Jump to content

උතුරු කොරියාව

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 40°00′N 127°00′E / 40.000°N 127.000°E / 40.000; 127.000

ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය

  • [] Error: {{Lang}}: no text (help)
  • Chosŏn Minjujuŭi Inmin Konghwaguk [1]
උතුරු කොරියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
උද්යෝග පාඨය: 
  • 강성대국
  • "බලවත් සහ සමෘද්ධිමත් ජාතිය"
ජාතික ගීය: 
අගනුවර
සහ විශාලතම නගරය
Pyongyang
39°2′N 125°45′E / 39.033°N 125.750°E / 39.033; 125.750
නිල භාෂා(ව)Korean
Official scriptsChosŏn'gŭl
ජාති නාම(ය)
රජයJuche single-party state
Kim Jong-un[a]
Choe Ryong-hae
• Premier
Choe Yong-rim
ව්‍යවස්ථාදායකයSupreme People's Assembly
Formation
c. 7th century BC
18 BC
698
918
1392
12 October 1897
29 August 1910
1 March 1919
11 April 1919
• Liberation/Independence from Japan
15 August 1945
8 February 1946
• Foundation of DPRK
9 September 1948
• Chinese withdrawal
October 1958
27 December 1972
• Admitted to the United Nations
17 September 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
120,540 km2 (46,540 sq mi) (98th)
• ජලය (%)
4.87
ජනගහණය
• 2011 ඇස්තමේන්තුව
24,554,000[2] (48th)
• 2011 ජන සංගණනය
24,052,231[3]
• ඝණත්වය
198.3/km2 (513.6/sq mi)
දදේනි (ක්‍රශසා)2011[4] ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$45 billion
• ඒක පුද්ගල
$2,400
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$32.7 billion
• ඒක පුද්ගල
$1,800[5]
මාසද (1995/1998)0.766[6]
ඉහළ · not ranked
ව්‍යවහාර මුදලNorth Korean won (₩) (KPW)
වේලා කලාපයUTC+8:30 (Pyongyang Time)
දින ආකෘති
  • yy, yyyy년 mm월 dd일
  • yy, yyyy/mm/dd (CE–1911 / CE)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+850
අන්තර්ජාල TLD.kp
  1. ^ The DPRK Constitution defines the Chairman of the National Defence Commission as the "supreme leader" of the DPRK.
  2. ^ Kim Yong-nam is the "head of state for foreign affairs". The position of president (formerly head of state) was written out of the constitution in 1998. Kim Il-sung, who died in 1994, was given the appellation "Eternal President" in its preamble.

උතුරු කොරියාව, හෙවත් නිල වශයෙන් හඳුන්වන පරිදී ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව (DPRK) නැගෙනහිර ආසියාවේ පිහිටි කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටි රටකි. මෙය ට  උතුරින් චීනයත් රුසියාවත් අම්නොක් ගඟින් (චීන බසින් 'යාලු' ගඟ) හා ටුමෙන් ගඟින් වෙන් වන අතර දකුණින් දකුණු කොරියාව අධි ආරක්‍ෂිත කොරියානු යුධ මුක්ත කලාපයෙන් වෙන් වේ. උතුරු කොරියාව, දකුණු කොරියාව ආකාරයෙන්ම මුළු අර්ධද්වීපයේත් ආසන්න දූපත්වලත් පාලනය හිමි රජය බවට හඳුන්වාගනී. මෙහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොංයෑන් නගරය යි.

1910 දී ජපාන අධිරාජ්‍ය විසින් කොරියාව යටත් කරගන්නා ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානය යටත් වීමත් සමඟ කොරියාව කොටස් දෙකකට බෙදා උතුරු කොටස සෝවියට් සමූහාණ්ඩුව යටතේත්, දකුණු කොටස ඇමෙරිකානු එක්සත් ජනපදය යටතේත් පාලනය කෙරිණ. නැවත එක් කිරීමට තිබූ සාකච්ඡා අසාර්ථක වූ අතර 1948දී රජයන් දෙකක් පිහිටුවනු ලැබිණ, එනම්: උතුරේ "ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව" හා දකුණින් ධනවාදී "කොරියානු ජනරජය" පිහිටවනු ලැබීය. උතුරු කොරියාව විසින් ඇරඹි ආක්‍රමණයකින් කොරියානු යුද්ධය (1950-1953) ඇරඹිණ. සටන් විරාම ගිවිසුමකින් යුද්ධය නතර වූවද සාම ගිවිසුමක් අත්සන් නොකෙරුණි.

උතුරු කොරියානු ව්‍යවස්ථාවේ 1වන වගන්තියට අනුව ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව "ස්වෛරී සමාජවාදී" රාජ්‍යයකි. උතුරු කොරියාවේ මැතිවරණ පවත්වන අතර ඒවා ස්වාධීන නිරීක්ෂකයින් පවසන ආකාරයට හුදු ප්‍රදර්ශනාත්මක මැතිවරණයන් ය. උතුරු කොරියාව කිම් පවුල වටා විස්තීර්ණ ඇදහීම් ක්‍රමයක් සහිත ස්ටාලින්වාදී ඒකාධිපති ආඥාදායකයකි. පාලක පවුලේ සාමාජිකයෙකු විසින් මෙහෙයවනු ලබන කොරියානු කම්කරු පක්ෂය (WPK) උතුරු කොරියාවේ නිරපේක්ෂ පාලන බලය හොබවන අතර "පීතෘභුමිය ඒකීයකරණය සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ" නායකත්වය ද හොබවයි. සියලුම දේශපාලන නිලධාරීන් අනිවාර්යයෙන් ම මෙම පෙරමුණේ සාමාජිකයන් විය යුතු ය. උතුරු කොරියානු ව්‍යවස්ථාවේ 3වන වගන්තියට අනුව "ජුචේ" හෙවත් ස්වයංපෝෂිතභාවය උතුර කොරියාවේ දැක්ම වේ. නිෂ්පාදන මාර්ගයන් සියල්ල රජය විසින් මෙහෙයවන ආයතනයන් හා සමූහ වගාබිම් මඟින් රජයට අයත් වේ. සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස ඉදිකිරීම, ආහාර නිෂ්පාදනය ආදී බොහෝ සේවාවන් සහනාධාර හෝ රාජ්‍ය අරමුදල්වලින් පවත්වාගෙන යනු ලබයි. 1994 සිට 1998 දක්වා උතුරු කොරියාව සාගතයෙන් පෙළුණු අතර ඉන් 240,000ත් 420,000ත් අතර සංඛ්‍යාවක් මියගොස් ඇත. දැනටත් සමස්ත ජනගහනය මන්දපෝෂණයෙන් පෙළෙති. උතුරු කොරියාව "සොන්ගුන්" හෙවත් හමුදාවට පළමු තැන දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එය ලොව වැඩිම හමුදා සහ පැරාමිලිටරි භටයන් පිරිසක් සිටින රට යි. සම්පූර්ණ ක්‍රියාකාරී භටයන් ගණන 9,495,000ක් වන අතර එය ජනගහනයෙන් 37% කි. එහි මිලියන 1.21ක ක්‍රියාකාරී හමුදාව චීනය, ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාවට පසු ලොව සිව්වැනි විශාලතම හමුදාව යි. එය ජනගහනයෙන් 4.7%කි. උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ය. උතුරු කොරියාව 1991 සිට එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙක් වන අතර G77ත් ASEAN කලාපීය සංසදයේත් සාමාජිකයෙකි.

2014දී එක්සත් ජාතීන්ගේ උතුරු කොරියාවේ මානව හිමිකම් කඩ කිරීම පිලිබඳ පරීක්ෂණයකට අනුව "මෙම කඩකිරීම්වල බර, පරිමාණය වෙනත් කිසිඳු සමකාලීන රාජ්‍යයකට සමාන නොවූ තත්වයක්" පෙන්වන බව නිගමනය කර ඇති අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හා මානව හිමිකම් සෝදිසිය මීට සමාන මත දරති. උතුරු කොරියානු රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කොරියා යන නම ගොර්යියෝ (කොර්යෝ ලෙස ද හැඳින්වේ) යන්නෙන් කදී එන්නකි. ගොර්යියෝ යන නම කොරියානු අර්ධද්වීපය, මැන්චූරියාව, රුසියානු ඈත පෙරදිග, හා ඇතුල් මොන්ගෝලියාවේ යම් ප්‍රදේශ පාලනය කළ මහා ග්වන්ගයිටෝ අධිරාජ්‍යයා යටතේ පාලනය වූ ගොගුර්යියෝ (කොගුර්යෝ) නම් අධිරාජ්‍යය හැඳින්වීමට භාවිත කර ඇත. එයට පසුව 10වන ශතවර්ෂයේ දී ගොර්යියෝ අධිරාජ්‍යය බවට පත් වූ අතර එනමින් හැඳින්වුනු අතර පර්සියානු වෙළෙන්දන් විසින් එය කොරියා ලෙස හඳුන්වනු ලැබී ය. වර්තමානයේ කොරියාව ලෙස ලිවීම ඇරඹුණේ 17වන සියවසේ ලන්දේසි පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ හෙන්ද්‍රික් හැමෙල්ගේ ගමන් වාර්තාවලින් පසුව ය.

කොරියාව වෙන්වීමෙන් පසුව උතුර හා දකුණ වෙනස් නම්වලින් හැඳින්විණ, එනම්: උතුරේ දී "චෝසුන්" හෝ "ජෝසුන්" ලෙසත්, දකුණේ දී "හන්ගුක්" ලෙසත් ය. 1948 දී උතුරු කොරියාව "ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව" (කොරියානු බසින්: 'චොසෝන් මින්ජුජුයුයි ඉන්මින් කොන්ඝ්වගුක්') යන නාමය තම රාජ්‍ය නාමය ලෙස භාවිතය ආරම්භ කළහ. නමුත් කොරියානු අර්ධද්වීපයේ උතුරු ප්‍රදේශය පාලනය කරන නිසා පොදුවේ එය දකුණු කොරියාවෙන් (රාජ්‍ය නාමය: කොරියානු ජනරජය) වෙන්කර හඳුනාගැනීමට උතුරු කොරියාව ලෙස හඳුන්වයි. නමුත් රජයන් දෙකම තමන් මුළු කොරියානු අර්ධද්වීපයේ ම නියම පාලකයන් ලෙස හඳුන්වාගනී. මෙම නිසා උතරු කොරියානුවන් තමන්ව "කොරියානුවන්" ලෙස පමණක් හඳුන්වාගනිති.

ඉතිහාසය

[සංස්කරණය]

පිහිටුවීම

[සංස්කරණය]

පළමු චීන ජපන් යුද්ධයට හා රුසියානු ජපන් යද්ධයට පසු ව කොරියාව 1910 සිට 1945 දක්වා ජපානය යටතේ පාලනය විය. එම කාලයේ දී ඩොංනිප්ගුන් (නිදහස් හමුදාව) නම් වූ කැරලි කණ්ඩායම් චීන කොරියානු දේශසීමාවේ ඇති විය. මොවුන් ජපන් හමුදාවන්ට විරුද්ධව ගරිල්ලා සටන් මෙහෙයවූහ. මොවුන්ගෙන් කොටසක් චීනයේ හා අග්නිදිග ආසියාවේ සටන්වලට ද සහභාගී වූහ. පසුව උතුරු කොරියාවේ නායකයා වූ කිම් ඉල් සුං එවැනි ගරිල්ලා නායකයෙකි.

1945 දෙවන ලෝක යුද්ධ අවසානයේ දී ජපානය යටත් වීමත් සමඟ කොරියාව 38වන අක්ෂාංශය හරහා දෙකකට බෙදුණු අතර උතුරු කොටස සෝවියට් සමූහාණ්ඩුව යටතේත් දකුණ ඇමරිකාව යටතේත් පාලනය විය. නැවත එක්කිරීමට තිබුණු සාකච්ඡා අසමත් විය. සෝවියට් ජෙනරාල්වරයකු වූ ටෙරෙන්ටි ෂ්ටිකොෆ් විසින් 1945 ඔක්තොබර්හි දී සෝවියට් සිවිල් පාලනයට නතු කිරීමට යෝජනා කෙරුණු අතර 1946 පෙබරවාරිහි දී තාවකාලික උතුරු කොරියානු මහජන කමිටුව පිහිටවූ අතර එහි සභාපති ලෙස කිම් ඉල් සුං පත් කෙරිණ. 1946 සප්තම්බර්හී දී දකුණු කොරියානු පුරවැසියන් ඒකාබද්ධ හමුදා රජයට එරෙහි ව නැගී සිටියහ. 1948 අප්‍රියෙල් මස ජේජු දිවයිනේ කැරැල්ලක් ඉතා දරුණු ලෙස මැඩපැවැත්විණ. 1948 මැයි මස දකුණ විසින් ජනරජයක් ප්‍රකාශයට පත් කල අතර දෙමසකට පසු ව කොමියුනිස්ට් විරෝධී සිංමන් රී එහි පාලකයා බවට පත් විය. උතුරේ 1948 සැප්තැම්බර් 9 වනදා ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව පිහිටුවිණ. ෂ්ටිකොෆ් එහි පළමු සෝවියට් නියෝජිතයා වූ අතර කිම් ඉල් සුං එහි නායකයා විය.

1948 දී සියලු සෝවියට් හමුදා උතුර හැරගිය අතර 1949 වන විට සියලු ඇමරිකානු හමුදාවක්ම පාහේ හැර ගියහ. නියෝජිත ශ්ටිකොෆ් රී විසින් උතුර ආක්‍රමණය කරනු ඇතැයි සැක කළ අතර මෙය කිම්ගේ කොරියාව සමාජවාදය යටතේ ඒකීයකරණයට බාධාවක් ලෙස දුටුවේය. ඔවුන් දෙදෙනා ජෝශප් ස්ටාලින්ගේ ද සහාය ඇති ව දකුණ හා ඉක්මන් යුද්ධයකට මුලපිරූ අතර එම නිසා කොරියානු යුද්ධය ඇති විය.

කොරියානු යුද්ධය

[සංස්කරණය]

උතුරු කොරියානු හමුදාව විසින් 1950 නොවැම්බර් 25වනදා දකුණු කොරියාව ආක්‍රමණය කළ අතර කෙමෙන් කෙමෙන් රටින් විශාල ප්‍රමාණයක් යටත් කරගත්තේය. පසුව ඇමරිකාව විසින් මෙහෙයවන ලද එක්සත් ජාතීන්ගේ හමුදා ඉතා ඉක්මනින් උතුරු කොරියාව දෙසට සටන් දියත් කළහ. ඔවුන් චීන දේශසීමා දක්වා ම යටත් කරගෙන යන විට චීන හමුදා සහාය ඇතිව උතුරු කොරියානු හමුදාව නැවතත් තමන්ට යුද්ධයට පෙර අයත්ව පැවති ප්‍රදේශ යටත් කරගත්තේය. 1953 ජූලි 27වනදා සටන් නැවතුනු අතර ආසන්න වශයෙන් පෙර පවතී දේශසීමා නැවත පනවමින් සටන් විරාම ගිවිසුමක් අත්සන් කෙරුණු නමුදු සාම ගිවිසුමක් අත්සන් නොකෙරිණ. මෙම යුද්ධයෙන් ආසන්න වශයෙන් මිලියන 3ක ජනතාවක් මියගිය අතර මෙය දෙවන ලෝක යුද්ධයටත්, වියට්නාම යුද්ධයටත් වඩා වැඩි සාපේක්ෂ වශයෙන් වැඩි සිවිල් මරණ සංඛ්‍යාවකින් යුක්ත විය. එම නිසා එයා සීතල යුද්ධයේ දරුණුතම ගැටුම බවට වේ. ඒක පුද්ගල වශයෙන් ගත්කලත්, නිරපේක්ෂ වශයෙන් ගත්කලත් වැඩි හානියක් සිදු වූයේ උතරු කොරියාවට වන අතර ඉන් ආසන්න වශයෙන් උතරු කොරියානු ජනගහනයෙන් (මිලියන 10ක්) 12%-15% අතර ප්‍රමාණයක් මියගියහ. චාල්ස් කේ. ආම්ස්ට්‍රෝංට අනුව එය දෙවන ලෝක යුද්ධයේ දී මියගිය සෝවියට් පුරවැසියන් ප්‍රමාණයට අධික වේ. මෙම යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස උතුරු කොරියාවේ සාම ගොඩනැගිල්ලක්ම විනාශ විය.සමහරුන් විසින් මෙය බාහිර සාධක සහිත සිවිල් යුද්ධයක් ලෙස හඳුන්වයි.

දැනටත් අධිආරක්ෂිත යුධ මුක්ත කලාපයකින් අර්ධද්වීපය වෙන් ව පවතින අතර චොමියුනිස්ට් විරෝධී හා උතරු කොරියා විරෝධී හන්ගීමක් දකුණු කොරියානුවන් අතර පවතී.යුද්ධයෙන් පසු ඇමරිකාව විසින් දකුණේ අධික ලෙස රඳවා තිබෙන අතර උතරු කොරියාව මෙය අධිරාජ්‍යවාදී ආක්‍රමණය කිරීමක් ලෙස හඳුන්වයි. උතුර කොරියාව මෙම කොරියානු යුද්ධය දකුණු කොරියාව හා ඇමරිකාව විසින් පටන්ගත්තක් බවට මත දරයි.

යුද්ධයට පසු

[සංස්කරණය]

උතුර හා දකුණ අතර සටන් විරාමයෙන් පසු සාපේක්ෂ සාමය නිතර නිතර දේශසීමා ගැටුම්, ප්‍රසිද්ධ පුද්ගලයින් පැහැරගැනීම්, හා ඝාතන කුමන්ත්‍රණ ආදිය නිසා කැළඹීමට ලක්වෙයි. උතුරු කොරියාව විසින් මෙහෙයවූ දකුණු කොරියානු නායක  ඝාතන කුමන්ත්‍රණ කිහිපයක්ම ව්‍යර්ථ විය. එනම් 1968, 1974, සහ 1983 රැන්ගූන් පිපුරුම ආදිය යි. යුධ මුක්ත කලාපය හරහා උමං සොයාගැනීමත් හා 1976 පන්මුන්ජොම් හීදී පොරෝ ඝාතන සිද්ධියත් සමඟ නැවතත් කැළඹීම් ඇති විය. දැනට යුද්ධයෙන් පසු ව දශක දෙකක් ගෙවී ඇතත් රාජ්‍යයන් දෙකින් එකක්වත් සාකච්ඡා ආරම්භ කර නැත. 1971දී රහස් ඉහල මට්ටමේ සබඳතා ඇරඹි අතර 1972 "ජූලි 4 උතුරු දකුණු සාමූහික ප්‍රකාශයෙන්" සාමසහගත ඒකීයකරණ ප්‍රතිපත්ති ගැන සාකච්ඡා ඇරඹුණි. නමුත් 1973 දී දකුණු කොරියාව අන්තර්ජාතික සංවිධානයන්ගේ සාමාජිකත්වය වෙන වෙනම ලබාගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සාකච්ඡා බිඳවැටුණි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ඇඩ්මිනිස්ට්‍රේටිව් පොපියුලේෂන් ඇන්ඩ් ඩිවිෂන්ස් ෆිගර්ස් (#26)" (PDF). DPRK: ද ලෑන්ඩ් ඔෆ් ද මෝනිං කාම්. පර්මනන්ට් කමිටි ඔව් ජියෝග්‍රෆිකල් නේම්ස් ෆෝ බ්‍රිටිෂ් ඔෆීෂියල් යූස්. 2003-04. සම්ප්‍රවේශය 2006-10-10. {{cite web}}: Check date values in: |date= (help)
  2. ^ (කොරියානු) UNFPA (2009-10-01). "한반도 인구 7천400만명 시대 임박". United Nations. සම්ප්‍රවේශය 21 November 2012. {{cite journal}}: Cite journal requires |journal= (help)
  3. ^ "DPR Korea 2008 Population Census National Report" (PDF). Pyongyang: DPRK Central Bureau of Statistics. 2009. සම්ප්‍රවේශය 2011-02-19.
  4. ^ "Country Profile: North Korea". Foreign and Commonwealth Office, UK. 2009-06-25. 2009-11-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-02-10.
  5. ^ GDP (official exchange rate) සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine, The World Factbook, Central Intelligence Agency, last updated on April 26, 2010; accessed on May 17, 2010. Population data obtained from Total Midyear Population, U.S. Census Bureau, International Data Base, accessed on May 17, 2010. Note: Per capita values were obtained by dividing the GDP (official exchange rate) data by the Population data.
  6. ^ 1995 data: "The State of Human Development" (PDF). United Nations Development Programme. 1998. සම්ප්‍රවේශය 26 March 2009.
"https://si.wikipedia.org/w/index.php?title=උතුරු_කොරියාව&oldid=591496" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි