Jump to content

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2024

විකිපීඩියා වෙතින්
2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය
ශ්‍රී ලංකාව
← 2019 26 ඔක්තෝබර් 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සමස්ත ආසන 30 වෙනුවෙන්
බහුතරයක් සඳහා ආසන 16 දිනාගත යුතුව ඇත
ලියාපදිංචි ඡන්දදායකයින්55,643[1]
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය66.18% ( 12.68pp)
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය තෙවන පක්ෂය
 
නායකයා අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස මහින්ද රාජපක්ෂ
පක්ෂය ජාතික ජන බලවේගය සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අවසන් මැතිවරණය 2 ආසන, 5.8%[a] නැත[b] 17 ආසන, 56.3%
දිනා ගත් ආසන 15 6 3
ආසන වෙනස Increase 13 Increase 6 14
ජනප්‍රිය ඡන්ද 17,295 7,924 3,597
ප්‍රතිශතය 47.64% 21.83% 9.91%
වෙනස්වීම Increase 41.84% Increase 21.83% 46.39%

සභාවේ පාලන බලය මැතිවරණයට පෙර


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

සභාවේ පාලන බලය මැතිවරණයෙන් පසු


ජාතික ජන බලවේගය

2024 වසරෙහි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය (ඉංග්‍රීසි: 2024 Elpitiya Pradeshiya Sabha election) යනු, ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නගරය පාලනය කරන ප්‍රාදේශීය සභාවට සභිකයින් 30 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමකි. මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා සභිකයින් තෝරා පත් කර ගනු ඇත. 2024 සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 12 දක්වා නාමයෝජනා භාර ගත් අතර මෙම ඡන්ද විමසීම 2024 ඔක්තෝබර් 26 දින පැවැත්විණි.[2]

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 8 සහ එක් ස්වාධීන කණ්ඩායමක් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය.[3]

මෙම ඡන්ද විමසීමේදී වැඩිම මන්ත්‍රීධුර සංඛ්‍යාව වන 15ක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයට සමත් වූ නමුත් බහුතරයක් ලබා ගැනීමට පක්ෂයට අපොහොසත් විය.[4] දෙවන ස්ථානයට පත් සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර 6ක් හිමි වූ අතර මීට පෙර සභාවේ පාලන බලය හිමිකර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධුර 3ක් පමණයි.[4] මෙහිදී සිව්වැනි ස්ථානයට පත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධුර 2ක් පමණයි.[5] පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ පොදුජන එක්සත් නිදහස් පෙරමුණට මන්ත්‍රීධුර 1ක් හිමි විය. [6]

2024 ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මේ මැතිවරණය ලෙස සැලකිය හැකි අතර ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනයක පාලන බලය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.

පසුබිම

[සංස්කරණය]

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2019 වසරේදීය. එහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් මැතිවරණ කොට්ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමත්විය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වූ එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 6ක් හිමි වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 3ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 2ක් හිමිවිය.[7]

එම ඡන්ද විමසීම 2018 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීම අනතුරුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එම වසරේ ඡන්ද විමසීමක් පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.[8] ඒ අනුව 2019 වසරේ එම ඡන්ද විමසීම පැවැත්විණි.

තරග වැදුණු පක්ෂ

[සංස්කරණය]

පිළිගත් දේශපාලන පක්ෂ නවයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා භාර දුන්හ. කෙසේ වෙතත් දේශපාලන පක්ෂ අටක සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පමණක් පිළිගනු ලැබිණි. මේ අනුව මෙම දේශපාලන පක්ෂ අටෙන් අපේක්ෂකයින් 279 දෙනෙකු සහ ස්වාධීන කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් විය.[9]

පක්ෂයේ නම ලකුණ ජාතික නායකයා 2019දී
ලබාගත් ආසන සංඛ්‍යාව
තත්ත්වය
ඡන්ද % ආසන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
මහින්ද රාජපක්ෂ 56.3%
17 / 29
පාලක පක්ෂය
පොදුජන එක්සත් පෙරමුණ
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 12.7%
3 / 29
[c]
පාලක පක්ෂය
ජාතික ජන බලවේගය
අනුර කුමාර දිසානායක 5.8%
2 / 29
[a]
විපක්ෂය
සමගි ජන බලවේගය
සජිත් ප්‍රේමදාස N/A N/A නව පක්ෂයෙකි
පොදුජන එක්සත් නිදහස් පෙරමුණ
දිනේෂ් ගුණවර්ධන N/A N/A නව පක්ෂයෙකි
ජනසෙත පෙරමුණ
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි N/A N/A නව පක්ෂයෙකි
ජාතික ජනතා පක්ෂය
මංජු නිශ්ශංක N/A N/A නව පක්ෂයෙකි
දෙවන පරපුර පක්ෂය
උවිඳු විජේවීර N/A N/A නව පක්ෂයෙකි
ස්වාධීන කණ්ඩායම
N/A N/A N/A නව පක්ෂයෙකි

ප්‍රතිඵලය

[සංස්කරණය]

ජාතික

[සංස්කරණය]
සං • සා 2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සාරාංශය[10]
පක්ෂය ඡන්ද % ආසන
මැතිවරණ කොට්ඨාස ස.නි.ක්‍ර.[d] එකතුව වෙනස්වීම
  ජාතික ජන බලවේගය 17,295 47.64% 15 0 15 Increase 13[a]
  සමගි ජන බලවේගය 7,924 21.83% 2 4 6 Increase 6
  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,597 9.91% 0 3 3 14
  පොදුජන එක්සත් පෙරමුණ 2,612 7.19% 0 2 2 1[c]
  ස්වාධීන කණ්ඩායම 2,568 7.07% 0 2 2 Increase 2
  පොදුජන එක්සත් නිදහස් පෙරමුණ 1,350 3.72% 0 1 1 Increase 1
ජාතික ජනතා පක්ෂය 521 1.44% 0 1 1 Increase 1
දෙවන පරපුර පක්ෂය 388 1.07% 0 0 0 -
ජනසෙත පෙරමුණ 50 0.14% 0 0 0 -
වලංගු ඡන්ද 36,305 100.00% 17 13 30 Increase 1
ප්‍රතික්ෂේපිත ඡන්ද 520
මුළු ඡන්ද 36,825
ලියාපදිංචි ඡන්දදායකයින් 55,643
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 66.18%

මැතිවරණ කොට්ඨාස

[සංස්කරණය]
ජාතික ජන බලවේගය දිනූ මැතිවරණ කොට්ඨාස
සමගි ජන බලවේගය දිනූ මැතිවරණ කොට්ඨාස
මැතිවරණ කොට්ඨාස ජාතික ජන බලවේගය සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදුජන එක්සත් පෙරමුණ ස්වාධීන කණ්ඩායම වෙනත් එකතුව ප්‍රකාශ කිරීම
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % වලංගු
ඡන්ද
අවලංගු
ඡන්ද
සමස්ත
ඡන්ද
ලියාපදිංචි
ඡන්දදායකයින්
අම්බන-කහදූව 985 46.86% 244 11.61% 160 7.61% 154 7.33% 6 0.29% 553 26.31% 2102 42 2144 3133 68.43%
අමුගොඩ 778 33.84% 404 17.57% 436 18.96% 551 23.97% 108 4.70% 22 0.96% 2299 29 2328 3265 71.3%
අවිත්තාව 618 29.88% 914 44.20% 89 4.30% 82 3.97% 354 17.12% 11 0.53% 2068 19 2087 3086 68.07%
බටුවන්හේන 1412 52.41% 438 16.26% 191 7.09% 182 6.76% 252 9.35% 219 8.13% 2694 45 2739 4475 61.21%
ඇල්ල 817 37.05% 625 28.34% 613 27.80% 113 5.12% 9 0.41% 28 1.27% 2205 40 2245 3360 66.82%
ඇල්පිටිය 1493 66.03% 384 16.98% 89 3.94% 21 0.93% 153 6.77% 121 5.35% 2261 39 2300 3604 63.82%
ඉඳිපලේගොඩ 683 37.40% 310 16.98% 281 15.39% 41 2.25% 384 21.03% 127 6.96% 1826 31 1857 2620 70.88%
කැටන්දොල 901 48.36% 320 17.18% 270 14.49% 82 4.40% 195 10.47% 95 5.10% 1863 35 1898 2800 67.79%
කුඩාගල-කදිරන්දොල 1750 61.75% 478 16.87% 220 7.76% 130 4.59% 28 0.99% 228 8.05% 2834 29 2863 4658 61.46%
මැටිවිලිය 421 30.01% 249 17.75% 48 3.42% 399 28.44% 228 16.25% 58 4.13% 1403 26 1429 2186 65.37%
නවදගල 1084 48.33% 562 25.06% 105 4.68% 273 12.17% 69 3.08% 150 6.69% 2243 29 2272 3594 63.22%
ඕමත්ත 1107 41.18% 202 7.51% 297 11.05% 295 10.97% 661 24.59% 126 4.69% 2688 40 2728 4244 64.28%
පිණිකහන 1076 58.80% 352 19.23% 166 9.07% 57 3.11% 3 0.16% 176 9.62% 1830 31 1861 3043 61.16%
පිටිවල 712 35.35% 1132 56.21% 29 1.44% 79 3.92% 12 0.60% 50 2.48% 2014 20 2034 2780 73.17%
තලාව 1542 61.24% 574 22.80% 229 9.09% 99 3.93% 7 0.28% 67 2.66% 2518 27 2545 3894 65.36%
තිබ්බටුවාව 778 48.17% 428 26.50% 225 13.93% 17 1.05% 2 0.12% 165 10.22% 1615 20 1635 2385 68.55%
වල්ලඹගල 1138 61.78% 308 16.72% 149 8.09% 37 2.01% 97 5.27% 113 6.13% 1842 18 1860 2536 73.24%

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ a b c නිරූපණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් 2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙහිදී දිනාගත් ආසන සංඛ්‍යාව වෙයි.
  2. ^ පසුගිය මැතිවරණයට පෙර මේ පක්ෂය පිහිටුවා නොමැතිය.
  3. ^ a b නිරූපණය වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) විසින් 2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙහිදී දිනාගත් ආසන සංඛ්‍යාව වෙයි.
  4. ^ සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ පක්ෂවලට ලබාගත් ආසන සංඛ්‍යාව

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ඇල්පිටියේ ඡන්දය ඇරඹෙයි". අද දෙරණ. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 26 ඔක්තෝබර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  2. ^ "ඇල්පිටිය". දිනමිණ. 12 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  3. ^ "ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26". අද දෙරණ. 12 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ඔක්තෝබර් 2024.
  4. ^ a b "ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය". හිරු මාධ්‍ය ජාලය. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
  5. ^ Farzan, Zulfick. "CBK Back in Politics: Leads Broad Alliance for Upcoming Elections". News First (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-02-12.
  6. ^ "ඇල්පිටියේ ඡන්දය ඇරඹෙයි". අද දෙරණ. 5 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  7. ^ "ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට". ලංකාදීප පුවත්පත. 11 ඔක්තෝබර් 2019. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
  8. ^ "පස්සට ගොස් පෙරට ආ ඇල්පිටිය පුංචි ඡන්දය". සිළුමණ. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  9. ^ "Eight parties, one independent group in the fray for Elpitiya Pradeshiya Sabha Election today". Daily Mirror. 26 October 2024. 27 October 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 October 2024.
  10. ^ "Local Authorities Elections - 2024/10/26 - Final Results of the Council" (PDF). Election Commission of Sri Lanka. 26 October 2024. 27 October 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 October 2024.