1638 උඩරට වෙස්ටර් වෝල්ඩ් ගිවිසුම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
1638 වෙස්ටර් වෝල්ඩන් ගිවිසුම
කෙටුම්පත් කිරීම1638
ස්ථානයමහනුවරදී
පාර්ශව2
භාෂාසිංහල හා ලංදේසි

ක්‍රි.ව.1505 දී පෘතුගීසීන් ලක්දිවට පැමිණි අතර ඔවුන් ක්‍රි.ව.1597 වන විට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය නිත්‍යානුකූලව අල්ලා ගත්හ. නමුත් පෘතුගීසීන්ගේ පෙරදිග නාවුක ගමනාගමනය පිලිබඳ රහස් හෙළිවීමත් සමඟ ලන්දේසීන් ලක්දිවට පැමිණීම සිදුවිය.
මේ වනවිට සෙංකඩගල රාජධානියේ රාජ්‍යත්වයට පත්ව සිටි පළමුවන විමලධර්මසූරිය රජු සමග ලන්දේසීන් දෙවතාවක්ම සබඳතා ඇති කරගැනීමට උත්සාහ කළත් අසාර්ථක විය. නමුත් ඔහුගෙන් පසු සෙනරත් රජු රාජ්‍යත්වයට පත් වූ අතර ඔහුගේ පුත්‍රයෙකු වූ දේවරාජ කුමරු අනතුරුව දෙවන දෙවන රාජසිංහ රජු ලෙස රාජ්‍යත්වයට පත් විය. රාජ්‍යත්වයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ එකම අරමුණ වූයේ පෘතුගීසීන් ලක්දිවින් පලවා හැරීමයි. එහිදී දෙවන රාජසිංහ රජු ලංදේසින්ගේ ආධාර ලබා ගත්තේය.
එහි ප්‍රතිඵලයක් ලෙස දෙවන රාජසිංහ රජු සහ ලන්දේසි කපිතාන් වෙස්ටර් වෝල්ඩ් අතර 1638 දී ගිවිසුමක් ඇතිකර ගන්නා ලදී. මෙය සිංහල හා ලන්දේසි බසින් පිටපත් දෙකකින් යුතුව සැකසුණි. නමුත් එම පිටපත් දෙක ලන්දේසීන් විසින් උපක්‍රමශීලීව ලන්දේසීන් හට මුහුදු බඩ ප්‍රදේශ අත්වන ලෙස වෙනස්කම් සහිතව සැකසිය.

ගිවිසුමේ වගන්ති[සංස්කරණය]

01. ලන්දේසීන් හා සිංහලයින්ගේ පොදු සතුරා ලෙස පෘතුගීසීන් සැලකීම හා ලන්දේසින්ගේ ලක්දිව ආරක්ෂා කළ යුතු අතර ලක්දිව රජු අසහාය පාලකයා ලෙස පිළිගැනීම.

02. ලක්දිව පෘතුගීසීන්ට අයත් බලකොටු රජුගේ සහාය ඇතිව අල්ලා ගත් විට එහි පෘතුගීසීන්ගේ වස්තුව ලන්දේසීන් හා රජු අතර සමසේ බෙදාගත යුතුය.

03. අල්ලා ගන්නා ලද බලකොටුවල ""රජුගේ කැමැත්ත ඇත්නම් පමණක්"" ලන්දේසි සේනා පදිංචි කළ හැක.
(ලන්දේසීන් විසින් තම ලන්දේසි පිටපතෙහි මෙම ප්‍රකාශය, "රජුගේ කැමැත්ත ඇතිනම් පමණක්" යන කොටස ඉවත් කොට පළකරන කළේය.)

04. ලන්දේසීන්ගේ බලකොටු ප්‍රතිසංස්කරණයට යන වියදම රජු විසින් දැරිය යුතු අතර ආරක්ෂා කිරීම සඳහා රජු විසින් වැටුප් ගෙවිය යුතුය.

05. බළකොටු අල්ලා ගත් පසු රජු විසින් ලන්දේසීන්ට තම වෙළෙඳ හා බඩු වෙඩි බෙහෙත් තබාගැනීමට ගබඩාවක් තනා දිය යුතුය.

06. පෘතුගීසීන් සමඟ යුද්ධයකට එළඹෙන්නේ නම් රජතුමා සමඟ ලන්දේසි නිලධාරීන් සාකච්ඡා කළ යුතුය.

07. ගංගාවන්ගෙන් එතෙරවීමට ලන්දේසි හේවායින්ට සිංහලයින් සහය දිය යුතුය.

08. පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන් ගෙන ආ නෞකාවන් හා හමුදාව නඩත්තුව සඳහා රජු වියදම් දැරිය යුතු අතර කුළුබඩු, කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි ලන්දේසීන්ට දිය යුතුය.

09. සියලු ලෝක වෙළඳ කටයුතු කරගෙන යාමට ලන්දේසීන්ට අවසර දිය යුතු අතර ඔවුන් කැමැති පරිදි බණ්ඩක්කා ගායනයට ඉඩ දිය යුතුය.

10. ලාංකිකයන් විසින් කුරුඳු ඇත්දත් ඉටි ආදිය ලන්දේසීන්ට ම දිය යුතුය. අන් කිසිවෙකුටත් නොදිය යුතුය.

11. ඇත්තුන්ගේ තනි අයිතිය රජුට තිබිය යුතුය.

12. රජු හා වැසියන් ලන්දේසීන් හැර වෙනත් කිසිදු විදේශිකයෙකු සමග වෙළදාම නොකළ යුතුය.

13. වාර්ෂිකව කුරුඳු, ම්මිරිස්, ඉටි ආදිය පිරවූ නෞකා දෙකක් ඕලන්දයට යැවිය යුතුය.

14. යම්කිසි දේශීයෙකු විසින් ලන්දේසීන් හැර වෙනත් විජාතීයෙකුට භාණ්ඩ ලබාදුනි නම් ඒවා රාජසන්තක කළ යුතුය.

15. රජුට හා රටවැසියාට කාසි අච්චු ගැසීම කළ නොහැකිය. එය ලන්දේසීන්ට පමණක් කළ හැකිය. (එසේකර අසුවුවහොත් මරණ දණ්ඩනය හිමිවේ.)

16. රජු ලන්දේසීන් රහසේ හෝ ප්‍රසිද්ධියේ පෘතුගීසීන් සමඟ කිසිඳු ගනුදෙනුවක් කළ නොහැක.

17. රට අභ්‍යන්තරයේ කිසිදු බාධාවකින් තොරව ලන්දේසි ඒජන්තවරුන් භාණ්ඩ මිලදී ගැනීමක් කළ හැකි මෙන්ම, විකුනන තැනැත්තා ඒවා තොටුපලවල් වෙත ගෙන ගොස් දිය යුතුය.

18. රජතුමා රාජ්‍යය තුළ කිසිදු කතෝලික පූජකවරයෙකුට ආරක්ෂාව නොදිය යුතුය.

19. මහ මුහුදේදි පෘතුගීසීන්ට හෝ වෙනත් කිසිවෙකුට අයිතියක් පැහැර ගතහොත් එය ලන්දේසීන්ට ම පමණක් අයිති විය යුතුය.

ගිවිසුමේ ප්‍රතිඵල[සංස්කරණය]

ගිවිසුමේ තුන් වගන්තිය වන, "අල්ලා ගන්නා ලද බලකොටුවල රජුගේ කැමැත්ත ඇතිනම් පමණක් ලන්දේසි සේනා පදිංචි කළ හැක" යන වගන්තිය ලන්දේසීන් කූට ලෙස තම ලන්දේසි භාෂාවෙන් ලියවූ පිටපතෙහි "අල්ලාගන්නා ලද බල කොටුවල ලන්දේසි සේනා පදිංචි කළ හැක" යනුවෙන් සඳහන් කිරීම නිසා ලන්දේසීන් හට පෘතුගීසීන් සතුව තිබූ ප්‍රදේශය නතුවීම මෙමගින් සිදු වූ ප්‍රධානතම ප්‍රතිඵලයකි.
එසේම මෙම ගිවිසුම හරහා ලන්දේසි බොහෝ ලාභ ඉපැයූ අතර, යුද්ධය සඳහා ගිය බොහෝ වියදම් රජුට දැරීමට සිදුවිය. එසේම මෙම ගිවිසුම සෙංකඩගල රජුට හා ජනතාවට බොහෝ අවාසිදායක වූ අතර රජුට එමගින් බොහෝ පාඩුවිය. එපමණක් නොව දේශීය ජනතාවද පීඩාවට පත් විය. එසේම ලන්දේසීන් විසින් මුල සිටම ගිවිසුමේ වගන්ති කඩකිරීම සිදු කළේය.