උරුගුවේ

විකිපීඩියා වෙතින්
උරුගුවේ පෙරදිග ජනරජය

  • රිපුබ්ලිකා ඔරියන්ටල් ඩෙල් උරුගුවයි  (ස්පාඤ්ඤ)
උරුගුවේ හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "ලිබර්ටාඩ් ඕ මූර්ටෙ" (ස්පාඤ්ඤ)
"නිදහස හෝ මරණය"
ජාතික ගීය: හිම්නො නැෂියොනල් ඩි උරුගුවයි
උරුගුවේ ජාතික ගීය
අගනුවරමොන්ටෙවිඩේයො
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)ස්පාඤ්ඤ
ජනවාර්ගික කණ්ඩායම්
(2006[1])
ජාති නාම(ය)උරුගුවානු
රජයඒකීය ජනාධිපතිමය ව්‍යවස්ථා ජනරජය
හෝසේ මූහිකා
ඩැනිලො ඇස්ටෝරි


උරුගුවායි නිල වශයෙන් උරුගුවායි පෙරදිග සමුහාණ්ඩුවවේ. එය දකුණු ඇමරිකාවෙහි ගිණිකොණ දෙසින් පිහිටා ඇත. එහි ජනගහනය මිලියන 3.3 කි. අගනුවර වන මොන‍්ටෙවීඩියෝ හා ඒ ආශ්‍රිතව මිලියන 1.1 ජිවත් වේ. 88% ක් යුරෝපීයානු සංක්‍රමණිකයන්ය. එහි එකම මායිම උතුරු බ්‍රසීලයේ ජියෝග්‍රැන්ඩෙඩුසුල් වේ. බටහිරින් උරුගුවාය ගඟින්ද හා නිරිත දෙසින් රියෝඩිලාප්ලාටා මෝය හා ආජින්ටිනාව ගඟ දෙපසද ගිණිකොණ දෙසින් දකුණු අත්ලාන්තික සාගරයද වේ. වර්ග කිලෝමීටර මිලියන 0.176 වන මෙය සුරිනේම් වලට පසු බිම් ප්‍රමාණයෙන් දෙවනි තැන හිමිවන කුඩාම රාජ්‍යයයි. 1680 පෘතුගීසින් විසින් සොයා ගන්නා ලද කොලනියාඩෙල් සැක්‍රමෙන්ටෝ එහි ඇති පැරණිතම යුරෝපියානු ජනාවාසයයි. 18 වන ශතවර්ෂයේ මොන්ටවීඩියෝ ස්පාඤ්ඤයන් විසින් සොයා ගත්තේ හමුදාමය බිමක් වශයෙනි. ස්පාඤ්ඤය, ආජින්ටිනාව සහ බ්‍රසීලය සමඟ 1811 – 1828 පැවති අරගලයකින් පසු එරට නිදහස ලැබිය. එහි ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති අතර ජනාධිපති විසින් රාජ්‍ය හා ආණ්ඩුව පාලනය කරයි. ආර්ථිකය විශාල ලෙස රදා පවතින්නේ කෘෂිකර්මය මතය. ලතින් ඇමරිකානු රටවල් අතර දුෂණය අවම රට ලෙස මෙය හැඳින්වේ. දේශපාලන හා කම්කරු නීති මෙම දේශය තුල වඩාත් නිදහස්ව පවති. දකුණු ඇමරිකාව ‍තුල ආර්ථික වශයෙන් විශාල ලෙස සංවර්ධනය වු රටකි. එහි ඒක පුද්ගල ආදායම හා ජිවන රටාව ලෝකයේ 47 වන ස්ථානය ගනී. 2007 වර්ෂයේ ලතින් ඇමරිකානු රට වන මෙය ජාතික මට්ටමෙන් සම අයිතීන් නීතිගත කොට ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "එක්සෙන්ඩඩ් නැෂනල් හවුසෝල්ඩ් සර්වේ, 2006: ඇන්සෙස්ට්‍රි" (PDF) (ස්පාඤ්ඤ බසින්). ජාතික සංඛ්‍යාන ආයතනය.
"https://si.wikipedia.org/w/index.php?title=උරුගුවේ&oldid=434916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි