කැමරූන්
ආදර්ශ පාඨය | "සාමය – කාර්යය – ජන්ම භූමිය" |
සිතියම | |
ගොනුව:250px-LocationCameroon.svg.png | |
අගනුවර සහ විශාලම නගරය | යොවුන්ඩ්, ඩුආලා |
උතුරු අක්ෂාංශ 03°52′ නැගෙනහිර දේෂාංශ 11°31′ | |
රාජ්‍ය භාෂාව | ප්‍රංශ, ඉංග්‍රීසි |
රාජ්‍යය | සමූහාණ්ඩුව |
ජනාධිපති | පෝල් බියා |
අගමැති | ෆිලෙමොන් යංන්ග් |
නිදහස | ප්‍රංශයේ හා එක්සත් රජධානියේ සිට |
දිනය | 1 ජනවාරි 1960 ,1 ඔක්තොම්බර් 1961 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | 475,442 වර්ග කිලෝමීටර, 183,568 වර්ග සැතපුම් |
ජලය (%) | 1 |
ජනගහනය | |
2009 තක්සේරුව | 18,879,301 |
2003 ජන සංඛ්‍යාකය | 15,746,179 |
ඝනත්වය | 39.7 වර්ග කිලෝමීටර, 102.8 වර්ග සැතපුම් |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | 41,467 ඩොලර් බිලියන |
සාමාන්‍ය | 2,139 ඩොලර් |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | 23,732 ඩොලර් බිලියන |
සාමාන්‍ය | 1,224 ඩොලර් |
ගිනි (2001) | 44.5 (මධ්‍යය) |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.532(මධ්‍යය) |
මුදල් | මධ්‍යම අප්‍රිකානු CFA ෆ්‍රෑන්ක් (XAF) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .cw |
දුරකථන සංකේත | +237 |
කැමරූන් සමූහාණ්ඩුව මධ්‍යම හා බටහිර අප්‍රිකාවේ පිහිටි එක්සත් සමූහාණ්ඩුවකි. එය මායිම් වන්නේ බටහිරින් නයිජිරියාවෙන්ද වයඹ දිගින් ඩැඩ්, නැගෙනහිරෙන් මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව සහ ගිනියා ගැබොන්ද නොන්ගෝ සමූහාණ්ඩුව දකුණට වන්නටද මායිම් කොට පිහිටයි. කැමරූන්හි වෙරළතීරය බොනි බොක්ක පිහිටා ඇති ආගාධයේ කොසකට හා අත්ලාන්තික් සාගරයටත් අයත් වේ. එහි තිබෙන භූගෝලිය හා සංස්කෘතික විවිධත්වය නිසා අප්‍රිකාවේ කුඩා ප්‍රතිරූපය ලෙස හදුන්වයි. වෙරළතීර, කාන්තාර, කදු, වැසිවනාන්තර සහ තැනිතලා බිම් යනාදි ස්වභාවික ලක්ෂණ වලින් යුක්තවේ. උසම ස්ථානය වන්නේ නිරත දිග පිහිටි කැමරුන් කන්දයි. විශාල නගර වන්නේ ඩුබොලා යොන්ඩේ සහ ගරුආය. කැමරූන් විවිධ ජාතීන් හා ජනවර්ග 200 කට නිවහන වේ. මෙහි තිබෙන ආවේනික සංගිතයට වඩා ප්‍රසිද්ධ මෙයින් මනෝසා හා බිතුම්ස්හි වඩා ප්‍රචලිත ය. එහි ජාතික පාපන්දු කණ්ඩායමද අඩංගු වේ. රාජ්‍ය භාෂාවන් වන්නේ ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාවන්ය. අනෙකුත් අප්‍රිකානු රටවල් හා සසඳන කල කැමරූන් උසස් දේශපාලන හා සමාජ ස්ථාවරත්වයක් දරයි. මෙය ඉවහල් වී ඇත්තේ කෘෂිකර්මයේ දියුණුව, මහාමාර්ග, දුම්රිය මාර්ග, විශාල ඛනිජතෙල් හා දැව කර්මාන්තයටය. බොහෝමයක් කැමරූන් ජාතිකයන් දිවි ගෙවන්නේ දිළිදු ගොවියන් ලෙසය. බලය ජනාධිපති පොල් බිසා හට පැවරී ඇති අතර දුෂණය රටපුරා පැතිර ඇත. ඇන්ගෝලෝෆොන් ජන කොටස් රාජ්‍යයට පිටස්තරව බොහෝ සේ ව්‍යාප්ත වී ඇත. ඇන්ගලෝෆෝන් දේශපාලඥයින් විමධ්‍යගත කිරීම් හා බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවලින් පැමිණි අය වූහ.