මුලතිව් මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

මුලතිව් මැතිවරණ කොට්ඨාශය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ, මුලතිව් නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මුලතිව් මැතිවරණ කොට්ඨාශය වෙනුවට වන්නි බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස මුලතිව් දිගටම පවතියි.

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එක්ස්.එම්.සෙල්ලතම්බු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 10,261 52.36%
පී. චන්ද්‍රසේකර් ස්වාධීන තරාදිය 7,632 38.95%
ආර්. වික්කිනිරාසා ඉණිමග 977 4.99%
වී. සන්දිරාසනන් සීනුව 726 3.70%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,596 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 76
මුළු ඡන්ද සංඛ්‍යාව 19,672
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 24,698
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 79.65%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 9°15′0″N 80°49′0″E / 9.25000°N 80.81667°E / 9.25000; 80.81667