ඉන්දියාවෙහි ආර්ථික ඉතිහාසය

විකිපීඩියා වෙතින්
(ඉන්දියාවේ ආර්ථික ඉතිහාසය වෙතින් යළි-යොමු කරන ලදි)

අප දන්නා පරිදී ඉන්දියාවෙහි ආර්ථික ඉතිහාසය ඇරඹෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය (ක්‍රියුපෙ 3300–1300) සමග වන අතර, මෙම ශිෂ්ඨාචාරයෙහි ආර්ථිකය, වෙළෙඳාම මත සැලකිය යුතු මට්ටමකින් යැපුන බවක් සහ ප්‍රවාහන ක්‍රමවේදයන්හී ප්‍රගතිය විසින් එය වෙත පහසුකම් සැලසූ බවක් පෙනී යයි. ක්‍රියුපෙ 600 පමණ වන විට, මහා ජනපද විසින්, මිටි පහරින් කෙරුනු සළකුණු සහිත රිදී කාසි නිෂ්පාදනය කෙරිණි. තීව්‍ර වෙළෙඳ ක්‍රියාකාරිත්වයන් විසින් සහ නාගරික සංවර්ධනය වෙතින් මෙම යුගය සංකේතවත් විය. ක්‍රියුපෙ 300 වන විට, මෞර්ය අධිරාජ්‍යය විසින් ඉන්දියානු අර්ධද්වීපයෙහි බොහෝ කොටසක් එක්සත් කෙරිණි.