පුත්තලම මැතිවරණ කොට්ඨාශය (1947–1989)

විකිපීඩියා වෙතින්

පුත්තලම මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, පුත්තලම නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පුත්තලම මැතිවරණ කොට්ඨාශය වෙනුවට පුත්තලම බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලැබුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශයෙහි ඡන්ද කොට්ඨාශයක් වශයෙන් පුත්තලම තවදුරටත් පවතියි.

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.