දඹුල්ල මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

දඹුල්ල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ, දඹුල්ල නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි. එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දඹුල්ල මැතිවරණ කොට්ඨාශය වෙනුවට මාතලේ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස දඹුල්ල දිගටම පවතියි.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු[සංස්කරණය]

සූචිය

 ස්වාධීන    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය    එක්සත් ජාතික පක්ෂය  

මැතිවරණය මන්ත්‍රීවරයා පක්ෂය කාල සීමාව
1947 එච්. බී. තෙන්නකෝන් 1947-1956
1952
1956 ටිකිරි බණ්ඩා තෙන්නකෝන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956-1977
මාර්තු 1960
ජූලි 1960
1965
1970
1977 කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක එක්සත් ජාතික පක්ෂය 1977-1989

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.