වාරාහී
පෙනුම
| වාරාහී | |
|---|---|
වරාහී | |
| දේවනාගරී | वाराही |
| සංස්කෘත පරිවර්තනය | Vārāhī |
| අනුබැඳිය | මාත්රිකාවෝ , භූදේවී |
| මන්ත්රය | ඕම් හ්‍රීම් වාරාහී හරී ඕම් |
| ආයුධය | ත්රිශූලය, අසිපත |
| වල්ලභයා | උන්මත්ත භෛරව |
| වාහනය | මීගවයා, සිංහයා, ව්‍යාඝ්‍රයා, අශ්වයා |
වාරාහී (සංස්කෘත: वाराही, Vārāhī)[note 1] යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ එන මාත්‍රිකාවන් නැමැති සප්ත මාතෘ දේවතාවියන්ගෙන් අයෙකි. වල් සූකර හිසකින් යුත් වාරාහි විෂ්ණු දෙවියන්ගේ සූකර අවතාරය වන වරාහගේ ශක්තිය (ස්ත්‍රී ශක්තිය, හෝ ඇතැම්විටෙක භාර්යාව) වේ. නේපාලයේ මැයව බාරාහී ලෙස හැඳින්වේ. ඇය විෂ්ණු දෙවියන්ගේ දෙවන බිරියක වන භූදේවීගේ උපතකි.