පේදුරු තුඩුව මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

පේදුරු තුඩුව මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, පේදුරු තුඩුව නගරය අනුව යමිනි. මාර්තු 1960 දී කොට්ඨාශයෙහි බස්නාහිර කොටස කඩා වෙන් කිරීමෙන් උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය තනන ලදි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පේදුරු තුඩුව මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස පේදුරු තුඩුව දිගටම පවතියි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.

ඛණ්ඩාංක: 9°49′0″N 80°14′0″E / 9.81667°N 80.23333°E / 9.81667; 80.23333