පෘතුගාලය

අගනුවර සහ විශාලතම නගරය | ලිස්බන් |
රාජ්‍ය භාෂාව | පෘතුග්‍රීසියානු |
ජන වර්ගය | 96.87% පෘතුග්‍රීසි |
රාජ්‍යය | පාර්ලිමේන්තු සමූහාණ්ඩුව |
ජනාධිපති | ඇනිබල් කැවකෝ සිල්වා (Psd) |
අගමැති | ආන්තොනිඔ ලුඉස් සන්ටෝස් ද චොස්ට |
වර්ග ප්‍රමාණය | එකතුව - 92,090/km2, 35,645 /sqmi |
ජලය (%) | 0.5% |
ජන ගහණය - 2009 තක්සේරුව | 10,707,924 |
ඝනත්වය | 114 km2 , 259 /sq mi |
GDP (PPP)- 2008 තක්සේරුව | එකතුව - $ 236,049 බිලියන |
ඒක පුද්ගල අදායම | $ 22,232 |
මුදල් | යුරෝ (EVR) |
කාල මණ්ඩලය | WET (UTC0) ග්‍රීෂ්ම සෘතුව (DST) WEST (UTC + 1) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාලය | TLD. pt |
දුරකථන සංකේතය | 351 |
පෘතුගාලය (පෘතුගීසි: [පුර්තුගාල්] error: {{lang}}: text has italic markup (help) ; මිරන්ඩීස්: [Pertual] error: {{lang}}: text has italic markup (help)), නිල වශයෙන් පෘතුගීසි ජනරජය (පෘතුගීසි: [රෙපුබ්ලීකා පොර්තුගීසා] error: {{lang}}: text has italic markup (help); මිරන්ඩීස්: [República Pertuesa] error: {{lang}}: text has italic markup (help)), යනු ඒකීය අර්ධ-ජනාධිපතිමය ජනරජයකි. එය පිහිටා ඇත්තේ, නිරිත දිග යුරෝපයේ, අයිබීරියානු අර්ධද්වීපයෙහි වන අතර, බටහිර දිශාවෙන් සහ දකුණු දිශාවෙන් අත්ලාන්තික් සාගරයෙන්ද, උතුරු සහ නැගෙනහිර දිශාවලින් ස්පාඤ්ඤයෙන්ද මායිම් වී ඇති එය, ප්‍රධාන-භූමි ප්‍රදේශ යුරෝපයෙහි ඉතාමත් බටහිර දිශාවෙන් පිහිටි රට වෙයි. පෘතුගීසි සමූහාණ්ඩුවේ අතීත කාලයේ සිට අඛණ්ඩ ජනපදිකයන් වූයේ ගලේසි, ලුසිමෑනියන් සෙල්ටිසි,සයිනෙටිස්,ෆිනිෂියන්ස්,තාතජිනියන්, රෝමන්ස්, ජර්මානු යන ජන වර්ගයන්ය. මෙම ප්‍රදේශය රෝමානු අධිරාජ්‍යට සම්බන්ධ වූ අතර රෝමානු පදිංචිකරුවන් පෘතුග්‍රීසි සංස්කෘතියට අනුව හැඩ ගැසුණි. අටවන ශතවර්ෂයේදී මුස්ලිම් මුවර් විසින්ක්‍රිස්තියානි ජර්මන් රාජධානිය පිහිටුවන ලදි.1143 සහ 1249 එහි මායිම් පෘතුග්‍රීසින් යටතේ විය. 15 වන 16 වන ශත වර්ෂය තුළ වරාය ගවේෂණයන් තුළින් ගෝලීය රාජ්‍යයක් නිර්මාණය වු අතර එහි අප්‍රිකානු, ආසියානු දකුණු හා ඇමරිකානු ජාතීන් ඇතුලත් විය. 1755 පමණ සිදුවු භූමි කම්පාවෙන් හා ස්පාඤ්ඤ සහ ප්‍රංශ ආක්‍රමණයන්ගෙන් අනතුරුව එහි විශාලතම ප්‍රදේශයවන බ්‍රසීලය අහිමි විය. මේ නිසා දේශපාලන ස්ථාවර භාවය හා ආර්ථික වර්ධනය අඩාල විය.පෘතුගාලය සංවර්ධිත රටකි. ලෝකයේ ඉහළම ජීවන මට්ටම ඇති රටවල් අතුරින් පෘතුගාලයට හිමිවන්නේ 19 වන ස්ථානයයි. එය ලොව 14 වන නිදහස් රට හා 13 වන ගෝලීයකරණය වූ රට වෙයි. පෘතුගාලය ලැටින් සංගමයයේ ආරම්භක සාමාජිකයකු වන්නේය. එය සාමාජිකත්වය දරන්නේ යුරෝපානු සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය, ලිබරෝ ඇමරිකානු රාජ්‍ය සංවිධානය සහ නේටෝ යුරෝපීය සංගමය යන ඒවාගේය.