ශචී

විකිපීඩියා වෙතින්

ශචී
ඉන්ද්‍ර දෙවියන්ගේ බිරිඳ
ශචී
ඉන්ද්‍ර (හෙවත් ශක්‍ර) සහ ශචී ඓරාවත නම් දිව්‍යමය හස්තියා මත නැග යන අයුරු, පංච් කල්‍යාණක (ජින රිෂාභනාථගේ දිවියේ ශුභ සිද්ධීන් පහ) නම් ජෛන ග්‍රන්ථයේ පත්‍රයකි, ආ. 1670 – ආ. 1680, LACMA කෞතුකාගාරයේ ඇති සිතුවමකි, මුලින් රාජස්ථානයේ ඇම්බර්වලිනි.
දේවනාගරීशची
අනුබැඳියමාත්‍රිකාවෝ
පෞද්ගලික තොරතුරු
වල්ලභයාඉන්ද්‍ර
දෙමාපියන්පූලෝමාන් (පියා)
දරුවන්ජයන්ත, ජයන්තී, මිධූස, නිලම්බර, ඍභූස්, ඍසාභ සහ චිත්‍රගුප්ත
වාහනයසිංහයා, අලියා

හින්දු ආගමෙහි (විශේෂයෙන්ම, මුල්කාලීන වෛදික වාර්තාවන්හි), ශචී (සංස්කෘත: शची) හෙවත් ඉන්ද්‍රාණී (ඉන්ද්‍රගේ රැජින), ඓන්ද්‍රී, මහේන්ද්‍රී, පූලෝමජා හෝ පෞලෝමී යනුවෙන් හැඳින්වෙන්නේ කෝපයට සහ ඊර්ෂ්‍යාවට අධිපති දෙවඟනයි. ඇය වෙනුවෙන් කිසිවකු බලානොහිඳි හෙයින් දැඩි ඊර්ෂ්‍යාවකින් පෙළුණු මැය පූලෝමාන් නැමැති අසුරයාගේ දියණියයි. පූලෝමාන්ව ඉන්ද්‍රාණිගේ අනාගත සැමියා වූ ඉන්ද්‍ර විසින් මරාදමන ලදී. ඇය සප්ත මාත්‍රිකාවන්ගෙන් (මාතෘ දේවතාවියන්) අයකු ද වේ. ඇය රූමත් බවත්, අලංකාර නෙත් හිමිවූ බවත් පැවසේ.

සටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Goswamy, B. N. (2014). The Spirit of Indian Painting: Close Encounters with 100 Great Works 1100–1900. Penguin Books. ISBN 978-0-670-08657-3.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශචී&oldid=419956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි