හන් රාජවංශය
හන් රාජවංශය 漢朝 | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 9 ක්‍රි.ව. 25 – 220 | |||||||||||||
ක්‍රි.ව. 2වන සියවසේ බටහිර හන් රාජවංශයේ සිතියමක්[1]
| |||||||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||||||
අගනුවර | චංආන් (ක්‍රි.පූ. 206 – ක්‍රි.ව. 9, ක්‍රි.ව. 190–195) ලුඕයං (ක්‍රි.ව. 25–190, ක්‍රි.ව. 196) ෂුචාං (ක්‍රි.ව. 196–220) | ||||||||||||
පොදු භාෂාවන් | චීන් | ||||||||||||
ආගම | තාඕ ආගම, කොන්ෆියුසියස් ධර්මය, චීන ජන ආගම | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
අධිරාජ | |||||||||||||
• ක්‍රි.පූ. 202–195 | හන් හි ගඔෂු අධිරාජයා | ||||||||||||
චාන්සලර් | |||||||||||||
• ක්‍රි.පූ. 206–193 | ෂියාඕ හේ | ||||||||||||
• – | චාඕ චැන් | ||||||||||||
• ක්‍රි.ව. 189–192 | දොං චුඕ | ||||||||||||
• ක්‍රි.ව. 208–220 | චාඕ චාඕ | ||||||||||||
• ක්‍රි.ව. 220 | චාඕ පි | ||||||||||||
ඓතිහාසික යුගය | අධිරාජකීය යුගය | ||||||||||||
• ස්ථාපනය | ක්‍රි.පූ. 206 | ||||||||||||
• ගායිෂියා හි සටන; චීනයේ හන් පාලනය ඇරඹීම | ක්‍රි.පූ. 202 | ||||||||||||
9–23 | |||||||||||||
• චාඕ වෙයි රාජ්‍යය උදෙසා පාලනය අත්හැරීම | ක්‍රි.ව. 220 | ||||||||||||
ව්‍යවහාර මුදල | බන් ලියාං කාසි සහ වූ චු කාසි | ||||||||||||
|
මෙම ලිපියේ චීන පෙළ ඇතුළත් වෙයි. නිසි ප්‍රදර්ශන සහාය නොමැති වූ විට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු හෝ වෙනත් සලකුණු චීන අක්ෂර වෙනුවට ඔබට පෙනෙනු ඇත. |
හන් රාජවංශය | |
---|---|
Traditional Chinese | 漢 |
Simplified Chinese | 汉 |
චීන ඉතිහාසය | |||||||
---|---|---|---|---|---|---|---|
පුරාතන | |||||||
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ | |||||||
ෂියා රාජවංශය කි.පූ. 2100–1600 | |||||||
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046 | |||||||
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256 | |||||||
බටහිර චෞ | |||||||
නැගෙනහිර චෞ | |||||||
වසන්ත සහ සරත් සමය | |||||||
යුද්ධ රාජ්‍ය සමය | |||||||
අධිරාජකීය | |||||||
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206 | |||||||
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220 | |||||||
බටහිර හන් | |||||||
ෂින් | |||||||
නැගෙනහිර හන් | |||||||
තුන් රාජධානි 220–280 | |||||||
වෙයි, ෂු සහ වු | |||||||
ජින් රාජවංශය 265–420 | |||||||
බටහිර ජින් | රාජධානි 16 304–439 | ||||||
නැගෙනහිර ජින් | |||||||
දකුණු සහ උතුරු රාජවංශ 420–589 | |||||||
සුයි රාජවංශය 581–618 | |||||||
තාං රාජවංශය 618–907 | |||||||
( දෙවන චෞ 690–705 ) | |||||||
රාජවංශ 5 සහ රාජධානි 10 907–960 |
ලියාඕ රාජවංශය 907–1125 | ||||||
සොං රාජවංශය 960–1279 |
|||||||
උතුරු සොං | බටහිර ශියා | ||||||
දකුණු සොං | ජින් | ||||||
යුවාන් රාජවංශය 1271–1368 | |||||||
මිං රාජවංශය 1368–1644 | |||||||
චිං රාජවංශය 1644–1911 | |||||||
නූතන | |||||||
චීන සමූහාණ්ඩුව 1912–1949 | |||||||
මහජන චීන සමූහාණ්ඩුව 1949–වර්තමානය |
චීන සමූහාණ්ඩුව (තායිවානය) 1945–වර්තමානය | ||||||
හන් රාජවංශය (චීන: 漢朝; පින්යින්: Hàncháo) යනුවෙන් හැඳින්වෙන්නේ දෙවන චීන අධිරාජවංශයයි (ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 220). කැරැලි නායක ලියු බං විසින් ස්ථාපිත මෙය පාලනය වූයේ ලියු වංශිකයන් අතිනි. කෙටි කාලීන චින් රාජවංශය (ක්‍රි.පූ. 221–206) සහ චු-හන් කලහය (ක්‍රි.පූ. 206-202) යනුවෙන් හඳුන්වන යුධමය අරාජික සමයකින් පසුව එළැඹි මෙම රාජවංශයේ මධ්‍යයෙහි දී වං මං නම් අයකු විසින් රාජ්‍යය පැහැරගෙන ෂින් රාජවංශය (ක්‍රි.ව. 9–23) ආරම්භ කරන ලදී. පසුව නැවතත් හන් පාලනය ප්‍රතිෂ්ඨාපනය කෙරුණු අතර, මෙම සිදුවීම මඟින් හන් පාලන සමය බටහිර හන් (ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 9) සහ නැගෙනහිර හන් (ක්‍රි.ව. 25–220 ) ලෙස යුග දෙකකර වෙන් කෙරෙයි. අනතුරුව, තුන් රාජධානි යුගය (ක්‍රි.ව. 220–280) එළැඹිණි. මෙසේ සියවස් සතරකට අධික කාලයක් පැවති හන් රාජවංශය චීන ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකේ. මෙය චීන ශිෂ්ටාචාරයේ අනන්‍යතාවය හැඩගැස්වීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය.[2] වර්තමාන චීනයේ බහුතර ජන වර්ගය තමන් "හන් චීන"වරුන් ලෙසත්, චීනයේ භාෂාව "හන් භාෂාව" ලෙසත්, සහ ලිඛිත චීන අක්ෂර "හන් අක්ෂර" ලෙසත් හඳුන්වන්නට මෙය හේතු වන්නට ඇත.[3]
ඉතිහාසය
[සංස්කරණය]බටහිර හන්
[සංස්කරණය]චීනයේ ප්‍රථම අධිරාජකීය රාජවංශය වූයේ චින් රාජවංශය (ක්‍රි.පූ. 221–207) යි. චින් රාජ්‍යය විසින් චීන යුද්ධ රාජ්‍ය යටත් කරගත් නමුත්, පළමු අධිරාජ චින් ෂි හුවාංගේ මරණින් පසු එහි පාලනය අස්ථාවර විය. වසර සතරක් තුළ රාජවංශයේ අධිකාරිය බිඳවැටුණු අතර, කැරැලි ඇතිවන්නට විය.[4] මේ වන විට රාජධානි 18කට කැඩීගොස් තිබූ චීනයේ නායකත්වය උදෙසා පැරණි කැරැලි නායක දෙපළක් වූ චූ හි ෂියාං යු (මරණය. ක්‍රි.පූ. 202) සහ හන් හි ලියු බං (මරණය. ක්‍රි.පූ. 195) යුද්ධයක නිරත වූහ. මෙම රාජ්‍යවලින් ඇතැම් රාජ්‍ය ෂියාං යු ට ද, සෙස්සෝ ලියු බං ට ද සහාය පලකළහ.[5] ෂියාං යු දක්ෂ සෙන්පතියකු වුවද, වර්තමාන අන්හුයි ප්‍රදේශයෙහි එකල පැවති ගයිෂියා සටනේ දී (ක්‍රි.පූ. 202) ඔහු ලියු බං අතින් පරාජයට පත් විය. සිය අනුගාමිකයන්ගේ ඉල්ලීම අනුව, ලියු බං "අධිරාජ" (හුවාංඩි) යන පදවිය ආරූඪ කරගත් අතර, මරණාපරව ඔහු ගඔෂු අධිරාජයා (රාජ්‍ය. ක්‍රි.පූ. 202–195) ලෙස හැඳින්විණි.[6] හන්වරුන් යටතේ එක්සත් කළ නව අධිරාජ්‍යයේ අගනගරය ලෙස චංආන් (වර්තමාන ෂිආන්) තෝරාගැනිණි.[7]
- ^ Barnes (2007), p. 63.
- ^ Zhou (2003), p. 34.
- ^ Schaefer (2008), p. 279.
- ^ Ebrey (1999), pp. 60–61.
- ^ Loewe (1986), pp. 116–122.
- ^ Davis (2001), pp. 44–46.
- ^ Loewe (1986), p. 122.