සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඔක්ස්ෆර්ඩ් හී මර්ටන් විද්‍යාලයීය පුස්තකාලයේ ඇති පැරණි පොතක්.

සාහිත්‍යය යන්නට නොයෙකුත් විවරණ ඇත. එම විවරණ සාහිත්‍යය භාවිතා කරන්නන් මත හා එහි අන්තර්ගතය මත රඳා පවතී. එය පුළුල් ලෙස සලකා බලන විට ඕනෑම රූ සටහනක සිට අක්ෂර දක්වා ඕනෑම සංකේතයක් අඩංගු වන වාර්තාවක් ලෙස දැක්විය හැක. පටු දැක්මකින් යුතුව බලන කළ එය අක්ෂර පමණක් හෝ අක්ෂර සංකේත වශයෙන් ඇති ඕනෑම ලිඛිත භාෂාවකින් යුත් වාර්තාවක් ලෙස පෙනිය හැකිය. (උදාහරණ ලෙස ඊජිප්තු) එසේම පටු දෘෂ්ඨියකින් සලකා බලන කළ සාහිත්‍යමය කෘතියක් යන්න භෞතිකමය ස්වභාවයක් සහිත වන්නක් බව සැලකේ. මුස්ලිම් දාර්ශනික ඉමාම් ජෆා අල් සදික්ගේ (ක්‍රි. ව. 702 - 756) අර්ථ දැක්විම් වලට අනුව සාහිත්‍යය යන්න පහත පරිදි වේ. සාහිත්‍යය යනු යමෙකු විසින් අඳිනු ලබන වස්ත්‍රයක් වැනිය. යමකු පවසන හෝ ලියා දක්වන දෙයින් එය තවත් සිත්ගන්නා සුළු වේ. ෆැගිලියෝ මුයිගි පවසන පරිදි සාහිත්‍යය යනු යම් මඟ පෙන්වීමක් සහ අර්ථයක් කැටි කළ ජීවිතයේ එක් පැතිකඩකි. එය අර්ථ දක්වන්නන්ගේ දැකීමට අනුව ලෝකය පිළිබඳ අර්ථ දැක්වීමකි. එහෙත් සාහිත්‍යයට අඩංගු වන්නා වූ ලියවිලි නිරතුරුවම මෙම සීමා පසු කරයි.

රුසියානූ රෝමන් ජැකොබ්සන් අර්ථ දක්වන පරිදි සාහිත්‍ය යනු සාමාන්‍ය කතා මත ක්‍රියාකරන්නාවූ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයකි. එය සාහිත්‍ය එදිනෙදා දිවියෙන් හා සාකච්ඡා වලින් වෙනස් වන අයුරු විදහා දක්වයි.

විදහා දක්වන ලද කතන්තර, ගුහා වල ඇඳි සිතුවම් හා සිහිවටන ආදිය සාහිත්‍යයේ සීමාවන් පුළුල් කර ඇත.


ඉතිහාසය[සංස්කරණය කරන්න]

වෙනත් ඓතිහාසික සමයන්හිදි සාහිත්‍යයේ විවිධ මුහුණුවරයන් අවධාරණය කරනු ලබති. ආරම්භක කෘතින් හි බොහෝ විට විවෘත හෝ සැගවුණු උපදේශාත්මක අරමුණක් විය. සදාචාරයන් මත හෝ විධානාත්මක සාහිත්‍යයන් මතුවි ඇත්තේ එවැනි මුලාශ්‍රයන් ගෙනි. මාධ්‍යතන යුගයේ සිට ප්‍රේම වෘතාන්තයන්හි අපුරුව ස්වභාවය ඉහලින් වැජඹුණු අතර නර්ථනය පිළිබද යුගය තුලදී ජාතිකත්වය පිලිබද වීර කාව්‍ය හා දර්ශණාත්මක ප්‍රබන්ධයන් නිර්මාණය විය.රෝමැන්තික වාදය ජනප්‍රිය ජනසාහිත්‍යය සහ චිත්තවේගී සම්බන්ධතා අවධාරණය කල අතර 10 වෙනි ශත වර්ෂයේ දි බටහිර තාත්වික වාදය ස්වභාවිකබව සහ නාට්‍යය ස්වභාවය පිළිබද ගවේෂණයන්ට ද යොමු විය. 20 වන සියවසේ දි නිරූපනය හා සංර්ධනයේ දී සංස්කේත වාදයේ හා මනෝවිද්‍යාත්මක දෘශ්ටින් සදහා ඉල්ලුමක් ඇති විය.

දේශීය සාහිත්‍යයන්[සංස්කරණය කරන්න]

ජාතීන් හට සාහිත්‍යයන් ඇත්තේ සංවිධාන දාර්ශනික අධ්‍යාපන ආයතන හා ඓතිහාසික කාල වකවානු ඇත්තාක් සේය. සාමාන්‍ය පිළිගත් අදහස වනුයේ ජාතියක සාහිත්‍යය එනම් සාහිත්‍යමය කෘතිවල එකතුවෙන් එම ජාතිය සම්පුර්ණ පරිපුර්ණත්වයක් ලබන බවය.

මාතෘකාමය සාහිත්‍යයන්[සංස්කරණය කරන්න]

සාමාන්‍යයෙන් සාහිත්‍යය මාතෘකාවක් වටා ගෙතුණු කතා කාව්‍ය හා කෘතියකට සමනා කළ හැක. මේ අනුව මෙම සාහිත්‍ය අංගයන්ට දේශීයත්වයේ අංග අඩංගු නොවේ.

ගුණාත්මක භාවයේ ඇති වෙනස්කම්[සංස්කරණය කරන්න]

සාහිත්‍යයේ හා වෙනත් ලිඛිත කෘතිවල වෙනස්කම් විදහා දැක්විය හැක. සාහිත්‍යමය රචනා හා සාහිත්‍යමය වටිනාකම් මගින් මෙම වෙනස පෙන්විය හැක. උදාහරණයක් ලෙස ඇතමෙක් චාර්ලිස් ඩිකන්ස්ගේ කෘති සාහිත්‍යය යටතේ අඩංගු කළ ද තවත් සමහරෙක් (යම් විචාරකයන්) ජෙෆ්රි ආචර්ගේ කෘති අව‍තක්සේරු කරති. එයට හේතුව වැරදි ව්‍යාකරණ, වැරදි පද ගැලපීම නොගැලපෙන ලෙස එක්කල කථා මාලාවන් හා ‍පදනමක් රහිත චරිත මේ නවකතා ද මෙලෙස සාහිත්‍යය යන තේමාවට අඩංගු නොවිය හැක.

සාහිත්‍ය තාක්ෂණික ක්‍රම[සංස්කරණය කරන්න]

සාහිත්‍ය තාක්ෂණික ක්‍රම හෝ සාහිත්‍ය උපකරණ පාඨකයා මත විශේෂිත බලපෑමක් ඇති කිරීමට යොදා ගන්නා සාහිත්‍යමය කාර්යයන් විය හැක. යුධමය ක්‍රියාවලි වලින් යුධෝපායන් වෙනස් වන්නාක් මෙන්ම සාහිත්‍ය වර්ග වලින් සාහිත්‍ය තාක්ෂණික ක්‍රම වෙනස් වෙයි.එමනිසා David Copperfield හි සමහරක් අවස්ථා වලදි හාස්‍ය යොදා ගෙන තිබුණත් එය අයත් වන්නේ හාස්‍ය වර්ගයේ නවකතා වකට නොව විකට නව කතාවකටය. Bleak House නවකතාවෙහි ඉතාමත් බහුල ලෙස හාස්‍යය යොදා ගෙන ඇති අතර එමනිසා එය හාස්‍ය නව කතා කාණ්ඩයට ඇතුළත් වෙයි. මේ ආකාරයට තාක්ෂණික ක්‍රම භාවිතය නව සාහිත්‍ය වර්ගයක බිහිවීමට හේතු විය හැකිය. නූතන නවකතා වල ප්‍රථම කතා වලින් එකක් වු සැමුවෙල් රිචඩ්සන්ගේ පැමෙලා මෙයට උදාහරණයක් වන අතර එය ලේඛ්‍යක සිද්ධාන්තය යොදා ගනිමින් ලේඛ්‍යක සම්ප්‍රදාය ශක්තිමත් කරන ලදී. මෙම සම්ප්‍රදාය යම්කාලයක් පුරාවට භාවිතයේ යොදා ගැනුනු නමුත් එම කාලය තුළදී එතරම් පිලිගැනීමක් මෙයට නොලැබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=සාහිත්‍යය&oldid=341215" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි