ඊශ්‍රායලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ඊශ්‍රායෙලය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
State of Israel
  • מְדִינַת יִשְׂרָאֵל (Hebrew)
  • دَوْلَة إِسْرَائِيل (අරාබි)
Centered blue star within a horizontal triband Centered menorah surrounded by two olive branches
ජාතික ගීය: "Hatikvah" (Hebrew)
"The Hope (බලාපොරොත්තුව)"

Projection of Asia with Israel in green
අගනුවර ජෙරුසලෙම  (disputed)
31°47′N 35°13′E / 31.783°N 35.217°E / 31.783; 35.217
විශාලතම නගරය capital
නිල භාෂාව(න්)
ජනවාර්ගික කණ්ඩායම් (2014)
ජාති නාමය Israeli
රජය Unitary parliamentary republic
 -  President Reuven Rivlin
 -  Prime Minister Benjamin Netanyahu
ව්‍යවස්ථාදායකය Knesset
Independence
 -  Declared 14 May 1948 
 -  Recognition 1 May 1949 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 20,770 / 22,072[note 1] කිමී2 (153rd)
8,019 / 8,522 සතරැස් සැත 
 -  ජලය (%) 2.12 (440 km2 / 170 mi2)
ජනගහණය
 -  2014 ඇස්තමේන්තුව 8,238,300[1] (96th)
 -  2008 ජන සංගණනය 7,412,200[2] (99th)
 -  ඝණත්වය 387.63/කිමී2 (34th)
1,004.00/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2014 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $286.840 billion[3] 
 -  ඒක පුද්ගල $35,658[3] (25th)
දදේනි (නාමික) 2014 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $305.707 billion [3] 
 -  ඒක පුද්ගල $38,004[3] (25th)
Gini (2008) 39.2[4]
මධ්‍යම · 66th
මාසද (2013) 0.888[5]
ඉතා ඉහළ · 19th
ව්‍යවහාර මුදල Israeli new shekel (‎) (ILS [6])
වේලා කලාපය Israel Standard Time (UTC+2)
 -  ගිම්හාන (DST) Israel Summer Time (UTC+3)
දින ආකෘති
  • dd-mm-yyyy (CE)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .il
ඇමතුම් කේතය +972


ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලයේ අරාබි රට වැසියන්ගෙන් දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම සෑදී තිබෙන අතර මුස්ලිම්වරු, ක්‍රිස්තියානි භක්තිකයින්, ඩෲස් (Druze) සහ සාමාරියානුවන් (ආදී සමාරියේ වැසියන් ) මීට ඇතුලත් වෙති. නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ ඵෙතිහාසික හා ආගමික ප්‍රභවයේ මුලාරම්භය වනුයේ බයිබලයේ දැක්වෙන ඊශ්‍රායල් භූමියයි (Biblical Land of Isreal). පුරාතන යුග‍යේ සිටම යුදෙව් ආගමට කේන්ද්‍ර වූ සංකල්පයක් වන 'ඊශ්‍රායෙන් භූමිය' 'සියොන්' (Zion) නමින් ද දැක්වේ. යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන් හැඩ ගැසෙන්නට විය. යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීම පිළිබඳ මනාපය රැගත් බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය, 1917 'බල්ෆොර් ප්‍රකාශනයෙන්' (Balfour Decla ration) විධිමත් කරන ලදි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පලස්තීනය සහ එතුළ 'යුදෙව් ජාතික නිජබිම ' පිහිටුවීමේ වගකීම, ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් මහා බ්‍රිතාන්‍ය වෙත පවරනු ලැබීය.


යුදෙව් රාජ්‍යයක් හා අරාබි රාජ්‍යයක් බිහි කිරීම සහ ජෙරුසලම එක්සත් ජාතීන්ගේ පාලනයට නතු කිරීම යන කර්තව්‍යයන් තුන සඳහා පලස්තීනයේ කොටස් වෙන් කිරීමට පක්ෂව 1947 නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ වරම ලැබිණි. ප්‍රස්තුත කොටස් කිරීම යුදෙව් ජන නායකයින් පිළිගනු ලැබුවද, අරාබි නායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. මෙය සිවිල් යුද්ධයකට මග පාදන්නක් විය. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත් කළේය. පසුදිනම අරාබි රාජ්‍යයන් එක්ව පහර දුන්හ. එතැන් පටන් ඊශ්‍රායලය අසල්වැසි අරාබි රාජ්‍යයන් සමඟ අනුක්‍රමික යුද ගණනාවක පැටලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විවිධ පෙදෙස් ඊශ්‍රායලය විසින් බලෙන් අල්ලා ගෙන ඇත. බටහිර ඉවුර හා ගාසා තීරය එවන් ප්‍රදේශ දෙකකි. මේ තත්ත්වය 1949 'ආමිස්ටයිස්' ගිවිසුමේ සවිස්තරව සඳහන් කර ඇති වගන්ති අභිබවා ඇති නමුදු පලස්තීනය සමඟ ඇති ආරවුල සමථයකට පත් කර ගැනීමේ උත්සාහය මෙතෙක් ලබා ඇත්තේ සීමිත සාර්ථකත්වයකි. ඊශ්‍රායලයේ සමහර ජාත්‍යන්තර දේශසීමා පිළිබඳ මතභේද තවමත් අවසන්ව නැත.


පාර්ලිමේන්තු ක්‍රමය හා සර්වජන ඡන්ද ක්‍රමය ද ඇතුලත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහිත ඊශ්‍රායලය සංවර්ධිත රටකි. අග්‍රාමාත්‍යවරයා රජයේ නායකයා වන අතර 'නෙසට්' ( Knesset) නම් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ඊශ්‍රායල‍යේ ව්‍යවස්ථාදායකය වෙයි.


'නාමික දළ දේශිය නිෂ්පාදිතය' මත පදනම් වූ ආර්ථිකය, 2008 වසරේ දී වාර්තා වූයේ ලොව 41 වන විශාලතම ආර්ථිකය ලෙසිනි. එක්සත් ජාතීන්ගේ 'මානව සංවර්ධන දර්ශකයේ' මැදපෙරදිග රටවල් අතර ඉහලම මට්ටම වාර්තා වන්නේ ඊශ්‍රායලයෙනි. වැඩිම ජිව්‍ය කාලය වාර්තා වන රටවල් අතරින් ද, ඊශ්‍රායලය එකකි. ප්‍රධාන මුල්‍ය මධ්‍යස්ථානය 'ටෙල් අවීව්' වන අතර, ජාත්‍යන්තර වශයෙන් නොපිළිගත් නමුත් ඊශ්‍රායලයේ අගනගරය වන්නේ 'ජෙරුසෙලමය'.




ඉතිහාසය[සංස්කරණය]

“ඊශ්‍රායෙල් යන වචනය පළමුවෙන් ම සඳහන් වන්නේ ක්‍රි.පූ. දෙවන සහස්‍රවර්ෂයේ අවසාන කොටසට අයත් මිසර පුරාණ ලේඛනයන්හි ය. එම ලේඛනයන්හි මෙම වචනය යොදා ඇත්තේ පලස්තීන කඳුකරයේ විසූ ගෝත්‍රයන් හැඳින්වීමටයි. දකුණු දිග ප්‍රදේශයන්හි සිට පලස්තීන කඳුකර ප්‍රදේශයට ඊශ්‍රායෙල් වර්ගයා සංක්‍රමණය වන්නට ඇත්තේ ක්‍රි.පූ. 1300 – 1100 අතරතුරේ දී යැයි පිළිගැනේ. මුළු ඊශ්‍රායෙලය ම නැතහොත් ඊශ්‍රායෙල් වාසීන් ජීවත් වූ ප්‍රදේශය එක්සත් කිරීමට ක්‍රි.පූ. 1020 දී සාවුල් රජුට හැකි විය. පැරැණි ඊශ්‍රායෙලයේ ශ්‍රේෂ්ඨතම අවධිය දාවිත් (ක්‍රි.පූ. 1010 – 970) රජු යටතේ ආරම්භ වන අතර එහි උච්චතම අවස්ථාව ඇති වන්නේ සොලමන් (ක්‍රි.පූ. 970 – 930 ) රජ කල ය. මේ කාලයේ දී ඊශ්‍රායෙල් ජනතාවට ඔවුන් ගේ විරුද්ධවාදීන් හැම පැරදවීමට හැකි විය. පලස්තීන් නම් තම බලය පලස්තීනයේ සීමාවන් ගෙන් ඔබ්බට ද ව්‍යාප්ත කළ හ.”

යුදෙව් විරෝධී ව්‍යාපාරය සෙමිටික් විරෝධය යනුවෙන් දේශපාලන ව්‍යවහාරයේ දැක් වේ. නයිල් ගඟේ දූපතක පිහිටි යුදෙව් දේවාලයක් ක්‍රිස්තුස් වහන්සේ ගේ උපතට වසර හාරසියයකට පමණ පෙර මිසර පූජක පිරිසක් විසින් විනාශ කිරීම නිසා මේ සෙමිටික් විරෝධය උපත ලද බව කියැ වේ. එහි උච්චතම අවස්ථාව වූයේ හිට්ලර් ගේ නාසිවාදී ප්‍රහාරය යි. යුදෙව් ආගමට ක්‍රිස්තු ධර්මයෙන් එල්ල වූ විරෝධයත්, පොලීකරුවන් හා බඩු උකස්කරුවන් වූ යුදෙව්වන්ට විරුද්ධ ව එල්ල කළ ආර්ථික විරෝධයත් මේ ඓතිහාසික විරෝධය සමඟ බැඳුණු අතිරේක කරුණු ය.

යුදෙව්වන්ට එරෙහි මේ ඓතිහාසික විරෝධය පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙන යෑම සඳහා පුහුණු කැරේ. මෙයට මුහුණදීම සඳහා යුදෙව්වන් විසින් 1870 දී සියෝනිවාදය (Zionism) ආරම්භ කරන ලදී. එහි අරමුණ වූයේ සිය ශුද්ධභූමිය වන පලස්තීනයේ යුදෙව් රාජ්‍යය පිහිටුවීම ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගේ සහයෝගය මත 1917 දී බිහි වූ බැල්ෆර් ප්‍රකාශනයෙන් ලද ආශීර්වාදය නිසා එය 1948 දී යථාර්ථයක් බවට පත් විණි.

නිදහස[සංස්කරණය]

එක්සත් ජාතීන්ගේ පාර්ශ්වයේ යෝජනාව[සංස්කරණය]

WE DECLARE that, with effect from the moment of the termination of the Mandate being tonight, the eve of Sabbath, the 6th Iyar, 5708 (15th May, 1948), until the establishment of the elected, regular authorities of the State in accordance with the Constitution which shall be adopted by the Elected Constituent Assembly not later than the 1st October 1948, the People's Council shall act as a Provisional Council of State, and its executive organ, the People's Administration, shall be the Provisional Government of the Jewish State, to be called "Israel".

ජන වරමක සේවය අවසන් වන මොහොතක බලපෑම සමඟ, අද රාත්‍රියේ, සබත් සැන්දෑවේ, 6 වන ඉයර්, 5708 (15 මැයි, 1948), අපි ප්‍රකාශයට පත් කරන්නෙමු, තේරී පත්වූවන් ගේ පත්වීම් ලැබෙන තුරු, තේරී පත් වූ ව්‍යවස්ථාදායක සභාව විසින් සම්මත කල යුතු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ නිත්‍ය බලධාරීන් 1948 ඔක්තෝබර් පළමු දිනට ප්‍රථම, මහජන සභා, රාජ්‍යයේ තාවකාලික කවුන්සිල සහ එහි විධායක අංගයක් ලෙස ක්‍රියා කල යුතුය, ''ඊශ්‍රායලය'' ලෙස හැඳින්වීම් ලැබීමට, මහජන පරිපාලනය, යුදෙව් රාජ්‍යයේ තාවකාලික ආණ්ඩුව විය යුතුය.

THE STATE OF ISRAEL will be open for Jewish immigration and for the Ingathering of the Exiles; it will foster the development of the country for the benefit of all its inhabitants; it will be based on freedom, justice and peace as envisaged by the prophets of Israel; it will ensure complete equality of social and political rights to all its inhabitants irrespective of religion, race or sex; it will guarantee freedom of religion, conscience, language, education and culture; it will safeguard the Holy Places of all religions; and it will be faithful to the principles of the Charter of the United Nations.

ඊශ්‍රායල් රාජ්‍යය, යුදෙව්වන්ගේ ආගමනය සහ පිටුවහල් කලවුන්ගේ එකතු වීම සඳහා විවෘතව පවතිනු ඇත; සියළු රටවැසියන්ට ප්‍රතිලාභ අත් කරදෙන සංවර්ධනයක් රට තුළ ඇති කිරීම සඳහා එය කැපවනු ඇත; ඊශ්‍රායලයේ දිවැසිවරයන් සැලසුම් කර ඇති පරිදි එය, නිදහස, යුක්තිය සහ සාමය මත පදනම් වනු ඇත; ජාති, ආගම් හෝ ලිංග භේදයකින් තොරව සමාජයේ පූර්ණ සමානාත්මතාවය සහ දේශපාලන අයිතිවාසිකම් තහවුරු කෙරෙනු ඇත; ආගමික, හෘදය සාක්ෂිමය, භාෂාමය, අධ්‍යාපනික සහ සංස්කෘතික නිදහස සහතික කෙරෙනු ඇත; සියළු ආගමිකයන්ගේ ශුද්ධ වූ ස්ථාන වලට ආරක්ෂාව සැලසෙනු ඇත; එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්ට විශ්වාසවන්ත වනු ඇත.

THE STATE OF ISRAEL is prepared to cooperate with the agencies and representatives of the United Nations in implementing the resolution of the General Assembly of the 29th November, 1947, and will take steps to bring about the economic union of the whole of Eretz-Israel.

1947, නොවෙම්බර් 29 වන දින ප්‍රධාන රැස්වීමේ දී ඉදිරිපත් කල යෝජනාව ක්‍රියාවට නංවමින් එක්සත් ජාතීන්ගේ ආයතන සහ නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඊශ්‍රායල් රාජ්‍යය සුදානම්ය. එමෙන්ම සමස්ථ ඊශ්‍රායලයේම ආර්ථික සමිති ගැන ගෙන ඒමට පියවර ගනු ඇත.

WE APPEAL to the United Nations to assist the Jewish people in the building-up of its State and to receive the State of Israel into the comity of nations.

ඔවුන්ගේ රාජ්‍යය ගොඩනැංවීමෙහිලා යුදෙව් මිනිසුන්ට සහාය ලබා දෙන ලෙසට හා ජාතීන්ගේ අනුග්‍රහය සහ සැලකිල්ල ඊශ්‍රායල් රාජ්‍යය වෙත ලබා ගැනීමට සහාය වන ලෙසට අපි, එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

WE APPEAL - in the very midst of the onslaught launched against us now for months - to the Arab inhabitants of the State of Israel to preserve peace and participate in the upbuilding of the State on the basis of full and equal citizenship and due representation in all its provisional and permanent institutions.

WE EXTEND our hand to all neighbouring states and their peoples in an offer of peace and good neighbourliness, and appeal to them to establish bonds of cooperation and mutual help with the sovereign Jewish people settled in its own land. The State of Israel is prepared to do its share in a common effort for the advancement of the entire Middle East.

WE APPEAL to the Jewish people throughout the Diaspora to rally round the Jews of Eretz-Israel in the tasks of immigration and upbuilding and to stand by them in the great struggle for the realization of the age-old dream - the redemption of Israel.

PLACING OUR TRUST IN THE "ROCK OF ISRAEL", WE AFFIX OUR SIGNATURES TO THIS PROCLAMATION AT THIS SESSION OF THE PROVISIONAL COUNCIL OF STATE, ON THE SOIL OF THE HOMELAND, IN THE CITY OF TEL-AVIV, ON THIS SABBATH EVE, THE 5TH DAY OF IYAR, 5708 (14TH MAY,1948).

අපගේ විශ්වාසය ඊශ්‍රායල පර්වතය තුළ තබමින්, මව්බිමේ පස මත, ටෙල්-අවිව් නගරයෙහි, මෙම සබත් සැන්දෑවේ, ඉයර් 5708, 5 වන දිනයෙහි (14, මැයි 1948), රාජ්‍යයේ තාවකාලික සභාවේ මෙම සැසියේ දී, අපි අපගේ අත්සන් මෙම ප්‍රකාශනයට තබන්නෙමු.

Closing Paragraphs of the Israeli Declaration of Independence, as translated by the Israel Ministry of Foreign Affairs[7] ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පරිවර්තනය කල පරිදි, ඊශ්‍රායල නිදහස් ප්‍රකාශනයේ අවසන් ඡේද

දෙවන ලෝක යුද්ධයෙන් පසු පමණ ඉක්මවා ගිය යුදෙව් ආගමන නිසා යුදෙව් ප්‍රජාව සමඟ බ්‍රිතාන්‍යයට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදු විය. එමෙන්ම අරාබි ප්‍රජාවන්ගේ පමණ ඉක්මවා ගිය වැඩි වීම, අර්බුදකාරී තත්ත්වය උග්‍ර කළේය. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ආයුධ සන්නද්ධ අරගලයක දී හගනාව (Haganah), ඉර්ගුන් (Irgun) සහ ලේහි (Lehi) සමඟ එකතු විය. එම කාලයේ දීම සිය දහස් ගණනක් වූ, සමූල ඝාතන වලින් දිවි රැක ගත්තා වූ සහ සරණාගත වූ යුදෙව්වන්, විනාශ වී ගිය ඔවුන්ගේ යුරෝපිය ජනාවාස වලට ඈතින් නව ජිවිතයක් ඉල්ලා සිටියහ. ඒ වන විට පලස්තීනයේ ජනාවාස පිහිටුවාගෙන සිටි යුදෙව් ප්‍රජාවන් විසින්, එම සරණාගතයන් පලස්තීනයට ගෙන්වා ගැනීමට උත්සාහ කල ද බොහෝමයක් දෙනා හරවා යවනු ලැබූ අතර බ්‍රිතාන්‍යයන් විසින් ඇට්ලිට් සහ සයිප්‍රස් වල පිහිටි රඳවා තැබීමේ කඳවුරු වල ගාල් කරනු ලැබිණි. තීව්‍ර වෙමින් පැවති ප්‍රචණ්ඩත්වය කූඨප්‍රාප්තියට පත් වුයේ බෲස් හොෆ්මන් විසින් ''විසිවන සියවසේ වඩාත් මාරාන්තික ත්‍රස්ත සිදුවීම්'' වලින් එකක් ලෙස හඳුන්වනු ලැබූ, කිං ඩේවිඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරයත් සමඟයි. අරාබිකයන් සහ යුදෙව්වන් යන දෙපිරිසටම පිළිගත හැකි විසඳුමක් කරා ලඟා වීමට නොහැකි වූ බව ප්‍රකාශ කරමින් 1947 දී, පලස්තීනයේ යුදෙව් ජනාවාස පිහිටුවීම අත්හරින බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේය.

1947 මැයි 15 වන දින, අභිනවයෙන් පිහිටුවනු ලැබූ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන රැස්වීමේ දී, ''පලස්තීනයේ අර්බුදය, මීළඟ සමුළු සැසිවාරයේ දී සලකා බැලීමට සුදානම් වීම සඳහා, ඒ පිළිබඳ වාර්තාවක්'' සැකසීමට කමිටුවක් (පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුව - UNSCOP) පිහිටුවනු ලැබිය. UN ප්‍රධාන සමුළුවට ඉදිරිපත් කළ 1947 සැප්තැම්බර් 3 දිනැති අදාළ කමිටු වාර්තාවේ VI වන පරිච්ඡේදය තුළ කමිටු සාමාජිකයන්ගෙන් බහුතරය, ''අන්තර්ජාතික භාරකාරීත්වය යටතේ පැවතිය යුතු, නිදහස් අරාබි රාජ්‍යයක්, නිදහස් යුදෙව් රාජ්‍යයක් සහ ජෙරුසලම් නගරය...'' මගින් බ්‍රිතාන්‍ය අධිකාරිය ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා කරන ලදී.

සටහන්[සංස්කරණය]

  1. 20,770 is Israel within the Green Line. 22,072 includes the annexed Golan Heights and East Jerusalem.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Israel Central Bureau of Statistics, Population, end of 8/2014". Israel Central Bureau of Statistics. 22 October 2014. සම්ප්‍රවේශය 22 October 2014. 
  2. "The 2008 Israel Integrated Census of Population and Housing" (PDF). Israel Central Bureau of Statistics. 28 December 2008. සම්ප්‍රවේශය 17 February 2012. 
  3. 3.0 3.1 3.2 3.3 "Report for Selected Countries and Subjects". International Monetary Fund. April 2014. සම්ප්‍රවේශය April 2014.  Check date values in: |access-date= (help)
  4. "Distribution of family income – Gini index". The World Factbook. Central Intelligence Agency. සම්ප්‍රවේශය 1 September 2009. 
  5. "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014. 
  6. sometimes as NIS
  7. http://www.mfa.gov.il/mfa/foreignpolicy/peace/guide/pages/declaration%20of%20establishment%20of%20state%20of%20israel.aspx Declaration of Establishment of State of Israel Israel Ministry of Foreign Affairs
"https://si.wikipedia.org/w/index.php?title=ඊශ්‍රායලය&oldid=357039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි