සංගීතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බටහිර සංගිත ස්වරාක්ෂර දැක්වෙන සිතුවමක්.

සංගීතය යනු මාධ්‍ය ශබ්දය වන කා ආකාරයකි. සංගීතයේ මුලික අංග වන්නේ අන්තරාලය (තාලය හා ස්වර මාදුර්යය පාලනය කරන), රිද්මය (එය තාවේගය හා සංන්දානය යන සංකල්ප සමග සම්බන්ධවේ), ගතිකය හා ස්වර ගුණය හා වයනයේ ‍ධ්වණි තත්ත්වයයි. මෙම වදන ව්‍යුත්පන්න වුයේ Muses යන ග්‍රීක වදනෙනි. 1600 ට පෙර ලිඛිත සංගීතය තුල එය වාදනය ට අවශ්‍ය වාද්‍ය භාණ්ඩ මොනවාදැයි සඳහන් නොවුණි. සියවසකට පෙර සංගීතය රචනා කළෝ එහි කුමන පේලිය සංධ්වනිගත විය යුතුද හෝ භාණ්ඩ මගින් වාදනය විය යුතුදැයි සෑම විට ම සඳහන් නොකළෝ ය. එමෙන් ම රචිත සංගීතය වාදනය කළ යුත්තේ කුමන සප්තකය තුලදැයි යන්න ද සෑම විටම සඳහන් නොවුනි. රිද්මය පිළිබඳ සඳහන් දිවෙන්නේ 1200 තරම් අතීතයකට පමණි. එමනිසා මධ්යතන හා පුනරුද සමයේ සංගීත වාදනය කරන නූතන සංගීතඥයෝ අතර අනුමාන බහුලය. කෙසේ වුවද පුනරුද සංගීතඥයෝ ද්විදිශය තූර්යසංවාදය පිළිබඳ සුවිශේෂී ලෙස පුහුණුව ලැබූවන් විය යුතු අතර එමගින් සංගීතය කියවීම සඳහා අවශ්‍ය අමතර කරුණු ලබාගත්තා විය හැක.

20 වන සියවසේ මුල් භාගයේ සිදුවූ සංගීත පිබිදීමත් සමග ඉතිහාස ආවේදිත රඟදැක්වීම් හෙවත් පවතින ලිඛිත හා වෙනත් සාධක ආශ්රයෙන් මුල් සංගීතයට හැකිතාක් සමාන ව සංගීතය ප්‍රතිනිර්මාණය කිරීම මුල් කාලීන සංගීතය වර්තමානයේ ඉදිරිපත් කිරීම සඳහා බොහෝ ඉවහල් විය.

සංගීතය පිළිබඳ දර්ශනය[සංස්කරණය]

සංගීතය පිළිබඳව දර්ශන විද්‍යාවේදී සංගීතය පිළිබඳ වන මූලික ගැටළු අධ්‍යයනය කෙරේ. සංගීතය පිළිබඳ දර්ශන විද්‍යාවේ සිදුකෙරෙන අධ්‍යයනයන් අධ්‍යාත්මක භෞතික විද්‍යාව සහ සෞන්දර්යය හා සම්භන්ධ ගැටළු හා සමීපව බැඳී පවතී. ඒ යටතේ අධයයනය කෙ‍රෙන මූලික ගැටළු කිහිපයක් පහත දැක්වේ.

· සංගීතයේ අර්ථ දැක්වීම කුමක්වේද ? ( යමක් සංගීතය ලෙස හැඳින්වීම සඳහා කුමන සීමාවන් සලකා බැලිය යුතුද?)

· මනස සහ සංගීතය අතර ඇති සම්බන්ධය කුමක්ද?

· සංගීතයේ ඉතිහාසය මගින් ලෝකය පිළිබඳ කුමක් අනාවරණය වේද?

· මානව හැඟීම් සහ සංගීතය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?

· සංගීතයේ අරුතට එහි සහජ ගුණාංග සහ සංස්කෘතිකමය ලක්ෂණ කොතරම් දුරට බලපායිද?


සංගීතයේ ඉතිහාසය[සංස්කරණය]

සංගීත‍ය සියළුම සංස්කෘතීන්වල අතීතයේ හා වර්තමානයේ කාල හා ස්ථාන අතර පුළුල්ව පැතිරෙමින් පැවතී ඇත. වර්තමානයේ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නූතන මිනිසුන් මතු වූයේ වසර 160,000කට පෙර අප්‍රිකාවෙන් බවයි. වසර 50000කට පමණ පෙර මෙම මිනිසුන් වාසයට සුදුසු සියළු මහද්වීප සොයමින් අප්‍රිකාවෙන් පිටවීමට පටන් ගන්නා ලදී. ඉතාමත් තනි වූ ගෝත්‍රික කණ්ඩායම් ද ඇතුළුව ලෝකයෙහි වූ සියළුම ජනයන් හට සංගීත ආකාරයක් ඇති නිසා විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ සංගීතය, මිනිසුන් ලොව පුරා විසිරීයාමට පෙර පෞරාණික මහජනයා අතර තිබූ බවයි. තවද සංගීතය අඩුම තරමින් වසර 50000ක් පුරාවට පැවතී ඇති අතර අප්‍රිකාවේ දී ආරම්භ වී ඉන් පසු මිනිස් ජීවිතයේ මූලික අංගයක් බවට පත් වී ඇත.

යම් සංස්කෘතියක සංගීතය සමාජ හා වානිජ සංවිධානය කිරීම හා අත්දැකීම්, දේශගුණය හා තාක්ෂණයට වූ ප්‍රවේශ ඇතුළුව සංස්කෘතියේ අනෙකුත් සියළු අංශ මඟින් බලපෑමට ලක්වේ. සංගීතය මඟින් ප්‍රකාශ වන අදහස් හා සිතුවිලි, සංගීතය වාදනය වන හා ශ්‍රවණය කරන අවස්ථාව හා සංගීත වාදකයන් හා රචකයන් කෙරෙහි වූ ආකල්ප ප්‍රදේශ හා කාල අතර වෙනස් වේ. සංගීත ඉතිහාසය යනු ගන්ධර්ව විද්‍යාවේ හා ඉතිහාසයේ උප ක්ෂේත්‍රයක් වන අතර එය සංගීතය (විශේෂයෙන් බටහිර කලා සංගීතය) කාලනුක්‍රමික දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කරනු ලබයි.

සංගීතයේ මුලාරමභය ලේඛනගත ඉතිහාසයට පසුව හෝ පෙරදිග සිදුවුවක් දැයි නිශ්චිත සොයාගෙන නොමැත. සමහරකුගේ මත වනුයේ ස්වභාවික ශබ්ධ ආශ්‍රයෙන් සංගීත ආරම්භ වු බවයි.

ශබ්දයේ රිද්මයානුකූල බව මිනිසා පමණක් නොව සකුන්ද භාවිත කරනු ලබයි. වදුරන් තම බල ප්‍රද්ශය පිලිබද අනතුරැ අගවිම් නිකුත් කිරිම සදහා ශබ්ද භාවිත කරන අවසථා ඇත. පක්ෂින් ද එසේමය. එනම් ශබ්ද යනු යම්කිසි සන්නිවේදන මාර්ගයකි.

ලොව පළමු සංගීත අපකරණය ලෙස සලකනුයේ මානව කටහඩයි එය විවිධ තාරාතාවන්ගෙන් විවිධ නාද රටා එස්ස්ද රිද්මයානුකූලවම හැසිරය හැකිය. පළමු වන්ද භාණ්ටන්හි ආරම්භය අත්පොලයසන් නාද, පාෂණ ගැටීම් ආදියෙන් නිපදවිතැයි සැලකේ.

ගල් යුගයේ මිනිසුන් විවිධ ක්‍රියාකාරකම් සදහා පාෂාණ භාවිතා කිරිමේදී ඇති වු විවිධ ශබ්ද රිද්මය පිළිබද අදහස් මිනිස් සිතට ඇතුළත් කළ බවත් ඒආශ්‍රයෙන් සංගිතය නිපදවු බවත් අදටද පිළිගන්නා මතයකි.

ප්‍රාග් හෙතිහාසික යුගයේ සංගීතයටද එක් එක් භෞමිකා කලාප සංස්කෘතින් අනුව වෙනස්විය දෝපි හි ටිම්බිලා සංගීතය ලොව සංකිර්ණකතම ප්‍රාග් ඓතිහාසික සංගීත ක්‍රම‍ වේදයක් ලෙස සැලකේ.


ප්‍රාග් ඉතිහාස යුග‍යේ සංගීතය[සංස්කරණය]

පුරාතණ (කි.ව. 500 ට පෙර)
පුර්ව (500-1760)
සුලභ භාවිතා කාලය (1600-1900)
නුතන සහ සමකාලීන (1900 - අද දක්වා )

ලේඛණ ගත ඉතිහාසයක් බිහිවිමට ප්‍රථම වකවානු වල සිටම ලෝකවාසි ජනයා සංගීතය ඇසුරු කරන ලද අතර එම සංගීතය ප්‍රාග්ඓතිහාසික යුගයේ සංගීතයයි. ලෝකයේ විවිධ රටවල වසන ආදී වාසින් භාවිත කරන සංගීත ක්‍රමවේදයන් මෙම ප්‍රාග් ඓතිහාසික යුගයේ සංගීතයට නෑකම් කියනු ලබයි. ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු ආදි වාසි ජනයා මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැකි. යුරෝපිය නොවන අනෙකුත් රටවල භාවිත වන ගැමි නාද රටාව ප්‍රාග් ඓතිහාසික යුගයේ සංගීතයට නෑකම් කියනු ලබන බවට සලකනු ඇත.

මධ්‍ය කාලීන සංගීතය[සංස්කරණය]

මුල් කාලය මධ්ය කාලීන (1500-1400) පුනර්ජීවය යුගය (1400-1600)

පොදු ව්යවහාරය බැරොක් (1600-1760) ශාස්ත්රීය - (සම්භාවනීය) (1730-1820) රොමැන්ටික් (1815-1910)

නවීන හා සමකාලීන 20 වෙනි ශතවර්ෂයේ සම්භාවනීය (1900 - 2000) සමකාලීන සම්භාවනීය (1975-වර්තමානය)


මධ්ය කාලීන සංගීතය යන්නට මධ්ය කාලීන යුගයේ රචිත යුරෝපීය සංගීතය ඇතුලත් වේ. මෙම යුගය රෝමානු අධිරාජ්යයේ ඇද වැටීමත් සමග ආරම්භ වන අතර පහලොස් වෙනි ශත වර්ෂයේ මැද භාගයේදි පමණ අවසාන වෙයි. මධ්යගත යුගයේ අවසානය සහ පුනර්ජීවන යුගයේ ආරම්භය නියම කිරීම ඇත්තෙන්ම හිතුවක්කාර ක්රියාවකි. මෙහිදි 1400 වර්ෂයේ යොදා ඇත.


සමාප්‍රදායික සංගීතය[සංස්කරණය]

විවිධාකාර රටවල ඊට ‍අවේනික වු ප්‍රාථමික, සරල ගැමි සංගථියක් දැකිය හැකිවේ. ඒවයෙහි බොහෝ දුරට නිර්මාණකරුවෙකු සෙවිම දුෂ්කර වන අතර පැවතගෙන එනුයේ දි ලිඛිතව නොව ශ්‍රව්‍යමය හෝ මුඛ පරම්පරානුගතවය. මෙසේ පැවතගෙන එන ගැමසි සංගිතයක අයිතිකරුවන් නොමැති බැවින් එහි තම ම අභිමතය පරිදි වෙනස්කම් සිදු කිරිම අභියෝගාත්මක වන අතර පසු කාලීනව එය මුල් කෘතිය සම්පුර්ණයෙන් ම පාහේ විකෘති කොට දැක්විමක් ලෙසද සිතිය හැකිය.


පෙරදිග සංගීතය[සංස්කරණය]

ආසියානු සංස්කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇසුරෙන් නිර්මාණය වු විවධ සංගීත විලාසිතා ගණනාවක් ආසියානු සංගීතයට අයත් වෙයි. ආසියානු සංගීතයේදී බොහෝ විට ස්වර 5 කින් යුත් ප්‍රස්තාර භාවිතා කෙරේ. පිලිපීන සංගීතයේදී ස්වර අටක් භාවිතා වෙයි. නැතහොත් ඔවුහු යුරෝපියානු සංගීත ක්‍රමයක් භාවිතා කරති. ඊට හේතුව ස්පාඤ්ඤ ජාතිකයන් පිලිපිනයෙහි ජනපද පිහිටු වීමයි.

ආසියානු සංගීතය ආසියාව තුළ ජීවත් වන මිනිසුන් සහ ඔවුනගේ සංස්කෘතීන් තරමටම විශාල එමෙන්ම අනන්‍ය වේ. මොවුන්ගේ ප්‍රධාන සංගීත උපකරණ කාණ්ඩ අතරට තත් දෙකක් හෝ තුනක් සහිත Lute උපකරණ, (the necks either fretted or fretless), අශ්ව ලොම්වලින් නිර්මාණය කළ වීනා, බොහෝ විට දෙපසම විවෘත ආකාරයක් ගන්නා බටනලා (දෙකෙළවරින් ඕනෑම එක් කෙලවරකින් පිඹිය හැකි හෝ පැත්තෙන් පිඹින ආකාරයේ) සහ යුදෙව් වීනා (බොහෝ විට සයිබිරියානු උපකරණය ලී වලින් නිර්මාණය කෙරුණු එකක් වන අතර අනෙක්වා ලී හෝ ලෝහ භාවිත යෙන් නිර්මාණය කෙ‍රුණු ඒවා වෙයි) අයත්වෙයි. පිරිගැටුම් සංගීත භාණ්ඩ අතරට රාමු බෙර, ටැම්බොරීන් බෙර සහ කෙට්ල්ඩ්‍රම් බෙර යනාදිය අයත් වෙයි. ප්‍රධාන වශයෙන්ම බහුතාල නාදයන් Lute සහ වීනා භාවිතයෙන් ලබාගැනෙයි. තවද වාචික බහුතාල විවිධ ක්‍රම මගින් ලබාගැනෙයි. උදා - තනි බටනලාවක් පිඹින අතරතුර භක්ෂීර්වරු මූලික ස්වරයක් මුමුණති.


සම්භාව්‍ය සංගීතය[සංස්කරණය]

යුරෝපිය සංගීත ඉතිහාසය පුර්ව[සංස්කරණය]

මධ්‍යකාලීන (500-1400)

පශ්චාත් මධ්‍යකාලීන (1400-1600)

සුලභ භාවිතයාවන්

බාරොක් සගීතය (1600-1760)

සම්භාව්‍ය (1730-1820)

ගෘංගාරාත්මක (1815-1910 )


නුතන

20 වන ශතවර්ෂයය (1900-2000)

සමකාලීන සම්භාව්‍ය (1975- අද දක්වා)


සම්භාව්‍ය සංගීතය යනු ඉතා පුළුල් වු ක්ෂේත්‍රයකි. එය ප්‍රධාන වශයෙන් නෑකම් කියනු බටහිර සංගීතයටයි. දළ වශයෙන් සෙස නව වන ශතවර්ෂයේ පටන් අද දක්වා විවිධ වෙනස්කම් වලට බදුන් දෙමින් රට රටවල් අතර සංගිතයන් සමග මුසු වෙමින් පවතී. වයුරෝපීය සම්භාව්‍ය සංගීතය අනෙකුත් සංගීත පස්ධතීන් හා වෙනස්විමට වඩාත් ප්‍රබල හේතුවක වනුයේ එහිදි භාවිතාවන ස්වර ප්‍රමස්තාර ගත කිරිමේ විශේෂ ක්‍රමයයි. රැල් පහක් මත අදිනු ලබන විවිධාකාර සංඥා මාර්යෙන් අදාල ස්වර් රිද්මය තනුව විස්තර කරනු ලබව මෙම ක්‍රමය වනිසා ඉතා විශිෂ්ඨ වු හැඩතලයක් යුරෝපීය සම්භාව්‍ය සංගීත ජනප්‍රිය සංගීතයත් සමග පුද්ගල රසඥතාව සදහා තර්ක කරන ලද අතර වඩා සැලකිය යුතු මට්ටමේ වාණිජමය සාර්ථකත්වය ලබා ගැනිමේ ලා සමත්විය.

සම්භව්‍යය සංගීතය යන පදයද ව්‍යවහාරාත්මක භාවිතා වනන්නට ගතතේ 19 වන ශතක වර්ෂයටද පසුවය. ජොහැන් සේබස්තකියන් බාම් සහ බීතෝවන් වැනි ශ්‍රේෂ්ඨ සම්බාව්‍ය සංගීතඥයන් ඒ සදහා හේතු වුයේය.

සංගීත නාමකරණය[සංස්කරණය]

නාමකරණය යනු සංකේත යොදා ගනිමින් කඩදාසියක් මත සංගීත සටහන් හා රිද්මයන් ලිවීමයි. සංගීතය ලිවීමේ දී සංගීතය වාදනය කිරීමට අවශ්‍ය උපදෙස් සමඟ සංගීතයේ තාරතාවය හා රිද්මය නාමකරණය කරනු ලැබේ. නාමකරණය කියවන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමට සංගීත සිද්ධාන්තය, ස්වරමාධුර්ය, රඟ දැක්වීමේ ක්‍රියා පිළිබඳ අධ්‍යයනය හා සමහරක් අවස්ථාවලදී ඓතිහාසික රඟ දැක්වීමේ ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම් ඇතුළත් වේ.

ලියා දැක්වීමේ නාමකරණය රටාව හා සිගීත යුගය අනුව වෙනස් වේ. බටහිර කලා සංගීතයේ දී වඩාත් බහුල ලිවීම් නාමකරණ වර්ගය වන්නේ ස්වර ලිපි (Scores) වන අතර එයට වෘන්ද කැබලි හා කොටස්වල සියළු සංගීත කොටස් ඇතුළත් වන අතර ඒවා තනි රඟ දක්වන්නන් හෝ ගායකයන් සඳහා වූ සංගීත නාමකරණය වේ‍. ජෑස් හා බ්ලූස් වැනි ජනප්‍රිය සංගීතයේ දී සංගීතමය නාමකරණය වන්නේ ලීඩ් පත්‍රයයි. (Lead Sheet) එහි තනුව, ස්වරසංඝාතය, පද්‍ය මාලාව (කටහඬ කොටසක් නම්) හා සංගීතයේ ව්‍යුහය ඇතුළත්ව පවතී. ස්වර ලිපි හා කොටස් ජනප්‍රිය සංගීතයේ හා ජෑස්වලදී ද භාවිතා‍වේ.

ජනප්‍රිය සංගීතයේ දී ගිටාර් වාදනය කරන්නන් හා විද්‍යුත් බේස් වාදනය කරන්නන් බොහෝ විට කියවනු ලබන්නේ ටැබ්ලේචරයක (tablature) ඇති සංගීත නාමකරණ එමඟින් ගිටාරයක රූප සටහනක් හෝ බ්ලේස් ඇඟිලි පුවරුවක් යොදා ගනිමින් උපකරණයෙහි සටහන් වාදනය කළ යුතු ස්ථානය පෙන්වා දෙයි. ටැබ්ලේචරය බැරෝක් යුගයේ දී තන්තුමය විෂම උපකරණයක් වු වීණාවේ සංගීතය නාමකරණය සඳහා යොදා ගන්නා ලදී.

නාමකරණය ලද සංගීතය නිෂ්පාදනය කරනු ලබන්නේ පත්‍ර සංගීතය ලෙසය. සංගීත නාමකරණයකින් සංගීතය වාදනය කිරීම සඳහා සංගීත රටාව පිළිබඳ මෙන්ම සංගීත අංශය‍හෝ වර්ගය සමඟ සම්බන්ධ වී ඇති රඟ දැක්වීමේ ක්‍රියාව පිළිබඳ තේරුම් ගැනීමක් ද අවශ්‍ය වේ.

පුරාතන සංගීතය[සංස්කරණය]

පුරාතණ (කි.වු. 500 ට පෙර)

පුර්ව (500-1760)

සුලභ භාවිතා කාලය (1600-1900)

නුතන සහ සමකාලීන (1900 - අද දක්වා )


පුරාතන සංගීතය යනු සාහි්‍ත්‍යමය පදනමින් යුක්තව ප්‍රතිස්ථාපනය වු ප්‍රාග් ඓතිහාසික සංගීතයයි.

පුරාතන සංගීතයට ලෝකයේ විවිධ කාලයන්ට අයත් විවිධාකාර සංගීතමය පද්ධතීන් අයත් වන අතර මෙම කලාපයක් පර්සියාව, ඉන්දියාව, චීනය, ග්‍රීසිය, රෝමය, ඊජිප්තුව සහ මෙසපොටේමියාව ලෙස ගත හැක. පුරාතන සංගීතය සමන්විත වනුයේ මුලික නාද රටා සහ ස්වර සංකල්නය වලනි. එම නාදරටාවන් මුඛ පරම්පරානුගතව හෝ ලිඛිතව ඉදිරි පරම්පරාවලට බෙදා හරින ලද්දේය.

වර්තමානයේ සංගීතය තුළ පුරාතන සංගිතයේ ආභාෂයන් දැකිය හැකි අතර ඉන්දියානු පර්සියානු ආසියානු යුදෙව්ව, ඊජිප්තු ඉස්ලාම් සංගීතයන් මේ සදහා උදාහරණය ලෙස දැක්විය හැකිය.

ඉරාන සංගීතය Elamite අධිරාජ්‍යයාගේ (ක්‍රි.පු. 2500-644) වකවනුව තෙක් අතීතයට නෑකම් කියන බමට සුසාහි මතු කොටගත් කුඩා ප්‍රතිමාවක් සාක්ෂි දරයි. මෙම කාල වකවානුවේ සංගිතය පිලිබද ඇත්තේ ඉතා සිහිත දක්වා ප්‍රමාණයකි. නමුත් ගිටාරය, බටනලාව වැනි සංගිත භාණ්ඩ මෙම වකවානුවේ භාවිතා කරන ලද බවට සාක්ෂි ඇති අතර බාබට් නම් සංගීත භාණ්ඩද මෙම වකවානුවේ නිපදවන ලදැයි සැලකේ.

සංගීත වින්දනය[සංස්කරණය]

ලෝකයේ විවිධ සංගීත ශෛලින් සහ ඒවා ක්‍රියාත්මක වු හෙතිහාසික කාල පරිච්ඡේදව අනුව සංගීතමය ලේඛන ගත කිරිම් එකිනෙකට වෙනස් විය. සෑම කාලවකවානුවකදීම සංගීතමය නිර්මාණයකින් ප්‍රේක්ෂකයා බලාපෙරොත්තු වුයේ විදනාත්මක බවයි. සෑම සංගීතඥයෙකුම තම තමන්ගේ කුසලතාව අනුව සංගීතයේ වින්දනාත්මක බව රැකීමට උත්සුක විය. ඒ අනුව කලින් කලට සංගීතමය රීති සංගීතඥයින් විසින් භාවිත කරන ලදී. ලය වෙනස් කිරමි, නිශ්ශබ්ධතාවයක් ආදිය නිර්මාණත්මක භාවිතා කිරිම් මෙන්ම සංගීත ස්වර රචනා ප්‍රස්තාර ගත කිරිමේ ක්‍රමයද කලින් කලට වෙනස් විය.

නමුත් ජනප්‍රිය සංගීත ශෛලින්ග් මෙම ස්වර ප්‍රස්තාර ගත කිරිම් විධිමත් ආකාරයකින් භාවිත නොව්. උදාහරණය ලෙස ජෑස් සංගීතයේදි භාවිත වනුයේ ඉතා සරල මුලික දළ සටහනක් පමණි. "ලෙඩ් ෂීට්" නම් සටහනෙ ඔවුන් සටහන් කරනුයේ සංගීත නාද රටාව සහ ස්වර සමුහ වෙස්කම් පමණි. එවුන් මෙම මුලික නාද රටාව උපයෝගි කොට ගෙන සජීවි අවස්ථාවේදී විවිධ වෙනස්කම් සිදු කරමින් තම ප්‍රෙක්ෂකයන්ට පිනවීමට කටයුතු කරයි.


සංගීත සංදර්ශන චාරිකාවක් යනු සංගීතඥයන්, සංගීත කණ්ඩායම් හෝ යම් පිරිසක් විසින් විවිධ නඟරවල හෝ ස්ථානවල පවත්වන සංගීත සංදර්ශන මාලාවකි. විශේෂයෙන් ජනප්‍රිය සංගීත ලෝකය තුළ දී එවැනි චාරිකා මාස ගණන් හෝ අවුරුදු ගණන් පවතින මහා පරිමාණ ව්‍යාපාර විය හැකි අතර ඒවා මිලියන 100 හෝ 1000 මිනිසුන් විසින් නරඹන අතර ප්‍රවේශ පත්‍ර ආදායම් ලෙස ඩොලර් මිලියන ගණනින් (හෝ ඒ හා සමානව) ලබා දේ. ඉතා දිගු සංගීත සංදර්ශන චාරිකාවල විවිධ අංග “legs” ලෙස හඳුන්වනු ලැබේ. සංගීත සංදර්ශන චාරිකා ප්‍ර‍ාදේශීය මට්ටමේ දී බොහෝ විට සංදර්ශක වර්ධකයන් මඟින් හෝ රඟ දක්වනු ලබන කලා ඉදිරිපත් කරන්නන් විසින් පාලනය කරනු ලැබේ.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Concert#Concert_tour


පුරාතන ඉන්දියාව[සංස්කරණය]

සාම වේදයෙහි පවතින සමහරක් ඉපැරණි සංගීතමය වාර්තා ඒවා ලියැවෙන තුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට මාරු වූයේ කට පාඩම් කිරීම මඟිනි. ඩාන්සින් ගර්ල් වැනි මොහොජොදාරෝ හා හරප්පා වැනි ශිෂ්ටාචාරවලින් කැනීමෙන් ලබා ගත් ද්‍රව්‍ය මඟින් පෙන්වා දෙන්නේ පුරාතන ඉන්දියාවේ සංගීතමය පද්ධතිවල දියුණුවයි. සිදුරු 7කින් යුත් බටනලාව හා විවිධ වර්ගයේ තන්තු සහිත උපකරණ වැනි උපකරණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරා විද්‍යාත්මක කැනීම් ස්ථානවලින් හමු වී ඇත.

ඉදිරිපත් කිරීම[සංස්කරණය]

කිසියම් සංගීතඥයකු හෝ සංගීත කන්ඩායමක් නව නිර්මාණයක් අවසන් කළ පසු එය ප්‍රේක්ෂකයින් හට ඉදිරිපත් කරනු ලබයි. ඉදිරිපත් කිරිමෙන් පසුද එයට ලැබෙන ප්‍රතිචාර හරහා යම් ‍යම් වෙනස්කම් සිදුවිමට ඉඩ ඇත.

මෙසේ ඉදිරිපත් කරනු ලබන සංගීත ඛාණ්ඩ කලින් හාදින් පුහුණු වු ඒවා හෝ නොවු ඒවා විය හැකිය. එනම් ප්‍රසංග අවස්ථාවේ විවිධ සංගීත ඛන්ඩයක් අළුතින් ඒ මොහොතේ එකකු වීඹට ඉඩ ඇත. උදාහරණයක් ලෙස ගිටාර් වාද්‍ය ඛාණ්ඩ හෝ වාද්‍ය ඛාණ්ඩ දැක්විය හැකිය.

විවිධ සංගීත සංස්කෘතිකයන්හි සංගීතමය ඉදිිපත් කිරිමට විවිධකාර වේ. ඉන්දියානු සහ ටහිර සංගිතයන්හි ඔවුන් මෙම ඉදිරිපත් කිරිම ඒක පුද්ගල ලෙස ඉදිරිපත් කිරිමට වැඩි රුචිකත්නවයක් දක්වයි. නමුත් සමහර සංස්කෘතින්හි ඔවුන් වැඩි අවධානය දක්වන්නේ කණ්ඩායම් ඉදිරිපත් කිරිම් වලටය. නමුත් බොහෝ සංස්කෘතින්හි මෙම විවිධක්‍රම දෙකම එකවිට ප්‍රයේජනයට ගැනීම්ද දැකිය හැකිවේ.

කුඩා පිරිස ඉදිරියේ සිදුකරනු ලබන සංගීතමය ඉදිරිපත් කිරිම් ද ලෝකයේ බොහෝ රටවල දැකිය හැකි. මෙහිදි භාවිත වනුයේ ඉතා ස්වල්ප ප්‍රමාණය සංගීත භාණ්ඩ ප්‍රමාණයකි.

සංගීත නිෂ්පාදනය[සංස්කරණය]

සංගීත නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ අධ්‍යාත්මික තෘප්තිය ආගමික අවශ්‍යතාවන් හෝ රසස්වාදනය යන හේතු සදහාය. ආධුනික සංගීතඥයින් බොහෝ විට තම ආත්ම තෘප්පිතයට අමතරව තම ජීවනෝපාය ලෙස ද සංගීත නිෂ්පාදන කටයුතු වල නිරත වෙයි. ආගමික සිද්ධස්ථාන, සංගීත පාසල්, ගුවන් විදුලි, රූපවාහිනිය, චිත්‍රපට නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර හරහා ප්‍රවිණ සංගීතඡයින් තම වෘත්තිමය සංගීත කටයුතු සිදු කරයි.

ආධුනිකයින් සහ ප්‍රවීණයින් අත සතුටුදායක මෙන්ම අසතුටුදායක සංගීත සම්බන්ධත්වයකින් දැකිය හැක. බොහෝ ආධුනිකයින් ප්‍රවිණයින්ගේ නිර්මාණ ඇසුරින් ආභාෂය ලබා ගනී. සමහර අවස්ථා වල ආධුනිකයින් ප්‍රවිනයන්ට තරගකාරිත්වය සංගීත කේෂ්ත්‍ර තුළ ද නිර්මාණය වේ.

සජීවි සංගීතම ප්‍රසාංග, ඉදිරිපත් කිරීම් සංගීතඥයාගේ හැකියාව මොනවට පැහැදිලි කරන සාධකයකි. එය පටිගත කරන ලද සංගීතයක‍ට වඩා වෙනස්ම අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත සපයනු ලබයි. එනමුත් සමහර සංගීත ප්‍රසංගයන්හි අදටත් භාවිත වන්නේ පිගත කරන ලද සංගීත ඛණ්ඩයන්ය.

සංගීතය හා අන්තර් ජාලය[සංස්කරණය]

නවීනලෝකයේ යුධ රටවල විවිධ සංස්කෘතිගේ විවිධ සංගීත පද්ධතින් පරිශීලනයෙහිලා වැඩි ඉඩකඩක් අන්තර්ජාලය මගින් ලෝකවාසින්ට ලබා දී ඇත. ව්‍යාපාරික ලෝකය තුළද ඉතා අඩු වියදම් යටතේ තම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත හදුන්වා දීම සදහා අන්තර් ජලාය බහුලව භාවිත වේ. සංගීත වෙළදපොල අරබයා ද මෙම අරමුණු පොදු වේ. විවිධ ජන කොටස් වෙත තම සංගීත නිර්මාණයෙහි අලෙවියෙහිලා අන්තර්ජලය වැදගත් මාර්ගයකි.

අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන සජීවි මිතුරැ හවුල් හරහා ද විවිධාකාර සංගීත නිර්මාණකරුවන් හට එකිනෙකා වෙත තහ අදහස් හුවමාරු කර ගැනිමට අවස්ථාව ලැබේ. යු ටියුබ් හි, මයිස්පේස් වැනි වෙඩ් අඩෙවි හරහා තම නිර්මාණ විඩියෝ පටි, ශ්‍රව්‍යපටි ප්‍රචාරය කිරිමට ආධුනික මෙන්ම ප්‍රවීන නිර්මාණකරුවන්ටද ඉඩ ප්‍රස්ථාව ලැබේ.

එමෙන්ම එක් නිර්මාණයක් වටා තවත් නිර්මාණ රැසක් බිහිවිමද අන්තර්ජාලය මගින් සිදුවේ. උදහාරණයක් ලෙස යම් ශ්‍රවශ්‍යමය සංගීත පටයකට සවන්දෙන්නෙකු එය උපයෝගි කොට ගෙන විඩියෝ පටියක් නිර්මාණය කර ප්‍රචාරය කරවනු ඇත. එවැනි බෝහේ නිර්මාණ අන්තර්ජාලය තුල අද වනවිට දක්නට ඇත.

වැඩිදුර කියැවුම්[සංස්කරණය]

සංගීත අධ්‍යාපනය - මානව සංගීත විද්‍යාව[සංස්කරණය]

බටහිර ලෝකයේ උගන්වනු ලබන සංගීත ඉතිහාසය බොහොමයක් දුරට ගණුදෙණු ‍කරනු ලබන්නේ බටහිර ශිෂ්ටාචාරයේ කලා සංගීතය සමඟය. අනිකුත් සංස්කෘතීන්වල සංගීතයේ ඉතිහාසය (ලෝක සංගීතය හෝ මානව සංගීත විද්‍යා ක්ෂේත්‍ර) බටහිර විශ්ව විද්‍යාලවල උගන්වනු ලැබේ. මෙයට බටහිර ‍යුරෝපයේ බලපෑමට එපිටින් වූ ආසියානු රටවල ලේඛණගත සම්භාවනීය සම්ප්‍රදායන් මෙන්ම අනිකුත් සංස්කෘතීන්වල ගැමි හෝ ආවේනික සංගීතය ඇතුළත් වේ.

සංගීතයේ ජනප්‍රිය රටා සංස්කෘතියෙන් සංස්කෘතියට හා යුගයෙන් යුගයට විශාල ලෙස වෙනස් වේ. විවිධ සංස්කෘතීන්, විවිධ උපකරණ හෝ තාක්ෂණික ක්‍රම හෝ විවිධ සංගීත භාවිතා කරන ආකාර මතුකර දක්වයි. සංගීතය විනෝදාශ්වාදයට, උත්සව වලට ප්‍රායෝගික හා කලාත්මක සන්නිවේදනයට පමණක් නොව ඒකාධිපති රටවල ප්‍රචාරණයට ද යොදා ගනු ලැබේ.

සංගීත වර්ගීකරණ බොහොමයක් ලෝකය තුළ දක්නට ඇත. එයින් බොහොමයක් සංගීතයේ අර්ථ දැක්වීම පිළිබඳ වූ විවාදය හරහා පැමිණි ‍ඒවාය. මේවා අතරින් විශාලතම වන්නේ සම්භාව්‍ය සංගීතය (හෝ කලා සංගීතය) හා ජනප්‍රිය සංගීතය (හෝ වාණිජමය සංගීතය - රොක් ඇන්ඩ් රෝල්, රාජ්‍ය සංගීතය හෝ පොප් සංගීතය) අතර වෙනසයි. සමහරක් ප්‍රභේද මෙම විශාල වර්ගීකරණ දෙක තුළට යන්තමින් වත් නොගැලපෙයි. (ගැමි සංගීතය, ලෝක සංගීතය හෝ ජෑස් සංගීතය වැනි)

ලෝක සංස්කෘතීන් ක්‍රම ක්‍රමයෙන් එකිනෙක මිශ්‍ර වීමත් සමඟ ඔවුන්ගේ ආවේණික සංගීත රටා නව රටා තුළට මුසු වීම සිදු විය. උදාහරණ ලෙස එක්සත් ජනපදයේ බ්ලූ ග්‍රාස් රටාවෙහි ඇන්ග්ලෝ අයර්ලන්ත , ස්කොට්ලන්ත, අයර්ලන්ත, ජර්මානු හා අප්‍රිකානු උපකරණමය හා කටහඬමය සම්ප්‍රදායන්ගේ අවයව ඇතුළත් වේ. එමඟින් එක්සත් ජනපදයේ බහු ජන වර්ග සමාජය තුළ වැඩි ජනප්‍රියත්වයක් ළඟා කර ගැනීමට හැකි වේ. සංගීත ප්‍රභව බොහෝ විට තීරණය වනු ලබන්නේ සත්‍ය සංගීතයේ මෙන් සම්ප්‍රදායෙන් හා ඉදිරිපත් කිරීමෙන් වේ. ජෝර්ජ් ගෂ්වින්ගේ Rhapsody In Blue වැනි නිර්මාණ තුළ ජෑස් හා සම්භාව්‍ය සංගීතය යනු දෙවර්ගයම අන්තර්ගත යැයි හැඳින්වේ. බොහොමයක් වර්තමාන සංගීත උත්සව සමරනු ලබන්නේ යම් විශේෂිත සංගීත ප්‍රභේදයකි.

උදාහරණ ලෙස ඉන්දියානු සංගීතයේ පැරණිතම හා වැඩිම කලක් තිබූ වර්ගයක් වන අතර එය තවමත් දකුණු ආසි‍යාවේ මෙන්ම අන්තර්ජාතිකව ද පුළුල් ලෙස ශ්‍රවණය කරනු ලැබේ. (විශේෂයෙන් 1960 දශකයේ සිට) ඉන්දියානු සංගීතයේ සම්භාව්‍ය සංගීත ආකාර තුනක් පවතී. ඒවා නම් හින්දුස්ථානී කර්නාටක හා දෘපද් රටාය. එහි සමාකරණ රටා විශාල සංඛ්‍යාවක් ඇති අතර එයට ඇතුළත් වන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ තලවද්‍යා රඟ දැක්වීම් වැනි සමස්ථාන සංගීත පමණි.

සංගීත අධ්‍යාපනය කොටස් තුනින් සමන්විත යයි. පෙරදිග සලකන ලදි. එම කොස් තුන් නම් ව්‍යවස්ථික සංගීතය, සංගීත ඉතිමාසය සහ මානව සංගීතයයි. මානව සංගීතය යටතේ අධ්‍යනය කෙරනුයේ අපරදිග සංස්කෘත්නගේ සංගීතයය සංගී‍යේ සංස්කෘතයක් පිළිබදවයි.

අද වන විට සංගීත අධ්‍යාපනය සරසවි අධ්‍යාපනය දක්වා ව්‍යාප්තව ඇති ශ්‍රාස්ත්‍රපති ආචාර්ය උපාධෂි පවා සංගීත අධ්‍යයනය වෙනුනේ පිරිනැමේ ඩී.එච්.ඒ යනු මෑතකදී හදුන්වා දුන් නව උපාධියකි. ඒ යටතේ විශ්වවිද්‍යළුා ආචාර්යවරැන් ලෙස සංගිතඥයන්ට සම්බන්ධ විමිට අවස්ථාව සැලසෙනු ඇත. මධ්‍යතන යුගයේදි සංගීත අධ්‍යනය ඉතා ඉහළ මම්මටක පැවති අතර ලිබරල් ආට්ස් ලෙස වෙන් කරනු ලැබු කාලාවක් යටතට සංගීතයද අයත් කර ගැනිණ.

සත්ත්ව සංගීත විද්‍යාව යනු මානවිය කොටස් සතුන්ගේ සංගීථමය බව පිළිබද අධ්‍යනය කරනු ලබන ක්ෂේත්‍රයකි. ජෝර් හර්සෝග් ෆ්‍රැන්කොයිස් බර්නාඩ් මැකේ නිකොලස් රැවේ වැන්නවුන් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ වෙති.

සංගීතමය න්‍යාය ඉගෙන ගැනිම සංගීත අධ්‍යනනයේ වැදගත් ක්ෂේත්‍රයකි. මෙවට සංගීතමය ඉතිහාසයව සංගීතමය උපකරණ පිළිබද ඉගෙනීම මෙන්ම ගණිය භෞතික විද්‍යා වැනි ක්ෂේත්‍ර ඇතුළත් වනයේ සංගීත යනු කලාවක් මෙන් විද්‍යාවක් ද වන බැවිනි.

සංගීත අධ්‍යාපනය - ප්‍රාථමික[සංස්කරණය]

ලොවපුරා සංගීත අධ්‍යාපනය පෙර පාසල් අවධියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පැතිරුණු එකකි. පෙර පාසල් අවධියේ සංගීත අධ්‍යාපනය උපයෝගි කර ගනුයේ ළමයෙකුගේ ශ්‍රවණ හැකියාව, ධාරණ ශක්තිය, ගණිතමය දැනුම, අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය කිරිමේ ක්‍රමයක් ලෙසය.

පාසල් අවධියේ දී මෙම වඩාත් පුළුල්ව සංගීත භාණ්ඩ වාදනය කිරිමේ කුසලතා රසඥතාවයන් වර්ධනය කිරීම වැනි අංශ කෙරෙහි ව්‍යාප්ත වේ. ද්වීතියික අධ්‍යාපනයේ දී විවිධ සංගීත නිර්මාණ කටයුතු කිරීම, සංගීත නිර්මාණය, ප්‍රසාංග සන්විධානය වැනි කුසලතාවයන් වර්ධනය කෙරේ.

විශ්වවිදයාල මට්ටමේදි ප්‍රධාන වශයෙන් සිදු කරනුයේ ඉතිහාසය ඉගෙනීම හා සංගීත රසස්වාදය වර්ධනය කිරීමයි. අද ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාල පාඨමාලා ඔස්සේ ලෝකයේ විවිධ රටවල විවිධ සංගීත ශෛලින් පිලිබද කරුණු හැදැරිමේ අවස්ථාව ශිෂ්‍යයන් හට ලබා දි ඇත. පෙරදිග හා අපරදිග යන කොටස් දෙකට අමතරව අප්‍රිකානු සංගීතය, ජපන්, චීන, කෝරියානු ආදි රටවල සංගීත ශෛලින් ද මේ යටතේ හදාරනු ලබයි.

සංගීත කර්මාන්තය[සංස්කරණය]

සංගීත ව්‍යාපාර මේ නමින් හැඳින්වේ. මෙම ක්ෂේත්‍රයට සංගීතයට අදාලව බොහෝ ව්‍යාපාර සහ සංවිධාන අයත්වන නමුත් වර්තමානයේ මෙම ක්ෂේත්‍රය පාලනය වන්නේ මූලික සංවිධාන හතරක් යටතේ වේ. මේවා “ big four” , “the major labels/the majors” ආදී ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වෙන අතර නම් වශයෙන් ඒවා “ Sony BMG” , “ EMI”, “Universal” සහ “Warner” වේ.මෙම එක් එක් සමාගමට විවිධ ප්‍රදේශ සහ වෙළඳපොළ තුළ ක්‍රයාත්මක වන කුඩා සමාගම් රැසක් අයත්වේ.



ඉතිහාසය[සංස්කරණය]

1700 ශත වර්ෂය තෙක් සංයුක්ත ක්‍රියාවලියට හා සංගීතය මුද්‍රණය කිරීමට වැඩි වශයෙන් සහාය දෙනු ලැබූවේ රදළ පන්තියේ හා පල්ලියේ අනුග්‍රහයෙනි. 1700 ශත වර්ෂයේ මැද භාගයේ සිට පසු භාගය දක්වා වුල්ෆ් ගෑන්ග් ඇමඩස් මොසාට් වැනි රඟ දක්වන්නන් හා රචකයන් ඔවුන්ගේ සංගීතය වෙළඳ පොළ ගත් කිරීමට හා සාමාන්‍ය මහජනයාට රඟ දැක්වීමට වානිජමය අවස්ථා සෙවීම ආරම්භ කරන ලදී. මො‍සාට්ගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ (කොන්ස්ටන්ස් වෙබර්) ඔහුගේ සංගීතය වානිජකරණය කිරීමේ ක්‍රියාව අඛණ්ඩව සිදු කරන ලදී. එය ඇය සිදු කරන ලද්දේ අපූර්ව අනුස්මරණ ප්‍රසංග ශ්‍රේණියක් පැවැත්වීම, ඔහුගේ අත්පිටපත් විකිණීම හා ඇයගේ දෙවන ස්වාමිපුරුෂයා වූ ජෝර්ජ් නිසෙන්ගේ සහාය ඇතිව මොසාට්ගේ චරිතාපදානයක් ලිවීම හරහාය.

1800 ශත වර්ෂයේ දී සංගීත කර්මාන්තයේ පත්‍ර සංගීත ප්‍රකාශකයන් විසින් තම අණසක යටතට ගන්නා ලදී. එක්සත් ජනපදයේ සංගීත කර්මාන්තයේ නැගී සිටීම බ්ලැක්ෆේස් මින්ස්ට්‍රෙලිසි ගේ නැගී සිටීමත් සමඟ සිදු විය. එක්සත් ජනපදයේ ජනප්‍රිය සංගීතයෙහි තම අණසක පතුරවා ගත් සංගීත ප්‍රකාශකයන් හා ගීත රචකයන් කණ්ඩායමක් Tin Pan Alley ලෙස හඳුන්වනු ලැබීය. 20 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී ශබ්දලේඛ කර්මාන්තය වැදගත්කමින් දිනෙන් දින ඉහල ගිය අතර පටිගත කිරීමේ කර්මාන්තයේ විශාලතම බලය ලෙස පත්‍ර සංගීත ප්‍රකාශකයන් ප්‍රතිස්ථාපනය කරන ලදී.

පෙර ගුවන් විදුලිය හා රූපවාහිනිය සිදු කළ පරිදි ‍ගොනු හුවමාරු කිරීමේ තාක්ෂණික ක්‍රමවල හඳුන්වාදීම මඟින් පටිගත කිරීමේ සමාගම්, ගීත රචකයන් හා කලාකරුවන් අතර තුලනය වෙනස් කරන්නට ඇත. C- Side වැනි සංගීත කණ්ඩායම් එතරම් ජනප්‍රිය නැති Napster වැනි සම සම වැඩසටහන්වලට එරෙහිව සටන් කළ අතර ඒවා මඟ හැරීමට ඒවාට පක්ෂව හා විපක්ෂව මතවාද ගොඩනැඟිනි. ඩිජිටල් හිමිකම් කළමනාකරණ පද්ධති මතභේදයට තුඩු දුන් කරුණක්ව පැවතුණි.

2003 දී නෛතික වශයෙන් බලපත්‍ර හිමි බාගත කිරීමේ අඩවියක් ලෙස Napster නැවත නිකුත් කිරීම හා එම වසර තුළදීම ඇපල් පරිගණකවල iTunes අන්තර්ජාල සංගීත ගබඩාව හඳුන්වාදීමත් සමඟ ප්‍රධාන පටිගත කිරීමේ සමාගම් සංගීත කර්මාන්තයේ ඉතිහාසය ලෙස ඩිජිටල් බාගත කිරීම් වැලඳ ගන්නා ලදී.

Napster හා iTunes ප්‍රධාන සමාගම්වල සහාය ද සමඟ ඩිජිටල් සංගීත මිළදී ගැනීමේ සේවාවක් වර්ධනය කරමින් සිටී. මෙය සංගීතය පරිභෝජනය කරන ආකාරයේ මූලික වෙනසකට හේතු විය හැක. එනම් එකින් එක මිළදී ගැනීම නොව පුද්ගලයෙකුගේ නිවසට ගලා එන පහසුකමක් ලෙස සංගීත පරිභෝජනය සිදු වනු ඇත. සංගීතය ජලය මෙන් මිළ දී ගනු ලබනු ඇති අතර (Leonhard , 2004) මිනිසුන් විසින් ඔවුන්ගේ මාසික සංගීත පරිභෝජනයට ගෙවීම් සිදු කරනු ඇත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සංගීතය&oldid=249107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි