Jump to content

කිරිඇල්ල මැතිවරණ කොට්ඨාශය

කිරිඇල්ල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ ජූලි 1977 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, කිරිඇල්ල නගරය අනුව යමිනි . ජූලි 1977 දී මෙම මැතිවරණ කොට්ඨාශය වෙනුවට ඇහැළියගොඩ මැතිවරණ කොට්ඨාශය ඇති කරන ලදි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ඇහැළියගොඩ මැතිවරණ කොට්ඨාශය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස ඇහැළියගොඩ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ෆ්ලොරන්ස් සේනානායක මියකුඩය5,53536.46%
ටී. කේ. ඩබ්. චන්ද්‍රසේකරසමනලයා3,29421.70%
ඒ. ඊ. බී. කිරිඇල්ලගස2,43916.07%
එච්. ඒ. ජී. කලටුවාවඅන්නාසි ගෙඩිය2,42815.99%
බී. එස්. රාමචන්ද්‍රතරාදිය1,1207.37%
ඒ. එම්. එස්. එල්. පටානි මුහන්දිරම්පුටුව3662.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව15,182100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව399
මුළු ඡන්ද සංඛ්‍යාව15,581
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව30,307
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය50.80%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°43′0″N 80°15′0″E / 6.71667°N 80.25000°E / 6.71667; 80.25000