කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, කන්කසන්තුරෙයි නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස කන්කසන්තුරෙයි දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ජේ. වී. චෙල්වනායගම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය යතුර 12,126 55.39%
පොන්නම්බලම් නාගලිංගම් ලංකා සම සමාජ පක්ෂය අත 5,160 23.57%
සුබයියා නඩේසන් එක්සත් ජාතික පක්ෂය තරාදිය 4,605 21.04%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,891 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 534
මුළු ඡන්ද සංඛ්‍යාව 22,425
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 38,871
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 57.69%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සුබයියා නඩේසන් එක්සත් ජාතික පක්ෂය යතුර 15,337 57.00%
එස්. ජේ. වී. චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය බයිසිකලය 11,571 43.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව 26,908 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 355
මුළු ඡන්ද සංඛ්‍යාව 27,263
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 38,439
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 70.93%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ජේ. වී. චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය ගෙය 14,855 54.30%
සුබයිය‍ා නඩේසන් ස්වාධීන කුඩය 8,188 29.39%
වී. පොන්නම්බලම් කොමියුනිස්ට් පක්ෂය තරුව 4,313 15.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,356 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 317
මුළු ඡන්ද සංඛ්‍යාව 27,673
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 40,964
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 67.55%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ජේ. වී. චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය ගෙය 13,545 67.61%
වි. කරලසිංහම් ලංකා සම සමාජ පක්ෂය යතුර 5,042 25.17%
ආර්.එන්. සිවපිරකාසම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 1,448 7.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව 20,035 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 244
මුළු ඡන්ද සංඛ්‍යාව 20,279
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,473
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 71.22%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ජේ. වී. චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය ගෙය 15,668 88.63%
ආර්.එන්. සිවපිරකාසම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය කණ්ණාඩි කූට්ටම 2,009 11.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,677 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 131
මුළු ඡන්ද සංඛ්‍යාව 17,808
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,473
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 62.54%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ජේ. වී. චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය ගෙය 14,735 58.24%
එස්. ශ්‍රී බාස්කරන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 6,611 26.13%
වී. කරලසිංහම් විලසසප ලාම්පුව 2,257 8.92%
කේ. වයිකුන්තවාසන් කොමියුනිස්ට් පක්ෂය තරුව 958 3.79%
වී. සීනිවාසගම් කොමියුනිස්ට් පක්ෂය (චීන පිල) කුඩය 741 2.93%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,302 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 269
මුළු ඡන්ද සංඛ්‍යාව 25,571
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,309
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 72.42%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ජේ. වී. චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය ගෙය 13,520 44.29%
වී. පොන්නම්බලම් කොමියුනිස්ට් පක්ෂය තරුව 8,164 26.75%
චෙල්ලප්පා සුන්දරලිංගම් ස්වාධීන කුකුලා 5,788 18.96%
ටී. තිරුනාවකරසු සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 3,051 10.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව 30,523 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 140
මුළු ඡන්ද සංඛ්‍යාව 30,663
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 37,804
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 81.11%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 31,155 85.41%
සිවපිරාගසම් ශ්‍රීදරන් ස්වාධීන තරාදිය 5,322 14.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව 36,477 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 218
මුළු ඡන්ද සංඛ්‍යාව 36,695
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,907
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 83.57%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 9°50′0″N 80°02′0″E / 9.83333°N 80.03333°E / 9.83333; 80.03333