Jump to content

පුරාතන ඉතිහාසය

විකිපීඩියා වෙතින්
"පුරාතන" මෙයට යළියොමුවේ. අනෙකුත් භාවිතා සඳහා, පුරාණය බලන්න. ලිවීමට පෙර කාලය අයත්වන්නේ එක්කෝ මුල-ඉතිහාසයට හෝ ප්‍රාග්-ඉතිහාසයට ය.
කෆ්රිගේ පිරමිඩය (4වන රාජවංශය) සහ ගීසාහි මහා ස්පින්ක්ස් (ක්‍රිපූ 2500 අවදියෙහි හෝ සමහරවිට ඊටත් පෙර)

පුරාතන ඉතිහාසය යනු පැරණි ලෝකයේ ලිඛිත මානව ඉතිහාසයෙහි සිට යුරෝපයේ පූර්ව මධ්‍යතන යුග [1] දක්වා ලිඛිත ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයයි[2].

නනූතන යුගයේ පුරාවිද්‍යාඥයන්ගේ ඉලක්කය බවට පත්වී ඇත. සාම්ප්‍රදායික පුරාතන කාලය ලෙස බොහෝ විට සලකන්නේ ක්‍රි.පූ. 776 සිට වාර්තා වන ග්‍රීක ඉතිහාසයයි. රෝමය සොයා ගත් බවට දළ වශයෙන් සැලකෙන ක්‍රි .පු. 753 පෞරාණික රෝමයේ ආරම්භය ලෙස සලකයි.


පුරාණ ඉතිහාසයේ අවසානය ගැන පැහැදිලිව සඳහන් නොවුණත් බොහෝ බටහිර විද්‍යාර්ථයන් බටහිර රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීම ලෙස සලකනු යේ ක්‍රි.පූ. 476 දී සිදුවූ පළමුවන ජර්ස්ටිනන් අධිරාජයාගේ අභාවයයි. ක්‍රි.පූ. 632 දී යුරෝපය පුරා ඉස්ලාමිය ආගමේ පැතිරීම පුරාතන යුරෝපීය ඉතිහාසයේ අවසානය ලෙසද සලකයි. වාර්තාගත ඉතිහාසයේ පැතිරිම දළ වශයෙන් අවුරුදු 5000 ක් 55000 ක් පමණවේ. දැනට සොයාගෙන ඇති පැරණිම ලිඛිත ඉතිහාසය ලෙස සලකන පැරණි සුමේරියානු සෙල්ලිපි ද ඇසුරින් ඒ බව අනුමාන කෙරේ. බොහෝ ඉතිහාසඥයන් මෙය ඉතිහාසයේ ආරම්භය ලෙස සලකයි.

පුරාතන ඉතිහාසය අධ්‍යයනය

[සංස්කරණය]

පුරාතන ඉතිහාසය අධ්‍යයනයට ඇති ප්‍රධානම දුෂ්කරතාවය වන්නේ එම ඉතිහාසයෙන් ඉතා කුඩා කොටසක් පමණක් වාර්තා බවට පත්ව තිබීමත් අද වන විට එම කොටසෙන් ද ඉතාම කුඩා කොටසක් පමණක් ඉතිරිවී තිබිමත් ය. එම වාර්තා වල අඩංගු කරුණු විශ්වාස කල හැකි‍ලෙස සැලකීම අත්‍යවශයය. පුරාතන ඉතිහාසයේ අගභාගය තෙක්ම සාක්ෂරතාව ද සතුටු දායක ලෙස ව්‍යාප්තව නොතිබුණි. එම නිසා ඉතිහාස කතා ලිවීම සිදු වුයේ ද ඉතා අල්ප දෙනෙකු අතිනි. එම ලිය වී ඇති ඉතිහාස කතා පවා පුළුල් ලෙස ග්‍රන්ථ පිටපත් කිරීම අතින්ම කිරීමට සිදු විය.

පුරාතන ලෝකයේ වඩාත්ම උගතුන් සිටි සංස්කෘතියක් අයිති වුවන් අතර රෝම අධිරාජ්‍යය ද සිටී. නමුත් ඒ පිළිබද දැන සිටි බොහෝ ඉතිහාසඥයින් ලියු කෘතීමේ වන විට නැත. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රි.පු. 1 වන ශ.ව. සිටි රෝම ඉතිහාසඥයෙකු වු ලිවී “අබ් ඌර්බ් කොන්ඩයිට්” (පුර ස්ථාපිතය) නමින් රෝම ඉතිහාස කතා ග්‍රන්ථයක් ලියු අතර එහි වු වෙළුම් 142 න් දැනට ඉතිරිව ඇත්තේ වෙළුම් 35 ක් පමණක් වන අතර අනෙක් වෙළුම් වල සාරාංශ පමණක් ඉතිරිව පවතී. පොම්පියස් ට්‍රෝගස් වැනි වෙනත් රෝම ඉතිහාසඥයින් ලියු කෘති ද සම්පුර්ණයෙන්ම අතුරු දහන් වී ඇත.

පුරාතන ලෝකය ගැන දැන ගැනීමට ඉතිහාසඥයින් සතුව මාර්ග දෙකක් පවතී; ඒවා නම් පුරා විද්‍යාව සහ මූල සම්භවයන් අධ්‍යයනයයි.

පුරා විද්‍යාව

[සංස්කරණය]

පුරා විද්‍යාව යනු අතීත මානව වර්ගයා සිදු කළ මානව කෘති කැණීම් වලින් හා අධ්‍යයනය මගින් ඔවුන් ප්‍රතිනිර්මාණය හා අර්ථ විග්‍රහ කිරීමයි. පුරාතන ඉතිහාස අධ්‍යයන වලදී පුරාවිද්‍යාඥයින් පුරාණ නගර නටඹුන් කැණීම් මගින් එම ජනයා ජීවත් වු ආකාරය පිළිබද යම් වැටහීමක් ලබා ගැනීමට අවශ්‍ය සාක්ෂි සොයති. පුරාතන ඉතිහාසය අධ්‍යයනයෙන් පුරාවිද්‍යයින් විසින් සොයාගන්නා ලද වැදගත් සොයා ගැනීම් කිහිපයක් පහත දැක්වේ. · ඊජිප්තියානු පිරමීඩ : ක්‍රි.පු. 2600 දී පමණ පුරාතන ඊජිප්තුවරු විසින් ඉදි කරන ලද යෝධ ‍යෝධ සො‍හොන් ගෙවල් (ඔවුන්ගේ රාජකීයත්වය පිළිඹිබු කිරීමට දැනට ඉතිරිව ඇත්තේ මෙමසොහොන් ගෙවල් පමණි) · හරප්පා, මොහෙන්ජොදාරෝ සහ දකුණු ආසියාවේ ලොතාල් යන පුරාණ නගර අධ්‍යයනය. · පොම්පේ නගරය : ක්‍රි.ව. 79 සිදු වු ගිනි කදු පිපිරීමෙන් ආරක්ෂා වු පුරාණ රෝම නගරයකි. එහි ආරක්ෂක තත්වය විශිෂ්ඨ වු අතර එමගින් රෝම සංස්කෘතියට සහ ඉටුස්කන් හා සැමිනයිට් සංස්කෘති වලට ව දොරටු විවෘත විය. · ටෙරකොටා හමුදාව : පුරාතන චීනයේ විසු ප්‍රථම ක්වින් අධිරාජ්‍යයාගේ සොහොන් ගැබ

ද්වීතියික ප්‍රභවයන්

[සංස්කරණය]

සමහර විට පුරාණ ලෝකය ගැන දැනට අප දන්නා දේවල් මතු වුයේ පුරාතන ඉතිහාසඥයින් ලියු වාර්තා වලිනි. සෑම පැරණි ‍ේඛකයෙකුගේම පක්ෂ භජනය වාර්තාවට නැගීම වැදගත් වුවත් අපට පුරාණ අතීතය ගැන තේරුම් ගන්නට පාදක වන්නේ ඔවුන්ගේ එම වාර්තාය. සිහිකල යුතු පුරාණ ලේඛකයින් අතර වැල්මිකි, වත්ස්‍යයානා, ව්‍යශා, කාලිදාස, චානක්යා, සන් ට්ස්, හීරොඩෝටස්, ජෝසපස්, ලිවී, පොලිබියුස්, සුටෝනියස්, ටැකිටස්, තුසිඩයිඩස් සහ සිමා ක්වියෑං වෙති.

යුරෝපා ඉතිහාසය

[සංස්කරණය]
ශ්‍රේෂ්ඨ පුරාතන යුගය කලාපීය වශයෙන්
අප්‍රිකාව · ඇනටොලියාව · බැල්කන්ස් · බ්‍රිතාන්‍ය · ඊජීප්තුව · ගෝල් · ග්‍රීසිය · හිස්පේනියාව · ඉතාලිය

එරිත්‍රියාව

එරිත්‍රියානු ඉතිහාසය පිළිබඳව වාර්තා, කලාකෘති හා සොහොන් බිම් නිවැරදිව නිරීක්ෂණය කර අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. ආසන්න වශයෙන් ක්‍රි.පූ. 800 දී යකඩ යු‍ගයේ දී විලානොවන් සංස්කෘතිය නමින් එරිත්‍රියානු සංස්කෘතිය ඉතාලිය කේන්ද්‍ර කර ගනිමින් බිහිවී ඇත. පසුකාලයේ දී එනම් ක්‍රි.පූ. 7 වැනි සියවසේ දී පමණ දකුණු ඉතාලියේත් ග්‍රීක ශිෂ්ටාචාරයේ, ග්‍රීක වෙළෙන්ඳුන්ගේ සහ ග්‍රීක අසල්වාසීන්ගේ බලපෑමටත් එරිත්‍රියානු සංස්කෘතිය ලක්වී ඇත. මෙම බලපෑම් නිසා ක්‍රි.පූ. 7 වැනි සියවස ආරම්භයේ විලානෝවන් ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන්ගෙන් මතුවූ සංස්කෘතිමය වෙනස පිළිබඳව ‍එම කාලයේ ලියන ලද ශිලා ලිපි වල අකුරු වෙනස් වීමෙන් පවා අපට දැනගත හැකිය.


දියුණු ජලප්‍රවාහන පද්ධති, මාර්ග, නගර ආරක්ෂක ක්‍රම, නඩත්තු ක්‍රම, මධ්‍යගත පාලන ව්‍යුහය, අදහාගත නොහැකි සැරසිලිවලින් යුත් සොහොන් කොත්, අභිමානවත් එරිත්‍රියානු රාජ්‍ය පිළිබඳව අපට කියා පායි.


ෆිනීශියානුවෝ

ෆිනීශියාව පැරණි උතුරු ඊශ්‍රායලයේ පිහිටා තිබු පැරණි මෙන්ම දියුණු ශිෂ්ටාචාරයකි. එය වෙරළබඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන නූතන ලිබියාව, සිරියාව, ඊශ්‍රායලය ආශ්‍රිතව පැවතුණි.

ෆිනීශියානුවන් නාවික වෙළෙඳාමෙහි දක්ෂ වූ අතර, ක්‍රි.පූ. 1550 ත් ක්‍රි.පූ.300 අතර කාලයේ මුළු මධ්‍යධරණි ප්‍රදේශය පුරාම ඔවුන්ගේ නාවික කටයුතු පැතිර පැවතුණි.

ක්‍රි.පූ. 440 දී පමණ ලියවුණු හෙරඩොටස්ගේ වාර්තාවේ මේ පිළිබඳව විශාල වශයෙන් කරුණු ගෙන හැර දක්වයි.

පුරාවෘත්තයක් වන ජනප්‍රවාදයේ එන ග්‍රීක සහ ෆිනීශියානු අන්තර් ක්‍රියාවන් පිළිබඳ කෙටි සටහනක් ද මෙහි අන්තර්ගත වේ. කෙසේ වුවත් නූතන පුරාවිද්‍යාඥයින් ජනප්‍රවාදත් ඉතිහාසයත් එකට පටලවා ගනිමින් කටයුතු කරයි.


ආශ්‍රිත

[සංස්කරණය]

උපහරණ සහ සටහන්

[සංස්කරණය]
  1. ^ ancient-history, http://www.historyofworld.net/ancient-history_m,7~o,3~i,47.html, ප්‍රතිෂ්ඨාපනය 2010-05-18 
  2. ^ Crawford, O. G. S. (1927). Antiquity. [Gloucester, Eng.]: Antiquity Publications [etc.]. (cf., History education in the United States is primarily the study of the written past. Defining history in such a narrow way has important consequences ...)
"https://si.wikipedia.org/w/index.php?title=පුරාතන_ඉතිහාසය&oldid=592597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි