චිං රාජවංශය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ඛණ්ඩාංක: 39°54′N 116°23′E / 39.900°N 116.383°E / 39.900; 116.383

මහා චිං

大清
මහා චිං
ᡩᠠᡳ᠌ᠴᡳᠩ ᡤᡠᡵᡠᠨ
1636–1912
Flag of චිං රාජවංශය හෙවත් මැන්චු රාජවංශය හී ධජය
ධජය (1889–1912)
{{{coat_alt}}}
අධිරාජ්‍යයීය මුද්‍රාව
ජාතික ගීය: 《鞏金甌》
"Gong Jin'ou"
(සිංහල: "ඝන රන් බඳුන")
(1911–1912)
1890 දී චිං අධිරාජ්‍යය
1890 දී චිං අධිරාජ්‍යය
අගනුවරමුක්දෙන්
(1636–1644)[lower-alpha 1]
බෙයිජිං
(1644–1912)[lower-alpha 2]
නිල භාෂාව(න්)මැන්ඩරින්, මැන්චු, මොංගෝලියානු, ටිබෙටියානු, චගටායි ,[1] බොහෝ ප්‍රාදේශීය භාෂා සහ චීන භාෂාවේ ප්‍රභේද, ලතින් (වෙළඳ භාෂාව)
ආගම
ස්වර්ග වන්දනාව, බුදුදහම, චීන ජන ආගම්, කොන්ෆියුසියස් ධර්මය, තාඕ ධර්මය, ඉස්ලාම්, යකැදුරුවාදය, ක්‍රිස්තියානි, වෙනත්
ජාති නාම(ය)චීන
රජයපරම රාජාණ්ඩුව
අධිරාජ්‍යයා 
• 1636–1643
හොං තාඉජි අධිරාජ්‍යයා (නිර්මාතෘ)
• 1644–1661
ශුන්ෂි අධිරාජ්‍යයා (බෙයිජිංහි ප්‍රථම)
• 1661–1722
කංෂි අධිරාජ්‍යයා (දීර්ඝතම)
• 1723–1735
යොංශෙං අධිරාජ්‍යයා
• 1736–1796
ක්‌විඅංලොං අධිරාජ්‍යයා
• 1796–1820
ජිආචිං අධිරාජ්‍යයා
• 1821–1850
දාඔගුආං අධිරාජ්‍යයා
• 1851–1861
ෂිආන්ෆෙං අධිරාජ්‍යයා
• 1862–1875
ටොංශි අධිරාජ්‍යයා
• 1875–1908
ගුඅංෂු අධිරාජ්‍යයා
• 1908–1912
ෂුඅංටොං අධිරාජ්‍යයා (අවසාන)
රාජ්‍යාධිකාරී 
• 1643–1650
දොර්ගොන්,රුයි කුමරු
• 1908–1911
ශඉෆෙං, චුන් කුමරු
අග්‍රාමාත්‍ය 
• 1911
යිකුඅං, චිං කුමරු
• 1911–1912
යුවාන් ශිකායි
ඓතිහාසික යුගයපූර්ව නූතන
1616–1636
• රාජවංශය පිහිටුවීම
අප්‍රේල් 1636
1644
1687–1759
1839–1842
1856–1860
1894–1895
10 ඔක්තෝම්බර් 1911
12 පෙබරවාරි 1912
වර්ග ප්‍රමාණය
1700[2]8,800,000 km2 (3,400,000 sq mi)
1790[2]14,700,000 km2 (5,700,000 sq mi)
1860[2]13,400,000 km2 (5,200,000 sq mi)
ව්‍යවහාර මුදලකාසි (wén)
ටයෙල් (liǎng)
මුදල් පත්‍ර
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
පශ්චාත් ජින්
ශුන් රාජවංශය
දක්ෂිණ මිං
ද්ශුංගාර් ඛාන් රාජ්‍යය
චීන ජනරජය
මොංගෝලියාව
ටිබෙට්
උර්යන්ඛය් ජනරජය
වර්තමානයේ මෙය අයත් වන්නේචීනය
තායිවානය
මොංගෝලියාව
රුසියාව
මියන්මාරය

චිං රාජවංශය හෙවත් නිල වශයෙන් මහා චිං ([tɕʰíŋ]), චීනයේ අවසාන අධිරාජ්‍යයීය රාජවංශය විය. 1636 වර්ෂයේදී පිහිටවනු ලැබූ චිං රාජවංශය 1644 සිට 1912 දක්වා චීන දේශය පාලනය කළේය. එය මිං අධිරාජ්‍යයට අනුප්‍රාප්ති වූ අතර චීන ජනරජයට පූර්වප්‍රාප්ති විය. බහුවාර්ගික චිං අධිරාජ්‍යය සියවස් තුනක් පමණ පැවති අතර නූතන චීනයේ භූමියට පදනම විය. එය භූමි ප්‍රමාණය අතින් ලොව සිව්වැනියට විශාලතම අධිරාජ්‍යය විය.

මැන්චුරියාවේ මැන්චු ජාතික අඉසින් ගිඕරෝ පරපුර විසින් මෙම රාජවංශය පිහිටුවන ලදී. දහසයවන සියවසේ අවසානය වන විට, මිං යටත් ප්‍රදේශාධිපතියෙක් වූ නුර්හාසි, මැන්චු, හන්-චීන, හා මොංගෝලියානු ජනයාගෙන් සැදුම් ලත් "අෂ්ට ධජ" නම් හමුදාමය හා සමාජමය ඒකකයන් සංවිධානය කරන්නට විය. සියලු මැන්චු ගෝත්‍ර එක්සේසත් කළ නුර්හාසි, 1616 වසරේ දී පශ්චාත් ජින් රාජ්‍යය ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ පුතු හොං තාඉජි, ලිආඔඩොං අර්ධද්වීපයෙන් මිං බලමුළු පලවා හැර 1636 දී අභිනව චිං රාජවංශය ස්ථාපනය කළේය. මිං පාලනය බිඳ වැටුණු අතර, දුගී කැරලිකරුවෝ ලී ශිචෙංගේ නායකත්වයෙන් 1644 දී බෙයිජිං අගනුවර ආක්‍රමණය කළෝය. මිං සෙනෙවි වු සංගුයි ඔවුන්ට සේවය කිරීම ප්‍රතික්ෂේප කළ නමුදු, දොර්ගොන් කුමරුගේ ධජ සේනාවන්ට ෂන්හායි දොරටුව විවෘත කළ අතර, ඔවුහු කැරලිකරුවන් පරදා අගනුවර යටත් කර ගත්හ. දොර්ගොන් කුමරු ෂුන්ශි අධිරාජ්‍යයා යටතේ රාජ්‍යාධිකාරී වශයෙන් සේවය කළේය. මිං පක්ෂපාතීන්ගෙන් හා වු සංගුයිගේ නායකත්වයෙන් නැගුණු වැඩවසම් ත්‍රිත්වයේ කැරැල්ලෙන් ඇති වූ ප්‍රතිරෝධය හේතුවෙන් සම්පූර්ණ ආක්‍රමණය 1683, එනම් කංෂි අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමය තෙක් ප්‍රමාද විය. 1750 ත් 1790 ත් අතර ක්විඅංලොං අධිරාජ්‍යයාගේ දස මහා සංග්‍රාමයන් අභ්‍යන්තර ආසියාවට චිං බලය පැතිරවීය. චිං රාජවංශයේ උච්චතම සමයේ දී, අධිරාජ්‍යය සම්පුර්ණ මහාද්වීපික චීනය, හයිනාන්, තායිවානය, මොංගෝලියාව, බාහිර මැන්චුරියාව හා බාහිර ඊසානදිග චීනය පාලනය කළේය. මුල් චිං පාලකයෝ සිය මැන්චු සිරිත් විරිත් පවත්වා ගෙන ගිය අතර ටිබෙට් බුදු දහමේ දායකයෝ වූහ. ඔවුන්ගේ නිල නාමය අධිරාජ්‍යයා වූ අතර මොංගෝලියානුවන් සමග කටයුතු කිරීමේදී "බොග්ඩ් ඛාන්" යන නාමය භාවිතා කළහ. ඔවුහු කොන්ෆියුසියානු ක්‍රමය අනුගමනය කරමින් පරිපාලනමය ආයතන මගින් පාලනය කරමින්, මැන්චු පාලකයන් යටතේ හෝ ඔවුන්ට සමාන්තර ව කටයුතු කිරීමට හන්-චීන ජාතිකයන් බඳවා ගැනීම සඳහා අධිරාජ්‍යයීය විභාග පැවැත්වූහ. චීන ශාඛා-රාජ්‍ය ක්‍රමයේ පූර්වාදර්ශය අනුගමනය කරමින් කොරියාව හා වියට්නාමය ආදී සෙසු රටවල සිය උත්තරීතරභාවය තහවුරු කළ ඔවුහු, ටිබෙට් හා මොංගෝලියාව වැනි ආසන්න ප්‍රදේශ සිය ආධිපත්‍යයට නතු කර ගත්හ.

18 වන සියවසේ අග භාගය වන විට මෙම රාජවංශය උච්චතම ස්ථානයට පැමිණියේය. විදේශීය තර්ජන, අභ්‍යන්තර කැරලි, ජනගහන වර්ධනය, ආර්ථික පරිහානිය, මූල්‍ය වංචා හා පාලක ප්‍රභූන් වෙනස් වීමට මැළිකමක් දැක්වීම හමුවේ එය කෙමෙන් පරිහානියට පත් විය. ජනගහනය කෝටි 40කට ආසන්න වුව ද, බදු හා රජයේ ආදායම පහළ අගයක පනවා තිබීම, රාජ්‍ය මූල්‍ය අර්බුදයකට තුඩු දුන්නේය. ඕපියම් සංග්‍රාමවලින් පසුව, මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපීය ජාතීන් අසාධාරණ ගිවිසුම් පනවා, නිදහස් වෙළඳාම සහ විදේශීය පාලනය යටතේ ගිවිසුම්ගත වරායන් ඇති කළහ. ටායිපිං කැරැල්ල (1850 - 1864) සහ මධ්‍යම ආසියාවේ ඩන්ගන් කැරැල්ල (1862 - 1877) මෙන්ම දුර්භික්ෂ, ලෙඩ-රෝග හා යුද්ධ හේතුවෙන් කෝටි 2ක්‌ පමණ ජනතාව ජීවිතක්‍ෂයට පත් විය. මෙම ව්‍යසනයන් මධ්‍යයේ වුව ද, 1860 දශකයේ ටොංෂි ප්‍රතිස්ථාපනය අවස්ථාවේ, හන්-චීන ප්‍රභූවරු කොන්ෆියුසියානු සම්ප්‍රදාය හා මැන්චු පාලකයන් වෙනුවෙන් පෙළ ගැසුණහ.

The initial gains in the Self-Strengthening Movement were lost in the First Sino-Japanese War of 1895, in which the Qing lost its influence over Korea and the possession of Taiwan. New Armies were organized, but the ambitious Hundred Days' Reform of 1898 was turned back in a coup by the conservative Empress Dowager Cixi (1835–1908), who was the dominant voice in the national government (with one interruption) after 1861. When the Juye Incident by foreign powers triggered the violently anti-foreign and anti-imperialist "Boxers" in 1900, with many foreigners and Christians killed, the foreign powers invaded China. Cixi sided with the Boxers and was decisively defeated by the eight invading powers, leading to the flight of the Imperial Court to Xi'an.

After agreeing to sign the Boxer Protocol, the government initiated unprecedented fiscal and administrative reforms, including elections, a new legal code, and abolition of the examination system. Sun Yat-sen and other revolutionaries competed with constitutional monarchists such as Kang Youwei and Liang Qichao to transform the Qing Empire into a modern nation. After the deaths of the Guangxu Emperor and Cixi in 1908, the hardline Manchu court alienated reformers and local elites alike by obstructing social reform. The Wuchang Uprising on 11 October 1911 led to the Xinhai Revolution. General Yuan Shikai negotiated the abdication of Puyi, the last emperor, on 12 February 1912, bringing the dynasty to an end.

සැකිල්ල:Infobox Chinese/Manchu
Qing dynasty
චීන නම
චීන清朝
Dynastic name
චීන
මොංගෝලියානු නම
මොංගෝලියානු සිරිලිකДайчин Улс
මොංගෝලියානු අක්ෂර ᠳᠠᠢᠢᠴᠢᠩ
ᠤᠯᠤᠰ
චීන ඉතිහාසය
චීන ඉතිහාසය
පුරාතන
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ
ෂියා රාජවංශය කි.පූ. 2100–1600
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256
 බටහිර චෞ
 නැගෙනහිර චෞ
   වසන්ත සහ සරත් සමය
   යුද්ධ රාජ්‍ය සමය
අධිරාජකීය
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220
  බටහිර හන්
  ෂින්
  නැගෙනහිර හන්
තුන් රාජධානි 220–280
  වෙයි, ෂු සහ වු
ජින් රාජවංශය 265–420
  බටහිර ජින් රාජධානි 16
304–439
  නැගෙනහිර ජින්
දකුණු සහ උතුරු රාජවංශ
420–589
සුයි රාජවංශය 581–618
තාං රාජවංශය 618–907
  ( දෙවන චෞ 690–705 )
රාජවංශ 5 සහ
රාජධානි 10

907–960
ලියාඕ රාජවංශය
907–1125
සොං රාජවංශය
960–1279
  උතුරු සොං බටහිර ශියා
  දකුණු සොං ජින්
යුවාන් රාජවංශය 1271–1368
මිං රාජවංශය 1368–1644
චිං රාජවංශය 1644–1911
නූතන
චීන සමූහාණ්ඩුව 1912–1949
මහජන චීන
සමූහාණ්ඩුව

1949–වර්තමානය
චීන
සමූහාණ්ඩුව

(තායිවානය)
1945–වර්තමානය

සටහන්[සංස්කරණය]

  1. චීන: 盛京; පින්යින්: Shèng Jīng; සැකිල්ල:Lang-mnc, Capital after 1625 for Later Jin; secondary capital after 1644.
  2. චීන: 北京; පින්යින්: Běi Jīng; සැකිල්ල:Lang-mnc, Primary capital afterwards.

ආශ්‍රේයයන්[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

  1. Elliott 2001, පිටු. 290–291.
  2. 2.0 2.1 2.2 Taagepera, Rein (September 1997). "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia" (PDF). International Studies Quarterly. 41 (3): 500. doi:10.1111/0020-8833.00053. JSTOR 2600793. Archived (PDF) from the original on 7 July 2020. Retrieved 24 July 2020.

මූලාශ්‍ර[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

Primary source collections and reference[සංස්කරණය]

Historiography[සංස්කරණය]

  • Rawski, Evelyn S. "The Qing in Historiographical Dialogue." Late Imperial China (2016) 37#1 pp 1-4 summary online
  • Rawski, Evelyn S. (1996). "Reenvisioning the Qing: The Significance of the Qing Period in Chinese History". The Journal of Asian Studies. 55 (4): 829–850. doi:10.2307/2646525. JSTOR 2646525.
  • Sivin, Nathan (1988). "Science and medicine in imperial China—The state of the field". Journal of Asian Studies. 47 (1): 41–90. doi:10.2307/2056359. JSTOR 2056359. PMID 11617269.
  • Wu, Guo (May 2016). "New Qing History: Dispute, Dialog, and Influence". Chinese Historical Review. 23 (1): 47–69. doi:10.1080/1547402X.2016.1168180. S2CID 148110389. Covers the New Qing History approach that arose in the U.S. in the 1980s and the responses to it.
  • Yu, George T. (1991). "The 1911 Revolution: Past, Present, and Future". Asian Survey. 31 (10): 895–904. doi:10.2307/2645062. JSTOR 2645062.

බාහිර සබැඳි[සංස්කරණය]

පූර්වප්‍රාප්තිකයා
මිං රාජවංශය
චීන ඉතිහාසයේ රාජවංශ
1644–1912
අනුප්‍රාප්තික වූයේ
චීන සමූහාණ්ඩුව
(බෙයියැං රජය බලන්න)

සැකිල්ල:Former Monarchies සැකිල්ල:Qing dynasty topics සැකිල්ල:Years in the Qing dynasty

"https://si.wikipedia.org/w/index.php?title=චිං_රාජවංශය&oldid=473921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි