පපුවා නවගිනිය

විකිපීඩියා වෙතින්
tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය විවිධත්වය තුලින් එකමුතුකම
ජාතික ගීය අවදිවනු මැන පුතණුවනි
             සිතියම
ගොනුව:Papua New Guinea (orthographic projection).jpg
අගනුවර සහ විශාලම නගරය ජෝට් මොරෙස්බී
උතුරු අක්ෂාංශ 9 30' බටහිර දේෂාංශ 147 07'
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසී, ටොක් පිසින්, හිරි මොටු
රාජ්‍ය ඒකාබද්ධ ව්‍යවස්ථාමය රාජාණ්ඩු සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය
රැජින II එලිසබෙත් රැජින
අගමැති සර් මිචෙල් සොමාරි
නිදහස ඔස්ට්‍රේලියාව සිට
ස්වයං රාජ්‍යය 1 දෙසැම්බර් 1973
නිදහස 19 සැප්තැම්බර් 1975
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 462 840
වර්ග සැතපුම් 178 703
ජලය (%) 2
            ජනගහනය
2009 තක්සේරුව 6 732 000
2000 ජන සංගණනය 5 190 783
ඝනත්වය වර්ග කිලෝමීටර 14.5
වර්ග සැතපුම් 37.7
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 13.064
සාමාන්‍ය ඩොලර් 2 108
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 8.092
සාමාන්‍ය ඩොලර් 1 306
ගිනි (1996) 50.9 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2009) 0.541 (මධ්‍යය)
මුදල් පැපුවා නිව් ගිනියානු කිනා (PGK)
මං තීරුව වම
අන්තර්ජාල TLD .pg
දුරකථන සංකේත 675

පැපුවා නිව් ගිනියා නිදහස් රාජ්‍ය ඕශනියාහි පිහිටි රටක් වන අතර එය නැගෙනහිර නිව් ගිනියා හා දියඹේ පිහිටි විවිධ දුපත් ද අන්තර්ගතව පිහිටා ඇත. එය පිහිටා ඇත්තේ නිරිත දිග පැසිෆික් සාගරයේ, 19 ශතවර්ෂ‍‍යේ සිට රාජ්‍යයන් ලෙස සැලකූ මෙලනීසියාවය. අගනුවර වන්නේ ජෝර්ට් මොරෙස්බිය. මෙම රට ලෝකයේ විවිධත්වය අතින් ඉහළින් ඇති රටවල්වලින් එකකි. එහි ආවේණික භාෂාවන් 850 පමණ මුළු ජනගහනය වන මිලියන 7 අතරේ භාවිතා වේ. එහි වඩා වැඩි ගම්බදව ජීවත්වන පිරිසක් සිටින අතර නාගරිකව වෙසෙන්නේ 18% ක් පමණි. එරට ලෝකයේ අඩුවෙන්ම ගවේෂණය කල රට වන අතර එය සංස්කෘතිකමය හා භුගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක් ගනී. බොහෝ සොයා නොගත් සතුන් හා ශාක මේ අතර විශේෂ වේ. ජනයා දේශීය සමාජයක් තුල ජිවත් වන අතර ‍කෘෂිකර්මය මුලික කොටගත් සමාජයක ජීවත් වේ. ජනතාව තුල රජයේ ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිළි පිළිගැනීමක් ඇත. රටේ ව්‍යවස්ථාව ස්ථිරවම පිළිගත් චාරිත්‍රානුකූල ඉඩම් පනත් මඟින් විවිධ නීති ක්‍රියාත්මක කර ඇත. මෙයින් රටේ ආවේණික ජනතාවට නීතිමය අයිතියක් ලැබි ඇත. මෙම චාරිත්‍රානුකූල භූමි සඳහා රටේ බොහෝ වගා කළ හැකි බිම් අයත්ය. නිදහසේ බුක්ති විදිය හැකි දේපල අයිතිය ඇත්තේ පැපුවා නිව් ගිනියා ජනතාවට පමණි. විදේශිය බලවේග 3 ක් 1884 සිට මෙරට පාලනයෙන් පසු 1975 වර්ෂයේ දී ඔස්ට්‍රේලියාවෙන් නිදහස ලැබිය. එය 2 වන ‍එලි‍සබෙත් රැජිනගේ රාජධානියක් ලෙස පවතී. බොහෝ ජනයා ඉතා දිළිඳුව ජිවත් වන අතර ජනගහනයෙන් 1/3 ක්, දිනකට ඇ.ඩො. 1.25 ට වඩා අඩුවෙන් උපයයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පපුවා_නවගිනිය&oldid=385298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි