බගලාමුඛී

විකිපීඩියා වෙතින්
බගලාමුඛී
අනුබැඳියදේවී, මහාවිද්‍යා, ආදි පරාශක්ති, දුර්ගාගේ හෝ පාර්වතීගේ අවතාරය
ග්‍රහලොවමංගල්
ආයුධයසෙංකෝලය
වල්ලභයාභගලාමුඛ් ශිව
වාහනයමළකඳ හෝ භූතයා

බගලාමුඛී හෙවත් බගලා (දේව්නාගරී: बगलामुखी) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ එන දශ දේවී මහාවිද්‍යාවන්ගෙන් අයෙකි. බගලාමුඛී බැතිමතුන්ගේ මුලාවන් සහ වැරදි වැටහීම් (හෝ සතුරන්) නැති කරයි. බගලා යන වදන පැනනැගී ඇත්තේ වල්ගා (අර්ථය – කටකලියාව හෝ මෙහෙයවීම) යන වදනෙනි. පසුව එය, වග්ලා බවටත් අනතුරුව බග්ලා බවටත් පත් විය.[1] දේවී සතුව වෙනස් නම් 108ක් ඇත (ඇතැමුන් ඇයට නම් 1108[2] කින් අමතති). උතුරු ඉන්දියාවේ බගලාමුඛී කහ හෝ රන් පැහැය හා සම්බන්ධ දෙවඟනක වන පීතම්බරී මා ලෙස හැඳින්වේ.වාග් සිද්ධි ලබාගත් මදන් අසුරයා එයින් අහිංසක මිනිසුන් පීඩාවට පත් කළ නිසා බගලාමුඛී ඔහුගේ දිව කපා මරණයට පත් කළාය.එමෙන්ම මහා බ්‍රහ්මයාගෙන් චණ්ඩ මාරුතයක් ඇති කිරීමට සහ බ්‍රහ්ම විෂ්ණු ශිව ත්‍රිමූර්තියට බලපෑමක් කිරීමට නොහැකි ලෙස වරම් ගත් ඔහු චණ්ඩ මාරුතයක් මවා සක්වළ විනාශ කිරීමට සූදානම් වූ විට බගලාමුඛී මව ඔහුගේ චණ්ඩ මාරුතය නවත්වා සක්වළ ආරක්ෂා කළ අතර ඔහුව මරණයට පත් කළාය.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "About Bagalamukhi". සම්ප්‍රවේශය 5 September 2016.
  2. "1108 Names of Bagalamukhi Ma". සම්ප්‍රවේශය 5 September 2016.
"https://si.wikipedia.org/w/index.php?title=බගලාමුඛී&oldid=486878" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි