මහේශ්වරී
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (February 2017) |
මහේශ්වරී | |
---|---|
![]() ශිවගේ ශක්තිය | |
දේවනාගරී | माहेश्वरी |
අනුබැඳිය | දේවී, මාත්‍රිකා, පාර්වතී |
ආයුධය | ත්‍රිශූලය, දම්රූ, අභය මුද්‍රාව, වරද මුද්‍රාව |
වල්ලභයා | රූරු භෛරව |
වාහනය | ගවයා |
මහේශ්වරී යනුවෙන් හැඳින්වෙන්නේ මහේශ්වර් හෙවත් මහේෂ (ශිව) දෙවියන්ගේ ශක්තියයි. මහේශ්වරී රෞද්‍රී, රුද්‍රාණි, ශංකරී, ශිවා සහ මහේෂී යන නම්වලින් ද හැඳින්වෙන්නේ ශිව සඳහා යෙදෙන රුද්‍ර, ශිව්, ශංකර සහ මහේෂ යන නම් අනුසාරයෙනි.
මහේශ්වරී නන්දි ගවයා මත අසුන්ගෙන සිටිනු නිරූපිත අතර අත් දෙකක් හෝ සතරක් තිබිය හැක. නෙත් තුනකින් යුත් මැය ත්‍රිශූලයක් සහ උඩැක්කියක් දරා සිටින අතර සෙසු අත් අභය මුද්‍රාව සහ වරද මුද්‍රාවෙන් යුතුව නිරූපණය කෙරේ. ඇය සර්ප ගෙල පළඳනාවකින් ද, අඩ සඳකින් ද සැරසී සිටින අතර සර්පයකු මගින් සිය හිස සරසා සිටියි. ශිව දෙවියන් සේම ඇගේ ද ගෙල වටා සර්ප රුවක් දැකගත හැක.