මත්ස්‍ය රාජධානිය
මත්ස්‍ය රාජධානිය | |
---|---|
ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 300 පමණ | |
![]() පශ්චාත් වෛදික යුගයේ පැවති මත්ස්‍ය රාජධානිය ඇතුළු සොළොස් මහාජනපද. | |
අගනුවර | විරාත්නාගරී (වර්තමාන විරාත්නගර්) |
පොදු භාෂාවන් | සංස්කෘත |
ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගන |
රජය | රාජාණ්ඩුව |
මහාරාජ | |
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය, යකඩ යුගය |
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 700 පමණ |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 300 පමණ |
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව (රාජස්ථාන් ප්‍රාන්තයේ ඊසානදිග පෙදෙස) |

යකඩ යුගයේ වෛදික ඉන්දියාවේ මත්ස්‍ය රාජධානියේ පිහිටීම.
සංක්ෂිප්ත දකුණු ආසියානු ඉතිහාසය |
---|
![]() |
මත්ස්‍ය රාජධානිය (ක්‍රි.පූ. 300-700) යනු ක්‍රි.පූ. 6වන සියවසට අයත් බෞද්ධ ධර්ම ග්‍රන්ථයක් වන අංගුත්තර නිකාය සහ හින්දු වීරකාව්‍යයක් වන මහාභාරතය තුළ සඳහන් වන පුරාතන ඉන්දියානු සොළොස් (දහසය) මහාජනපදවලින් එකකි. වර්තමාන රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිපූර් දිස්ත්‍රික්කයේ උතුරු පෙදෙසෙහි වූ විරාත්නගර් මෙහි අගනුවර විය. මෙයට උතුරින් සහ නැගෙනහිරින් පිළිවෙලින් කුරු සහ සූරසේන මහාජනපද පිහිටා තිබිණි.[1][2]
වර්තමාන යුගයට අයත්, මත්ස්‍ය එක්සත් ජනපද වනාහි 1947 සිට 1949 දක්වා පැවති තාවකාලික කුමාර රාජ්‍ය 4ක සන්ධානයකි. මෙයට භාරත්පූර්, ඪෝල්පූර්, අල්වාර් සහ කරෞලි යන රාජ්‍ය සතර අයත් විය.[2]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Malik, Dr Malti (2016). History of India (ඉංග්‍රීසි බසින්). New Saraswati House India Pvt Ltd. p. 52-53. ISBN 978-81-7335-498-4.
- ↑ 2.0 2.1 "Integration of Rajasthan". Rajasthan Legislative Assembly website. සම්ප්‍රවේශය 2009-06-04.