සොළොස් මහා ජනපද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ෙසාෙළාස් මහා ජනපද
Mahā-Janapadas

700 ගණන්–300 ගණන්
මහාජනපද 16 සිතියම
අගනුවර දක්වා නොමැත
ආගම වෛදික හින්දු ආගම
බුද්ධාගම
ජෛනාගම
රජය සමූහාණ්ඩු
රාජාණ්ඩු
ඓතිහාසික යුගය යකඩ යුගය
 - ආරම්භය 700 ගණන්
 - අවසානය 300 ගණන්

සූත්‍ර පිටකෙය් ෙකාටසක් වන 'අංගුත්තර නිකාය'ට අනුව මහා ජනපද යනු ඉන්දියානු උප මහද්වීපයේ එකිනෙකට යාව පිහිටා තිබූ කුඩා පරිමාණයේ ජනපද රාශියකි. එහි ජනපද 16 ක් පැවතුණි. බුදු දහම ඉන්දියාවේ පැතිර යාමට ෙපර ෙමම රාජධානී ස්වර්ණමය හා බලවත් ම කාල පරිජේදයක පැවතියේය.


දළ විශ්ලේෂණය පැරණි ඉන්දීය සමාජය ආරම්භ වූයේ අර්ධ සංක්‍රමණික ෙගා්ත්‍රික ජන ෙකාටස් වලිනි.ඔවුන් jana "ජන" වශයෙන් හඳුන්වනු ලැබීය. ෙමම ෙගා්ත්‍රික ෙකාටස් තමන්ෙග් ජීවන රටාව තුළ ගවයන් , බැටළුවන් හා තණබිම් සඳහා එකිනෙකා අතර ගැටුම් අඬ දබර ඇති කරගනිමින් ජීවත් වූහ.ෙපෟරාණික ෙෙවදික ෙපාත් පත් මෙයට සාක්කි දරයි. ෙෙවදික යුගෙය් ෙමෙලස ජීවත් වූ ෙමම ජන කොටස් පසු කාලීන ව සාමූහික වීම ෙහ්තුකොට ෙගන මහා ජනපද 16 ක් ඇති විය.

"ජනපද" යන්ෙනහි අරුත යන්තම් අවකාශය යන්නයි. වචනෙය් පරිසමාප්ත අර්ථෙයන් ම මුල් යුගෙය් ෙගා්ත්‍රික ෙකාටස් තමනට අවැසි ඉතා සුළු බිම් තීරුවක් පමණක් උරුම කර ගත්තේය. ෙමය සිදුවූයේ බුද්ධ කාලයට ෙපරදී ය.ජනපදවල පුරවැසියෝ ජනපදිකෙයා් ෙලස හැඳින්ෙවති.ජනපද වැසියෝ ෙමම ජනපදවලට නම් යොදනු ලැබීය. ෙමම එෙකක් ජනපදවල බල පරාක්‍රමය මත පසු කාලීනව සමහර ජනපද තමන්ගේ ෙද්ශ සීමා පුළුල් ෙකාට ප්‍රබලත්වයට පත් වූහ.

සොළොස් මහා ජනපද[සංස්කරණය කරන්න]

  • 1. අංග
  • 2. මගධ
  • 3. කාශි
  • 4. කෝසල
  • 5. වජ්ජි හෙවත් ව්රිජි
  • 6. මල්ල
  • 7. චේදී හෙවත් චේතිය
  • 8. වත්ස හෙවත් වම්ස
  • 9. කුරු
  • 10. පංචාල
  • 11. මච්ච හෙවත් මත්ස්ය
  • 12. සුරසේන
  • 13. අස්සක
  • 14. අවන්ති
  • 15. ගන්ධාර
  • 16. කාම්බෝජ

කසී[සංස්කරණය කරන්න]

කසීවරු ආර්යය ජනතාව වු අතර ඔවුන් වරණාසි (නූතන බරණැස) අවට ප්‍රදේශයේ තම ජනාවාස පිහිටුවා ගෙන සිටියහ. කසී ජනපදයේ අගනුවර වුයේ වරණාසිය. වරණාසි නගරය උතුරෙන් දකුණෙන් පිළිවලින් වරුණ හා ආසි ගංඟා වලින් සීමා‍වී තිබු නිසා එයට එම නම ලැබුණි. බුදුරජාණන් වහන්සේට පෙර කසී ජනපදය මහා ජනපද 16 න් වඩාත්ම බලවත් එක විය. ජාතක කතා කිහිපයක්ම අනෙක් නගර වලට එපිටින් වු එහි ශ්‍රේෂ්ඨත්වය හා සමෘද්ධිමත් භාවය පිළිබද කරුණු හෙලි කරයි. ජාතක කතා මගින් කෝසල, අංග හා මගධ රාජ්‍යයන් සමග කසිරාජ්‍යයේ විරුද්ධවාදි බව ගැනද කරුණු හෙලි කරයි. කාලයක් පුරාවටම ඔවුන් අතර ශ්‍රේෂ්ඨත්වය සදහා ගැටුම් ඇති විය. කසී ජනපදයේ බිහාගත රජතුමා කෝසලය ආක්‍රමණය කළ අතර නමුත් පසුව බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කන්ස රජතුමා විසින් කසී රාජ්‍ය කෝසලය ජනපදයට ඇදාගන්නා ලදී.

කසී ජනපද වාසීන් කෝසල හා වේදේහ වාසීන් සමග වේද පාටවල සදහන් වන අතර ඔවුන් සමීපවම මිත්‍රශීලි මිනිසුන් බවට එමගින් හැගවෙයි. මත්ස්‍ය පුරාණ හා ඇල්බෙරුණි ග්‍රන්ථ වලදී කසී යන්න පිලිවෙලින් කෞසිකා හා කෞෂක ලෙස හදුන්වයි. අනෙකුත් සියලු ඉපැරණි පාඨ එය හඳුන්වන්නේ කසී ලෙසය.

කෝසල[සංස්කරණය කරන්න]

කෝසල වරුන්ගේ රාජ්‍ය පිහිටා තිබුණේ මගධයට වයඹින් වන අතර එහි අගනුවර වුයේ සාවත්ති පුරය එය ගොරක්පූර් වල සිට සැතපුම් 70 ක් පමණ වයඹ දෙසින් පිහිටා තිබු අතර නූතන උත්තර ප්‍රදේශයේ අවාද් ප්‍රදේශයට අනුරූප භූමියකින් යුක්ත විය. එහි දකුණු සීමාව ලෙස ගංඟා නදිය ද නැගෙනහිර සිමා මායිම ලෙස ගන්දක් නදිය ද උතුරු සිමාව ලෙස හිමාල කඳු පන්තිය ද පිහිටියේ ය. මෙම රාජධානිය ප්‍රසංජිත් රජතුමා විසින් පාලනය කළ අතර ඉන් පසු ඔහුගේ පුත් විදුදභ විසින් රාජධානිය භාර ගන්නා ලදී. ප්‍රසංජිත් රජතුමා හා මගධයේ අජටා සතෘ රජතුමා අතර ශ්‍රේෂ්ඨත්වය සදහා සටන් පැවති අතර අවසානයේදී ලිච්ජවී වරුන් මගධ වරුන් සමග සම්බන්ධවීම නිසා එය සමතයකට පත්විය. කෝසලයේ පාලකයා විදුදභ වු කාලයේදී කෝසලය නිතැතින්ම මගධය වෙත ඇදී ගියේය. කෝසලයේ ප්‍රධාන නගර අතර අයෝද්‍යා, සාකේත, බරණැස් හා සාවස්ති නගරවෙයි.

අස්සක හෝ අශ්මක[සංස්කරණය කරන්න]

අස්සක හෝ අශ්මක ගෝත්‍රයේ භූමි ප්‍රදේශය පිහිටා තිබුණේ දක්ෂිණ පත හෝ දකුණු දිග ඉන්දියාවේය. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අශ්සක පිහිටා තිබුණේ ගොදාවරි ගඟ අසබඩය. (වින්ද්‍යා කඳු වලට දකුණින්) අස්සක හි අගනගරය පොටානා හෝ පොටාලි වු අතර එය මහා භාරතයේ පවුදන්‍යා නගරයට අනුරූප විය. අශ්මක වරු කණිනි යන්නෙන් ද හදුන්වනු ලැබේ. ඔවුන් වයඹ දිග ප්‍රදේශයේ මාකෙන්දය පුරණ හා බ්‍රට් සන්හිත වාසය කළ හ. ගොදාවරි ගංඟාව අස්සක වරුන්ගේ රාජ්‍යය මුලක්කා (හෝ ආලක) වරුන්ගේ රාජ්‍යයෙන් වෙන් කරන ලදි. කෞටේල්යගේ අර්ත ශාස්ත්‍ර පිළිබද විචාරකයා අශ්මක හදුනා ගන්නේ මහා රාශ්ට්‍ර සමගය. අස්සක වරුන්ගේ රාජ්‍යය මධ්‍ය දේශ සීමාවෙන් පිටත පිහිටියේය. එය පිහිටා තිබුණේ දකුණු උස්මාවතේ හෝ දක්ෂිණ පතයේ ය. එක් කාලයකදී අස්සක රාජ්‍යයට මුලක්කා ඇතුළත් වු අතර ඔවුන්ගේ රාජ්‍ය අවන්ති රාජ්‍යය සමග සහයෝගයෙන් කටයුතු කරන ලදී.

අවන්ති[සංස්කරණය කරන්න]

අවන්ති වරුන්ගේ රාජධානිය බටහිර ඉන්දියාවේ වැදගත් රාජධානියක් වු අතර එය බුදු දහම ප්‍රචලිත වු කාලයේදි ඉන්දියාවේ තිබු සුවිශල් රාජධානි හතරෙන් එකකි. අනෙක් තුන වන්නේ කෝසල වත්ස හා මගධයයි. අවන්ති අධිරාජ්‍ය වෙට්ට්‍රවති ගඟ මගින් දකුණ හා උතුර ලෙස කොටස් 2 කට බෙදනු ලැබේ. දක්ෂිණ අවන්ති රාජ්‍යයේ අගනගරය මහිස්සති (සංස්කෘත මහිශමුති) වු අතර උතුරු දිග අවන්තියේ අධි රාජ්‍යය වුයේ උජ්ජයිනිය. (සංස්කෘත උජ්ජයින) නමුත් මහාවීර හා බුදු රජාණන් වහන්සේගේ කාලයේදී සංයුක්ත අවන්ති අගනගරය වුයේ උජ්ජයිනිය. අවන්ති අධිරාජ්‍යය වර්තමාන මල්වා, නිමාර් හා මධ්‍ය ප්‍රදේශයේ ආසන්න කොටස් වලට දළ වශයෙන් අනුරූපය. මහිෂ්මති හා උජ්ජයින් නගර දෙකම පිහිටා තිබුණේ රාජග්‍රිහ සිට ප්‍රතිෂ්ථාන (නූතන පයිතන්) දක්වා දිවෙන දක්ෂිණ පථ ලෙස හදුන්වන දකුණු දිග උස්මාවතෙහිය. අවන්ති බෞද්ධාගමේ වැදගත් මධ්‍යස්තානයක් වු අතර වැදගත් හිමිවරුන් හා තෙරණියන් මෙහි ඉපිද ජීවත් වන ලදී. අවන්තිහි නදි‍වර්ධන රජතුමා මගධහි ශිෂුනාග රජතුමා විසින් පරාජයට පත් කරන ලදී. පසුව අවන්ති මගධ අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=සොළොස්_මහා_ජනපද&oldid=365781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි