කේප් වර්ඩ්

විකිපීඩියා වෙතින්
කේප් වර්ඩ් ජනරජය

රිපුබ්ලිකා ඩි කබො වේර්දි (හෝ වේර්ජි)
කේප් වර්ඩ් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
ජාතික ලාංඡනය‍
ජාතික ගීය: කංච්කු ද ලිබෙරඩාඩ්  (පෘතුගීසි)
නිදහසෙහි ගීතය
කේප් වර්ඩ්හී පිහිටුම (රවුම් කොට දක්වා).
කේප් වර්ඩ්හී පිහිටුම (රවුම් කොට දක්වා).
කේප් වර්ඩ්හී භූ ලක්ෂණිය සිතියම.
කේප් වර්ඩ්හී භූ ලක්ෂණිය සිතියම.
අගනුවරප්‍රයියා
14°55′N 23°31′W / 14.917°N 23.517°W / 14.917; -23.517
විශාලතම නගරයඅගනුවර
නිල භාෂාව(න්)පෘතුගීසී
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්කේප් වර්ඩානු ක්‍රියෝල්
ජාති නාම(ය)කේප් වර්ඩියානු
රජයපාර්ලිමේන්තු ජනරජය
ජෝර්ජි කාර්ලෝස් ෆොන්සේකා
ජෝසේ මාරියා නේවිස්
ව්‍යවස්ථාදායකයජාතික සභාව
නිදහස
• පෘතුගාලය වෙතින්
5 ජූලි 1975
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
4,033 km2 (1,557 sq mi) (172වන)
• ජලය (%)
නොසැලකිය හැකි තරම්
ජනගහණය
• 2013 ඇස්තමේන්තුව
499,000 (165වන)
• ඝණත්වය
123.7/km2 (320.4/sq mi) (89වන)
දදේනි (ක්‍රශසා)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.305 බිලියන[1]
• ඒක පුද්ගල
$4,313.478 [1]
දදේනි (නාමික)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.109 බිලියන[1]
• ඒක පුද්ගල
$3,946.171[1]
ගිනි (2002)50.5[2]
ඉහළ
මාසද (2012)0.586[3]
මධ්‍යම · 132වන
ව්‍යවහාර මුදලකේප් වර්ඩියානු ඒස්කුදු (CVE)
වේලා කලාපයUTC-1 (CVT)
• ගිම්හාන (DST)
UTC-1 (භාවිතා නොකෙරේ)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+238
අන්තර්ජාල TLD.cv

කේප් වර්ඩ්, නිල වශයෙන් කේප් වර්ඩ් ජනරජය, බටහිර අප්‍රිකානු වෙරළට 570 කිලෝමීටර (350 සැතපුම්) ඔබ්බෙන්, මධ්‍යම අත්ලාන්තික් සාගරයේ, දිවයින් 10 කින් සමන්විත කොදෙව් පෙළක් ලෙසින් පිහිටි දිවයින් රටකි. 4,000 square කිලෝmetres (1,500 සතරස් සැතපුම්) ප්‍රමාණයකට මදක් වැඩි ඒකාබද්ධ වර්ගප්‍රමාණයක් සහිත මෙම දිවයින් යමහල්මය සම්භවයක් සහිත වන අතර, එයින් තුනක්, (සල්, බොයැ වීස්ටා සහ මයියො) සාමාන්‍යයෙන් පැතැලි, වැලි සහිත සහ වියලි වන අතර, ඉතිරි ඒවා සාමාන්‍යයෙන් ශෛලමය සහ වඩාත් වෘක්ෂලතාදියෙන් බහුල වෙති.

පෙරදී ජනශුන්‍යවූ මෙම දිවයින්, 15 වන සියවසෙහිදී සොයා ගත් පෘතුගීසින් විසින් ඒවායේ ජනපද පිහිටුවන ලද්දේ, ඒවායේ පිහිටුම අනුව අත්ලාන්තික් වහල් වෙළෙඳාම සඳහා වැදගත් වූ බැවිනි. දිවයින් වල සමෘද්ධිය දුටු බලලත් පෞද්ගලික සටන්කරුවන් සහ මුහුදු කොල්ලකරුවන් එය වෙත පැමිණි අතර, ඔවුන් අතර, (එවකට) අගනුවරවූ රිබේරා ග්‍රන්ජි, 1580 ගණන් වලදී දෙවරක් කොල්ලකෑ, ඉංග්‍රීසි කිරීටයෙන් අධිකාරියක් ලද මුහුදු කොල්ලකරුවෙකු (බලලත් පෞද්ගලික සටන්කරුවෙක්) වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්රේක්ද විය. චාල්ස් ඩාවින්ගේ ගවේෂණයද 1832දී දිවයින් වෙත ලඟා විය. 19 වන සියවස්හිදී වහල් වෙළෙඳාමෙහි අවනතිය, දිවයින් වෙත ආර්ථික අර්බුදයක් ගෙන ආවේය. ස්වභාවික සම්පත හීනවූ සහ, පෘතුගීසින් වෙතින් ප්‍රබල තිරසාර ආයෝජනයක් විරහිතවූ දිවයින් වාසීහු, ඔවුන්ගේ යටත්විජිත හාම්පුතුන් හා අධික කලකිරුණු බවකින් පෙලුනද, ස්වදේශීය බලධාරීන් වෙත වැඩි ස්වයං පාලනයක් ලබා දීම ප්‍රතික්ෂේප විය. වැඩෙමින් පැවති නිදහස් ව්‍යාපාරයක් 1975දී මස්තකප්‍රාප්ති වූයේ, ඇමියෙල්කර් කබ්රාල් (1973 ජනවාරි 20 දිනදී ඝාතනය කරනු ලැබූ) විසින් මුදලදී නායකත්වය සැපයුනු සහ පසුව ඔහුගේ අඩ-සොහොයුරු ලුවීස් කබ්රාල්වෙත පැවරුනු ව්‍යාපාරයක් විසින් කොදෙව් පෙළ සඳහා නිදහස දිනා ගැනුම හා සමගය.

රටෙහි ඇස්තමේන්තුගත ජනගහණය (ඔවුන්ගෙන් බොහෝදෙන ක්‍රියෝල් ජනයා) 500,000 පමණ වූ අතර, එහි රටවැසියන්ගෙන් සතරෙන් පංගුවක් පමණ එහි අගනුවර ප්‍රයියා තුල විසූහ. 2010 කේප් වර්ඩියානු සංගණනය ප්‍රකාර, ජනගහණයෙන් 38% පමණ ගම්බද පෙදෙස් වල දිවි ගෙවූහ.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්
  1. 1.0 1.1 1.2 1.3 "කේප් වර්ඩ්". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2013-04-17.
  2. "GINI ඉන්ඩෙක්ස්". ලෝක බැංකුව. සම්ප්‍රවේශය 26 ජූලි 2013.
  3. "හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් 2011 - සමරි" (PDF). එක්සත් ජාතීන්. p. 19. සම්ප්‍රවේශය 2011-11-03.

ඛණ්ඩාංක: 15°06′40″N 23°37′00″W / 15.11111°N 23.61667°W / 15.11111; -23.61667

"https://si.wikipedia.org/w/index.php?title=කේප්_වර්ඩ්&oldid=479743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි