උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස උතුරු කොළඹ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජෝර්ජ් ආර්. ද සිල්වා කුඩය 7,501 50.89%
ලයනල් කුරේ අලියා 6,130 41.59%
ඊ.සී.එච්. ප්‍රනාන්දු කෝප්පය 501 3.40%
ඒ.පී. ද සොයිසා ගෙය 429 2.91%
එච්.සී. අබේවර්ධන අත 178 1.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව 14,739 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 189
මුළු ඡන්ද සංඛ්‍යාව 14,928
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 30,791
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 48.48%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සිරිල් ඊ.එස්. පෙරේරා අලියා 10,630 48.17%
ලෙස්ලි ගුණවර්ධන අත 7,136 32.34%
ජෝර්ජ් ආර්. ද සිල්වා තරුව 3,592 16.28%
ජේ.එම්. ඥානප්‍රගාසම් යතුර 710 3.22%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,068 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 173
මුළු ඡන්ද සංඛ්‍යාව 22,241
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,582
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 62.51%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විවියන් ගුණවර්ධන ලංකා සම සමාජ පක්ෂය යතුර 16,841 58.35%
ජේ.සී. ද සිල්වා විජෙයරත්න අලියා 9,489 32.87%
ඩබ්.ඩී. ද සිල්වා බයිසිකලය 1,305 4.52%
එම්.ඩබ්. පෙරේරා අත 1,229 4.26%
වලංගු ඡන්ද සංඛ්‍යාව 28,864 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 127
මුළු ඡන්ද සංඛ්‍යාව 28,991
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,388
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 66.82%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වි.ඒ. සුගතදාස එක්සත් ජාතික පක්ෂය අලියා 9,446 41.79%
විවියන් ගුණවර්ධන යතුර 8,602 38.06%
වින්සන්ට් සිරිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 3,149 13.93%
ඒ.එම්.ජී. ද සිල්වා කුඩය 1,164 5.15%
එස්.ඊ. නෙල්සන් ප්‍රනාන්දු ඉණිමග 188 0.83%
කේ.ජේ.එස්.ඒ. ප්‍රනාන්දු ඇස 52 0.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,601 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 86
මුළු ඡන්ද සංඛ්‍යාව 22,687
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,434
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.08%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී.ඒ. සුගතදාස එක්සත් ජාතික පක්ෂය අලියා 11,507 50.31%
විවියන් ගුණවර්ධන ලංකා සම සමාජ පක්ෂය යතුර 11,363 49.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,870 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 92
මුළු ඡන්ද සංඛ්‍යාව 22,962
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,434
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 78.01%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී.ඒ. සුගතදාස එක්සත් ජාතික පක්ෂය අලියා 19,875 62.25%
ආනන්ද ප්‍රේමසිංහ යතුර 11,884 37.22%
එම්.ඩී.සී.එස්. මැන්දිස් බස් රථය 170 0.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව 31,929 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 120
මුළු ඡන්ද සංඛ්‍යාව 32,049
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 39,431
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.28%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී.ඒ. සුගතදාස එක්සත් ජාතික පක්ෂය අලියා 20,930 59.84%
හැරිස් වික්‍රමතුංග පුටුව 13,783 39.41%
ඩබ්.අයි.ඒ. කෝස්බි ප්‍රනාන්දු නැව 164 0.47%
ඒ.එස්. ජයමහ කුකුළා 97 0.28%
වලංගු ඡන්ද සංඛ්‍යාව 34,974 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 97
මුළු ඡන්ද සංඛ්‍යාව 35,071
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 44,511
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 78.79%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්. වින්සන්ට් පෙරේරා අලියා 26,759 66.85%
ඒ. එච්. එම්. ෆවුසි අත 11,617 29.02%
කේ.එල්. රොබට් නන්දසිරි පෙරේරා යතුර 1,321 3.30%
වී. දියොනිසියස් විජේසිංහ සීනුව 193 0.48%
දොන් සිරිසේන මල්ලවාරච්චි ඇස 49 0.12%
ඊ.ඩී. ප්‍රේමරත්න ලාම්පුව 45 0.11%
ජී.ටී. ආරියදාස මල 42 0.10%
වලංගු ඡන්ද සංඛ්‍යාව 40,026 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 136
මුළු ඡන්ද සංඛ්‍යාව 40,162
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 49,803
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.64%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778