යුරෝපියානු සංගමය
යුරෝපියානු සංගමය
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
කොඩිය | |||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() | |||||||||||||||||||||||||||||||||||||||||||||||
අගනුවර | බ්‍රසල්ස් (තත්වාකාරයෙන්)[4] | ||||||||||||||||||||||||||||||||||||||||||||||
විශාලතම නගර | ලන්ඩනය සහ පැරිසියa | ||||||||||||||||||||||||||||||||||||||||||||||
නිල භාෂා(ව) |
යුරෝපියානු සංගමය (EU) යනු, ප්‍රාථමික වශයෙන් යුරෝපයෙහි පවතින සාමාජික රාජ්‍යයන් 28 ක් වෙතින් සමන්විත දේශපාලනික-ආර්ථික සංගමයකි.
යුරෝපා සංගම් ව්‍යවස්ථාව[සංස්කරණය]
යුරෝපා සංගම් ව්‍යවස්ථාව යුරෝපා සංගමයේ සාමාජික රටවල ක්‍රියාත්මක වන අසහාය නීතියයි. යුරෝපා සංගම් නීතිය එහි සාමාජික රටවල නීති පද්ධතිය කෙරෙහි සෘජු බලපෑමක් ඇති අතර සමහර ක්ෂේත්‍ර වල දී විශේෂයෙන් ම ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති, ජාතික නීතිය අභිබවා කටයුතු කරනු ලබයි. යුරෝපා සංගමය ෆෙඩරල් රාජ්‍යයක් හෝ අන්තර් රාජ්‍යය සංවිධානයක් වත් නොවේ. එය සාමාජික රටවල අන්‍යෝන්‍ය සමාජීය සහ අර්ථික ප්‍රතිලාභ සඳහා ජාත්‍යන්තර නීතියේ නව නීතිමය සැකැස්මක් වේ. එය සමහර විටක දී ජාතියේ සීමාවන් ඉක්මවා යන නීතියක් ලෙස හදුන්වනු ලබයි. පසුගිය අවුරුදු 56 තුළ යුරෝපා සංගම් නීතිය ක්‍රමයෙන් පරිණාමය වී ඇත. පැරිස් ගිවිසුම 1956 දී අත්සන් කල විට එ මඟින් යුරෝපා ගල්අඟුරු සහ වානේ ප්‍රජාව ස්ථාපිත කරන ලද අතර ඊට එකඟ වූයේ රටවල් 6 ක් පමණි. වසර 5 කට පසුව එම රටවල් 6 විසින් ම යුරෝපා ආර්ථික ප්‍රජාව පිහිටුවන ලදී. වර්ෂ 2007 වන විට සාමාජික රාජ්‍යයන් 27 ක මිලියන 500 ක ජනගහනයක් යටත් වන අතර එය ලොව නව නීති පද්ධතීන් ගණනාවක් ආවරණය කරනු ලැබූ නීතීන්ගෙන් එකක් බවට පත්ව ඇත. යුරෝපා සංගම් නීතිය ස්තම්භ තුනකින් යුත් වන ව්‍යුහයකින් සමන්විත වේ. වඩා වැදගත් වන පළමු ස්තම්භය ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් සහ යුරෝපා ආයතන පිගිටුවන අකාරය පිලිබඳව අවධානය යොමු කරනු ලබයි. මෙය 1957 රෝමයේ දී අත්සන් කරන ලද යුරෝපා ප්‍රජා ගිවිසුමේ සඳහන් වන අතර පසුකාලීනව සාමාජික රටවල් අතර ඇති කරගත් වෙනත් ගිවිසුම් මඟින් සංශෝධනනයට ලක් විය. 1992 දී මාස්ට්‍රිච්ට් හී දි අත්සන් තබන ලද යුරෝපා සංගම් ගිවිසුම මඟින් දෙවන සහ තුන්වන ස්තම්භයන් පිහිටුවන ලදී. දෙවන ස්තම්භය මඟින් යුරෝපා සංගමයේ පොදු විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ අවධානය යොමු කරන අතර තුන්වන ස්තම්භය මඟින් අපරාධ සම්බන්ධ පොලිස් සහ අධිකරණ සහයෝගීතාවන් පිළිබඳ අවධානය යොමු කරනු ලබයි.

මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Four Freedoms
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;EU-Symbols
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Legislative Observatory
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ සයිබ්‍රිස්කි, රෝමන් ඒඩ්‍රියන් (2013). කැපිටල් සිටීස් අරවුන්ඩ් ද වර්ල්ඩ්: ඇන් එන්සයික්ලොෆීඩියා ඔෆ් ජියෝග්‍රෆි, හිස්ට්‍රි, ඇන්ඩ් කල්චර්: ඇන් එන්සයික්ලොෆීඩියා ඔෆ් ජියෝග්‍රෆි, හිස්ට්‍රි, ඇන්ඩ් කල්චර්. ABC-CLIO. https://books.google.com/books?id=qb6NAQAAQBAJ&pg=PA64. "Brussels, the capital of Belgium, is considered to be the de facto capital of the EU"