අධිරාජ්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඔක්ටවියන් තම සතුරන් පරාද කර ඔගස්ටස් යන නම ඈඳා ගත්තේය. ඔහු මහා බලයක් ආරෝපණය කොට ගෙන සමූහාණ්ඩු ජන රජයක් මවා පාමින් රට පාලනය කරන්නට විය. ඔහුගෙන් පසු පැමිණි පදවි ප්‍රාප්තිකයා වූ ටයිබීරියස් ක්‍රි.පූ 68 නීරෝගේ අභාවය දක්වා පැවති ජුලියෝ - ක්ලෝඩියානු රාජ වංශය පිහිටුවමින් මහා විරෝධයකින් තොරව බලය ලබා ගත්තේය. අධිරාජයෝ කිහිප දෙනෙකුගේ දූෂිත පාලනයන් හැරුණු විට රෝම අධිරාජ්‍යය බල ප්‍රදේශය පුළුල් වූ අතර ආරක්ෂාවද හොඳ හැටි තිබිණ. (උදා - කලිගුලා උමතු වූවෙක් බවට මත ඉදිරිපත්ව ඇති අතර දරුණු බව හා රාජ්‍යය කටයුතුවලට වඩා තම පුද්ගලික කටයුතුවලට වැඩි ආශාවක් දැක්වූවෙක් ලෙස නීරෝ ප්‍රසිද්ධියක් උසුලයි). පසුව පැමිණි ෆ්ලෙවින් රාජ වංශය ද අනුගමනය කළේ එම නීතිමය. යහපත් අධිරාජය්‍යයවරු පස් දෙනාගේ කාලයේදී (96 – 180) අධිරාජ්‍යය භූමි ප්‍රමාණයෙන් , ආර්ථික වශයෙන් හා සංස්කෘතික වශයෙන් ඉහළ හිණි පෙත්තටම සංවර්ධනය විය. රට අභ්‍යන්තර හා බාහිර තර්ජනවලින් රාජ්‍යය ආරක්ෂා වූ අතර පැක්ස් රෝමානා (රෝම සමය) අතර තුර අධිරාජ්‍යය වඩ වඩාත් දියුණු විය. ට්‍රාජන් රාජ්‍යය කාලය තුළ සිදු වූ ඩේසියා විජිතයත් සමගම අධිරාජ්‍යයේ බල ප්‍රදේශය උපරිම විය. රෝම අධිරාජ්‍යයයේ විශාලත්වය වර්ග සැතපුම් මිලියන 2.5 ක් (වර්ග කි.මී 6.5 ක් ) වේ.

193 සිට 235 දක්වා කාලය තුළ සෙවරන් රාජ වංශය බල පැවැත්වුණු අතර එකළ එලගබලුස් වැනි අදක්ෂ පාලකයන් දැකිය හැකි විය. මෙය සහ රාජකීය පරම්පරාව වෙත තිබූ වැඩිවන හමුදා බලය ,3 වන සියවසේ අරගලය ලෙස කියවෙන බාහිර ආක්‍රමණවලට සහ රාජකීය බිඳවැටීමට හේතු විය. මෙම අර්බුදය නිමාවට පත් වූණේ ඩයෝ ක්ලිටියන්ගේ දක්ෂ පාලනය යටතේය. ඔහු 293 දී සම - අධිරාජ්‍යවරු දෙදෙනෙක්ගෙන් හා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ සහකරුවන් දෙදෙනෙක්ගෙන් සමන්විත ප්‍රාදේහීය රජ ක්‍රමයකට රට පාලනය කිරීමට අධිරාජ්‍යය පෙරදිග හා අපරදිග භාග දෙකකට බෙදීය. වසර 50 කට වැඩි කාලයක් තිස්සේ විවිධ සම - පාලකවරු ආධිපත්‍යය ලබා ගැනීමට සටන් කළහ. 330 මැයි 11 වන දින කොන්ස්ටන්‍ටයින් I අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යයේ අග නගරය කොන්ස්තන්තිනෝපලය ලෙස නම් වෙනස් කිරීමක් කරන ලදී. 395 දී අධිරාජ්‍යය ස්ථිර ලෙස පෙර දිග රෝම අධිරාජ්‍යය හා අපරදිග රෝම අධිරාජ්‍යය ලෙස බෙදන ලදී. පෙරදිග රෝම අදිරාජ්‍යය හා අපරදිග රෝම අධිරාජ්‍යය ලෙස බෙදන ලදී. පෙරදිග රෝම අධිරාජ්‍යය පසු කලෙක බයිසන්ටයින් අධිරාජ්‍යය ලෙස හැඳින්විණි.

අපරදිග අධිරාජ්‍යය නිරන්තරයෙන් බාබේරියානු ආක්‍රමණවලින් පීඩා විඳි අතර ශත වර්ෂ ගණනාවක් පුරාවට රෝම අධිරාජ්‍යය ක්‍රමයෙන් පසුබැසීමට ලක් විය. ක්‍රි.පූ 4 වන ශතවර්ෂයේදී හන්වරුන්ගේ බටහිර දෙසට සිදු වූ සංක්‍රමණය නිසා විසිගොත්වරුන්ට රෝම අධිරාජ්‍යයයේ මායිම්වල සරණ සොයන්නට සිදු විය. 410 දී ඇලරික් I ගේ නායකත්වය යටතේ විසිගොත්වරු රෝම නගරය පැහැරූහ. වැන්ඩල් වරු ගෝල්, ස්පාඥඤය සහ උතුරු අප්‍රිකාවේ වූ රෝමයට අයත් පළාත් ආක්‍රමණය කළ අතර 455 දී රෝමය පැහැරූහ. 476 හි සැප්තැම්බර් 4 වන දින ජර්මානු නායක ඔඩෝසර්, අපරදිග රෝම අධිරාජ්‍යයේ අවසාන පාලකයා වූ රොමියුලස් ඔගස්ටස් හට රජකම අත හරින ලෙස බල කළේය. මෙලෙස වසර 1200 කට ආසන්න කාලයක් පැවති අපර දිග රෝම පාලනය අවසානයට පත් විය.

පෙරදිග අධිරාජ්‍යයටද අත්වූයේ එවැනිම ඉරනමකි. නමුත් අපරදිග අධිරාජ්‍යයට අත් වූ ඉරණම තරම් උග්‍ර එකක් නොවේ. ජස්ටීනියම් ඉතාලිය හා උතුරු අප්‍රිකා‍ව ක්ෂණිකව යටත් කර ගත්තේය. නමුත් අපරදිග වූ බයිසන්ටයින් හි බල ප්‍රදේශ ජස්ටීනියන්ගේ මරණයෙන් වසර කීපයකට පසු දකුණු ඉතාලිය හා සිසිලිය දක්වා අඩු විය‍. පෙර දිගෙහි ඉස්ලාම් නැගීමත් සමග බයිසන්ටයින්වරුන්ට තර්ජන එල්ලවන්නට විය. ඉස්ලාම් අනුගාමිකයින් සීඝ්‍රයෙන් සිරියාවේ හා ඊජිප්තුවේ බල ප්‍රදේශ යටත් කර ගෙන ඉක්මණින්ම කොන්ස්තන්තිනෝපලයට ඍජු ලෙස තර්ජන ඉදිරිපත් කිරීමට සමත් විය. කෙසේ වෙතත් ක්‍රි.පූ 8 වන සියවස තුළදී බයිසන්ටයින්වරු තම භූමි ප්‍රදේශයෙන් ඉස්ලාම් පැතිරීම නවත්වා ගත් අතර 9 වන සියවස ආරම්භයේදී යටත් වී තිබූ භූමි නැවත මුදා ගත්හ. නැවත ක්‍රි.ව : 1000 දී පෙරදිග අධිරාජ්‍යය එහි උපරිමයේ සිටියේය. බැසිලියස් II වන බල්ගේරියාව හා ආමේනියාව නැවත පැරද්ද වූ අතර සංස්කෘතිය හා වෙළඳාම සමෘද්ධිමත් වුණි. නමුත් 1071 ඇති වූ මැන්සිකර්ට් යුද්ධය නිසා මෙම ප්‍රදේශ පුළුල් කිරීම එකවර නැවතුණි. මෙම අධිරාජ්‍යය පුදුමාකාර ලෙස පසුබෑමට හේතු විය. අභ්‍යන්තර අර්බුද හා ටර්කික් ආක්‍රමණ සහිත ශතවර්ෂ ගණනාවකට පසු ඇලෙක්සියස් I කොම්නෙසස් අධිරාජ්‍යයා 1095 දී අපරදිගින් උපකාර ඉල්ලීය. අපරදිග රෝම අධිරාජ්‍යය ඊට ප්‍රතිචාර දැක්වූයේ කුරුස යුද්ධය ඇති කරමිණි. අවසානයේ IV වන කුරුස යුද්ධයට සහභාගී වූවන් කොන්ස්තන්තිනෝපලය පැහැරූහ. 1024 කොන්ස්තන්තිනෝපලය පැරදවීම , අධිරාජ්‍යයේ ඉතිරි වූ කුඩා කොටස පදවි ප්‍රාප්තිකයන්ගේ ආණ්ඩු බවට පත් වෙමින් කැඩී බිඳී යාමක් ලෙස දැකිය හැක. එයි අවසාන ජයග්‍රාහකයා වූයේ නිකායීයාය. රාජකීය හමුදාව විසින් කොන්ස්තන්තිනෝපලය නැවත අත්පත් කර ගැනීමෙන් පසු රෝම අධිරාජ්‍යයා ඊජියන් වෙරළ තීරයට කොටු වූ ග්‍රීක ආණ්ඩුවකට වඩා මදක් වැඩි අධිරාජ්‍යයක් බවට පත් විය. 1453 මැයි 29 දින මේහ්මඩ් II වන කෝන්ස්තන්තිනෝපලය නැවත පැරදවීමෙන් පසු පෙරදිග අධිරාජ්‍යය නිමාවට පත්විය.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ancient_Rome#Empire

"https://si.wikipedia.org/w/index.php?title=අධිරාජ්‍යය&oldid=313857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි