නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . 1977 ජූලි හිදී මෙම දිස්ත්‍රික්කය තනන ලද්දේ දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාශය නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාශයන් ලෙසින් බෙදා වෙන් කිරීමෙනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස නැගෙනහිර කොළඹ දිගටම පවතියි.

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එඩ්මන්ඩ් සමරවික්‍රම අලියා 19,721 58.75%
විවියන් එස්. කොඩිකාර අත 7,678 22.87%
බර්නාඩ් සොයිසා යතුර 5,951 17.73%
ගුණසේන සුබසිංහ කුඩය 103 0.31%
එම්.එච්. ජයරත්න පීරිස් ඔරලෝසුව 57 0.17%
එම්.පී. ආරියදාස මල 56 0.17%
වලංගු ඡන්ද සංඛ්‍යාව 33,566 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 136
මුළු ඡන්ද සංඛ්‍යාව 33,702
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,574
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.34%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778