Jump to content

දෙහිවල මැතිවරණ කොට්ඨාශය

දෙහිවල මැතිවරණ කොට්ඨාශය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, දෙහිවල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දෙහිවල මැතිවරණ කොට්ඨාශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස දෙහිවල දිගටම පවතියි.

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ද එස්. ජයසිංහඅලියා22,36461.54%
වී. දොන් ඇල්ෆ්‍රඩ් පෙරේරාඅත9,99627.51%
ආනන්ද ප්‍රේමසිංහයතුර3,5789.84%
ටී. උපාලි කුරේසීනුව4021.11%
වලංගු ඡන්ද සංඛ්‍යාව36,340100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව60
මුළු ඡන්ද සංඛ්‍යාව36,400
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව45,693
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය79.66%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°51′5″N 79°51′55″E / 6.85139°N 79.86528°E / 6.85139; 79.86528