Jump to content

රාමායණය

විකිපීඩියා වෙතින්
(රාමායණ වෙතින් යළි-යොමු කරන ලදි)
රාමායණය
रामायणम्
රාම සිය පතිනිය වන සීතා සහ සොයුරු ලක්ෂ්මණ වනවාසයේ, අත්ලිපියකිනි, ක්‍රි.ව. 1780 පමණ
තොරතුරු
ආගමහින්දු ආගම
කර්තෘවාල්මිකී
භාෂාවසංස්කෘත
පද්‍ය24,000

රාමායණය (සංස්කෘත: रामायणम्,[1] IAST: Rāmāyaṇam උච්චාරණය [ɽaːˈmaːjɐɳɐm]) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියාවේ මහා සංස්කෘත වීර කාව්‍ය ද්විත්වය අතුරින් එකකි. අනෙක් මහා කාව්‍යය වන්නේ මහාභාරතයයි. මෙම කාව්‍ය ද්වය මඟින් හින්දු ඉතිහාස සකස් වේ.[2]

රාමායණය යනු ලෝක සාහිත්‍යයේ විශාලතම පුරාණ වීර කාව්‍යයන් අතුරින් එකකි. එය පද්‍ය 24,000කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ (බොහෝ විට ශ්ලෝක/අනුස්තුභ ආකාරයෙන් සකසා ඇත). කාණ්ඩ හෙවත් පොත් හතකට බෙදා ඇති අතර පළමු සහ හත්වැන්න පසුව එකතු කිරීම් වේ.[3] එය අයත් වන්නේ ඉතිහාස, අතීත සිදුවීම් (පූරාවෘත්ත), ආඛ්‍යාන ප්‍රභේදයන්ට වන අතර මිනිස් ජීවිතයේ අරමුණු පිළිබඳ ඉගැන්වීම් සමඟ අන්තර් සම්බන්ධිත වේ. පාඨයේ මුල්ම අදියර සඳහා විද්වතුන්ගේ ඇස්තමේන්තු ක්‍රි.පූ. 7 සිට 4 වැනි සියවස දක්වා පරාසයක පවතී,[4][5] පසුකාලීන අවධීන් ක්‍රි.ව. 3 වැනි සියවස දක්වා විහිදේ.[6]

රාමායණයෙහි කාණ්ඩ හත පහත පරිදි වේ.

  1. බල කාණ්ඩ
  2. අයෝධ්‍යා කාණ්ඩ
  3. ආරණ්‍ය කාණ්ඩ
  4. කිෂ්කින්දා කාණ්ඩ
  5. සුන්දර කාණ්ඩ
  6. යුධ කාණ්ඩ
  7. උත්තර කාණ්ඩ

කතා සාරාංශය[සංස්කරණය]

රාමායණය මගින් අයෝධ්‍යා රාජධානියේ දශරථ රජුට දාව රාම නම් දෙවි කෙනෙකුගේ උපත ලැබීම පිළිබඳවත්, වශිෂ්ඨ නම් වූ ඍෂිවරයා යටතේ ඔහු ගුරුහරුකම් ලැබීම සහ සහ ජනක රජුගේ දියණිය වන සීතා සිය මනාලිය වශයෙන් දිනාගැනීමේ තරඟාවලියේදී උතුම් වූ රුද්‍රගේ බලවත් දුන්න විශිෂ්ට ලෙස මෙහෙයවා රාම විසින් ඇයව දිනා ගැනීම ආදිය විස්තර කරනු ලබයි. වීර කාව්‍යයේ කේන්ද්‍රීය චරිත වන්නේ රාම සහ ඔහුගේ කැප වූ බිරිඳ සීතා ය. දශරථ රජු මහලු වියට පත් වූ පසු, තම වැඩිමහල් පුත්‍රයා වන රාම, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස අභිෂේක කිරීමට තීරණය කළ බව විවෘත සභාවේදී ප්‍රකාශ කරන අතර, ඒ අනුව රජ මාලිගයෙහි පිරිස ප්‍රීතියට පත් වේ. නමුත් දශරථ රජුගේ දෙවන බිරිඳ වන කෛකෙයි රැජින, ඇගේ පුත්‍රයා වන භරතට රජකම ලබාදීම සඳහා තම ස්වාමිපුරුෂයා තම පුත් භාරතට පක්ෂව ඔහුගේ යෝජනාව වෙනස් කිරීමට තැත් කරයි. තම බිරිඳගේ රාජ්‍යය වූ මිථිලා රාජධානිය ලාංකේය යක්ඛ ගොත්‍රිකයෙකු වූ රාවණගෙන් බේරා ගැනීමට මලයපුත්‍රවතුන්ගේ බලපෑම මත, නීති විරෝධී ලෙස අසුර අස්ත්‍රය භාවිතා කිරීම හේතුවෙන්, තමා විසින් සිය කැමැත්තෙන් ම පිටුවහල් වීමට රාම තීරණය කරයි. සිය පියාගේ මෙන් ම, හිතවතුන්ගේ ද, මහජනයාගේ ද, විරෝධය මැද, රාම තම බිරිඳ සහ ඔහුගේ ප්‍රියතම අර්ධ සහෝදරයා වන ලක්ෂ්මණ සමඟ දණ්ඩක වනයට විශ්‍රාම යයි.

දශරථ රජු මිය ගිය විට, ඔහුගේ පුත් භරත අනුප්‍රාප්තිකයා ලෙස කැඳවනු ලැබේ. නමුත් ඔහු රාමගේ සිංහාසනය පැහැර ගැනීම ප්‍රතික්ෂේප කරන අතර, රාමට සිංහාසනය ලබාදීම සඳහා වනයෙහි ඔහුව සොයනු ලබයි. රාම තම පියාගේ තීරණයට හරස් වීම ප්‍රතික්ෂේප කරමින්, සිය රනින් වැඩ දැමූ පාවහන් ගලවා භරතට දෙන්නේ ඔහු සිංහාසනයෙන් ඉල්ලා අස්වීම සංකේතවත් කරමිනි. නමුත් නැවත පැමිණෙන භරත, රාමගේ පාවහන් සහ රාජ්‍යත්වයේ සලකුණ වන කහ පැහැති කුන්තය සිංහාසනය මත තබා තමන් රාම රජුගේ පූර්ණ බලධාරියා ලෙස කටයුතු කරණු ලබයි. දැන් රාම වනයේ දිගටම ගමන් කරන අතර, ශුද්ධ වූ පිළිවෙත්වල යෙදී සිටින වනයේ තාපසයන්ට අතවර කරන යක්ෂයින්ට එරෙහිව සටන් කිරීම ඔහුගේ මෙහෙවර බවට පත් වෙයි. මේ නිසා ලක්දිව වෙසෙන යක්ෂයන්ගේ රජු වන රාවණා, රාමගෙන් පළිගැනීමට සැලසුම් කරයි.

දණ්ඩක වනයේ දී, සීතා ගේ ආරක්ෂකයින් දෙදෙනා වන රාම සහ ලක්ෂ්මණ, ඔවුන් නොමඟ යැවීමට වනාන්තරයට යවන ලද රන් මුවෙකු පසුපස හඹා යාමේහි යෙදී සිටියදී, ලංකාවේ රාක්ෂස රජු වූ රාවණා, තාපස ඇඳුමින් වෙස්වළා ගෙන පැමිණ, සීතා තම අගනුවරට පැහැරගෙන යයි. ආපසු එන රාම ගේ බලාපොරොත්තු සුන් වී යයි. අද්භූත හඬක් ඔහුගේ සතුරන් ජය ගැනීමට සහ සීතා බේරා ගැනීමට මාර්ගය රාමට පවසයි. සීතා රාවණාගේ අවධානය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර රාම සහ ඔහුගේ සොහොයුරා ඇයව බේරා ගැනීමට පිටත් වෙයි. බොහෝ වික්‍රමාන්විත ක්‍රියාවලින් පසුව, ඔවුන් වඳුරන්ගේ රජු වන සුග්‍රීව සමඟ මිත්‍රත්වයට පත් වෙයි. ලංකාවේ සීතා සිටින බව සොයා ගැනීමට හනුමාන් සමත් වන අතර වඳුරන් ලංකාවට ගොඩබිමෙන් අපූරු පාලමක් ඉදිකරයි. වඳුරු ජෙනරාල් හනුමාන් සහ රාවණාගේම සහෝදරයා වන විභීෂණගේ සහාය ඇතිව ඔවුන් ලංකාවට පහර දෙයි. රාමා, රාවණා මරා දමා සීතා ගලවා ගන්නා අතර ඇගේ නිර්මල බව පිළිබඳ සැක දුරු කිරීම සඳහා ගින්නෙන් පීඩා විඳින පරීක්ෂණයකට ලක් කරනු ලබයි. කෙසේ වෙතත්, ඔවුන් නැවත අයෝධ්‍යාවට පැමිණි විට, ජනතාව තවමත් රැජිනගේ නිර්මලකම ගැන ප්‍රශ්න කරන බව රාමාට දැනගන්නට ලැබෙන අතර ඔහු ඇයව වනාන්තරයට පිටුවහල් කරයි. එහිදී ඇයට වාල්මිකී මුනිවරයා (රාමායණයේ කීර්තිමත් කතුවරයා) හමුවන අතර ඔහුගේ ආරාමයේදී ඇය රාමගේ පුතුන් දෙදෙනා බිහි කරයි. පුතුන් වැඩිවිය පැමිණි විට පවුල නැවත එකතු වන නමුත් සීතා නැවතත් ඇගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කිරීමෙන් පසු ඇද වැටෙන අතර ඇගේ මව වන මහී කාන්තාව විසින් ඇයව පිළිගෙන ගිලගනු ලබයි.

උද්ධෘත[සංස්කරණය]

  1. The Rámáyan of Válmíki.
  2. "Ramayana | Summary, Characters, & Facts". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-02-18.
  3. "Valmiki Ramayana". valmikiramayan.net. 13 September 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 May 2020.
  4. Goldman 1984, පිටු අංකය: 20–22.
  5. Pattanaik, Devdutt (8 August 2020). "Was Ram born in Ayodhya". mumbaimirror. 14 August 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 August 2020.
  6. J. L. Brockington (1998). The Sanskrit Epics. BRILL. pp. 379–. ISBN 90-04-10260-4.

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=රාමායණය&oldid=659565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි