
  7. 2015 Human Development Report (PDF). United Nations Development Programme. 2015. සම්ප්‍රවේශය 14 December 2015. 
  8. Constitution of the Republic of Estonia, 6th article
  9. Võrokesed ees, setod järel. postimees.ee (13 July 2012).
  10. Territorial changes of the Baltic states Soviet territorial changes against Estonia after World War II
  11. Definition of Estonia. The Free Dictionary. සම්ප්‍රවේශය 29 October 2013.  /ɛˈstniə,_ɛˈstnjə/
  12. Define Estonia. Dictionary.com. සම්ප්‍රවේශය 29 October 2013.  /ɛˈstniə,_ɛˈstnjə/
  13. United Nations Statistics Division- Standard Country and Area Codes Classifications (M49). Unstats.un.org. 31 October 2013. සම්ප්‍රවේශය 31 March 2016. 
  14. Estonian Republic. Archived from the original on 21 July 2011. සම්ප්‍රවේශය 21 July 2011. . Official website of the Republic of Estonia (in Estonian)
  15. Matthew Holehouse Estonia discovers it's actually larger after finding 800 new islands The Telegraph, 28 August 2015
  16. Petri Kallio 2006: Suomalais-ugrilaisen kantakielen absoluuttisesta kronologiasta. — Virittäjä 2006. (With English summary).
  17. Häkkinen, Jaakko (2009). Kantauralin ajoitus ja paikannus: perustelut puntarissa. – Suomalais-Ugrilaisen Seuran Aikakauskirja (PDF). p. 92. 
  18. For a legal evaluation of the annexation of the three Baltic states into the Soviet Union, see K. Marek, Identity and Continuity of States in Public International Law (1968), 383–91
  19. Estonian Economic Miracle: A Model For Developing Countries. Global Politician. Archived from the original on 28 June 2011. සම්ප්‍රවේශය 5 June 2011. 
  20. Press Freedom Index 2016 – Reporters Without Borders. En.rsf.org. සම්ප්‍රවේශය 29 May 2016. 
"https://si.wikipedia.org/w/index.php?title=එස්ටෝනියාව&oldid=371777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි